Tuesday, July 16, 2024

හමුදා ලොක්කෙකුගේ බිරිදට SMS යැවුවා කියා සුදු වෑන් පැහැර ගැනීමක්- පොලිසියට පැමිණිලි

Image courtesy of lawctopus.com.

යුද හමුදා ඇදුමට සමාන ඇදුමින් සැරසී සුදු වෑන් රථයකින් පැමිණ තම සැමියාව බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතර මග දි අමානුෂික ලෙසින් පහර දි අතරමග දමා ගිය බවට නොරොච්චෝලේ පනිඅඩියේ පදිංචි විවාහක කාන්තාවක් විසින් අද ( 30 දා ) අළුයම පොලිසියට පැමිණිළි කර ඇති බව නොරොච්චෝලේ පොලිසිය කියයි.

මෙම සිද්ධියට යොදා ගත් බව කියන වෑන් රථය අනතුරකට ලක්ව පුත්තලම පිටත රවුම් පාරේ දුම්රිය මාර්ගය අසල දමා ගොස් තිබිය දි තිබිය දි සොයා ගත් අතර ඒ තුළ තිබි යුද හමුදා ඇදුම් කිහිපයක් හමුදා කැප් තොප්පියක් ද ජාතික හැදුනුම් පතක් හා රියදුරු බලපත්‍රයක්ද මුදල් පසුම්බියක්ද තිබු බවත් පොලිසිය කියයි.

නොරොච්චෝලේ පනිඅඩියේ පදිංචි මේරි දර්ශණී මහත්මිය විසින් පැමිණ සිදු කළ පැමිණිල්ල අනුව තම ස්වාමි පුරුෂයා සමග තම නිවසේ සිටියදී 29 දා මැදියම් රාත්‍රිෙය් දි සුදු වෑන් රථයකින් හමුදා නිල ඇදුමට සමාන ඇදුම් ඇද ගත් සිව් දෙනෙකු හා සිවිල් ඇදුමින් සැරසි සිටි පුද්ගලයෙකු තම ස්වාමි පුරුෂයා වන රාජා ශ්‍රී කාන්තා ( 38) අත් අඩංගුවට ගත් අතර යුද හමුදාවේ උසස් නිළධාරියෙකුගේ බිරිදකගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩ දුන් බවට චෝදනා නගමින් සැමියා වෑන් රථයේ දමා ගෙන පැහැර ගෙන ගිය බවත් දන්වා තිබුණි.

පසුව ඉලංතඩිය මුහුදු වෙරළට රැගෙන ආ තම ස්වාමි පුරුෂයාට පැහැර ගෙන ගිය පිරිස අමානුෂිකව පහර දි වෙරළෙහි දමා පලා ගිය අතර පසුව ඔහුව පුත්තලම රෝහලට ඇතුළත් කළ බවත් කියා ඇත.

මෙම සිද්ධියේ දි තම හිතවතුන් පිරිසක් තම සැමියා පැහැර ගෙන පලා ගිය වෑන් රථය වෙනත් රථයකින් ලුහුබැද ගිය අතර එසේ යන අතර සුදු වෑන් රථය පාලවිය දෙසට ගිය බවත් කරඹ ප්‍රදේශයේ නාවික හමුදාව හා පොලිසිය ඒකාබද්ධව පවත්වා ගෙන යන පොලිස් මාර්ග බාධකයේ රාජකාරි කළ නිලධාරින් ට වෑන් රථය සම්බන්ධයෙන් පැමිණිළි කළ පසු එහි සිටි පොලිස් නිලධාරියෙකු සිය පෞද්ගලික යතුරු පැදියෙන් පලා ගිය වෑන් රථය ලුහුබැද ගිය අතර එම වෑන් රථය පුත්තලම පිටත රවමු පාර අසල දුම්රිය මාර්ගයට ආසන්නයේ අනතුරකට ලක් වීම නිසා අත්හැර දමා ගොස් තිබි හමුවු බවත් එම රථය තුළ යුද හමුදා නිල ඇදුම් කිහිපයක් පාවහන් දෙකක් ජාතික හැදුනුම් පතක් රියදුරු බලපත්‍රයක් මුදල් පසුම්බියක්ද තිබි වෑන් රථයත් සමග නොරොච්චෝලේ පොලිසියට බාරදුන් බවත් දන්වා ඇත.

නොරොච්චෝලේ පොලිසිය මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරයි.

– හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

June 30, 2021 | lanka C news

Archive

Latest news

Related news