Tuesday, July 16, 2024

ඇමති ජොන්ස්ටන්ගේ “ඔක්කොම සුද්දකිරීමේ” කතාවෙන් පෙන්වන මර්දන සූදානමට විරුද්ධව එකතු වෙමු! – වැඩ කරන ජන බලය

ඡායාරූපය: මිලිටරි මර්දනයට එරෙහිව නැගී සිටින මියන්මාර ජනයාගේ සංකේතය යන තෙඇඟිළි සළකුන

ආණ්ඩු පක්ෂයේ සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයාගේ කාක් පිහාටු ප‍්‍රකාශය ආණ්ඩුවේ මර්දනකාරී මුහුණුවර ප‍්‍රදර්ශනය කිරීමක්

2021 ජුනි 29 දින වයඹ මහ ඇල වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප‍්‍රගතිය පිළිබඳ සාකච්ඡුාවකදී රැුස්ව සිටි පිරිස අමතමින් ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කර තිබුණේ ‘‘ජනාධිපතිවරයා හා ආණ්ඩුව හොඳ වැඩි බවත්, එක කාක්කෙක් මරා දමා තට්ට එල්ලූවා නම් ඔක්කොම සුද්ද වන බවත්ය’’.

දිනෙන් දින උත්සන්න වන ජනතා විරෝධතාවයන් හමුවේ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මෙන්ම ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරයෙකු මෙවැනි ප‍්‍රකාශයක් කිරීම ආණ්ඩුවේ මර්දනකාරී නැමියාව ප‍්‍රදර්ශනය කිරීමක් මෙන්ම ජනතාව බිය ගැන්වීමකි. ආණ්ඩුවේ වැරදි ආර්ථික පිළිවෙත් සහ කෝවිඞ් 19 වසංගතය මර්දනය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලූ හේතුවෙන් ජනතාව තුළ බරපතල විරෝධතාවයක් මතු වී ඇත. එම විරෝධතාවලට කන් දී ජනතාවගේ ඉල්ලීම් ඉටු කරනවා විනා මේ ආකාරයෙන් වක‍්‍රාකාර තර්ජනයන් එල්ල කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ද පටහැනි කි‍්‍රයාවකි.

ගොවීන්ගේ පොහොර ප‍්‍රශ්නය, තෙල්මිල වැඩිවීම නිසා ජීවන වියදම දරා ගත නොහැකි ලෙස ඉහළ යාම, වසරකට වැඩි කාලයක් අධ්‍යාපනය නොලැබීම තුළ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මතු වී ඇති බරපතල ගැටලූ, සෙලෙන්දිවා හරහා රාජ්‍ය සම්පත අලෙවි කිරීම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ රෙගුලාසි යොදාගනිමින් දෙමළ හා මුස්ලිම් ජනයා මැඩලීම ඇතුළු මතු වී ඇති බරපතල අර්බුද හමුවේ ජනතාවට විරෝධය පළ කරනවා හැර අන් මගක් නොමැත. මේ වන විට අදහස් ප‍්‍රකාශ කිරීමේ හිමිකමට ද තර්ජනය කරමින් පසුගිය දිනවල විවිධ හේතු ඉදිරිපත් කරමින් සමාජ කි‍්‍රයාකාරීන් අත්අඩංගුවට ගැනීම, සමාජ මාධ්‍යවල මත පල කරන්නන් බිය ගැන්වීම ඇතුළු මර්දනීය පිළිවෙත්වල දිගුවක් ලෙස ඉහත ප‍්‍රකාශය සැලකිල්ලට ගන්නා වැඩ කරන ජන බලය වෘත්තීය සමිති එකතුව ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයාගේ ඉහත ප‍්‍රකාශය සම්බන්ධයෙන් බරපතල විරෝධය පළ කර සිටී.

එසේම එම තත්වයට එරෙහිව සියලූ ප‍්‍රගතිශීලී සහ වැඩකරන ජන බලවේග පෙරට පැමිණිය යුතු බව ද, ප‍්‍රකාශ කර සිටී.

ජොස්ප් ස්ටාර්ලින්
රවී කුමුදේශ්
ජගත් ගුරුසිංහ
චින්තක බන්ඩාර

Archive

Latest news

Related news