Tuesday, April 23, 2024

කපුටු මරුවාගේ තවත් වික්‍රමයක්: බිලියන 1.5ක් බදු නොගෙවා අලුතින් අරක්කු පෙරීම

අද උදෑසන සුභ මොහොතෙන්  ආරම්භ කරන ලද අරක්කු සමාගමක් රුපියල් *බිලියන 1.5 ක* සුරාබදු ගෙවීම පැහැර හැර තිබියදී, මුදල් අමාත්‍යාංශයේ ආශිර්වාදය මැද  නිශ්පාදන කටයුතු රහසේම ආරම්භ කර තිබෙනවා.

රාජ්‍ය බැංකුවලට රුපියල් බිලියන ගණන් ණය ගෙවීමට තිබියදී, මහබැංකු හොරු අල්ලන්නට පැමිණ මුදල් අමාත්‍යාංශ ලොක්කන්, මහබැංකු හොරුන්ටම සුපිරි වරප්‍රසාද දෙමින් අරක්කු නිපදවීම සඳහා විශාල අනුග්‍රහයක් දක්වද්දී, “බොරු අරක්කු විරෝධීන්” නිහඬව සිටීම විහිළු සහගතය.

එම වංචා කල බදු මුදල පමණක් භාවිත කර, රටට අවශ්‍ය ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර තුන් සියයක් පමණ ගෙන් වා, විශ්ලේෂක පරීක්ෂණ තුනක් ලක්ෂටක් පමණ එකවර සිදු කළ හැකිය.

එන්නත් ලක්ෂ පහකට වඩා ගෙන්විය හැකිය. දරුවන් සඳහා ටැබ් පරිඝණක ලක්ෂයකට වඩා ලබා දිය හැකිය.

ඒ නිසාම මුදල් අර්බුදයක් පවතින බව පවසමින්, රට හිගාකන තත්ත්වයට පත්ව ඇති මොහොතක, මෙලෙස බැංකු හොරුන්  පලවාහැරීමට පැමිණීම් මුදල් අමාත්‍යාංශයේ ලොක්කන්, බදු වංචා කිරීමට  හොරුන්ට ම පවරා දෙමින් සිටීම කණගාටුදායකය.

රවී කුමුදේශ්
කැදවුම්කරු
වැඩකරන ජන බලය.

Archive

Latest news

Related news