Friday, May 3, 2024

චීනයේ සිනොවැක් එන්නත ලංකාවට දෙන්න පුදුමාකර කොන්දේසි; මිල තනිකර රහසක්!

එන්නත් නැතිකමේ ප්‍රශ්ණයට මැදිව සිටින රාජපක්ෂ ආණ්ඩුව වෙනත් කිසිදු අන්තර් ජාතික එන්නත් සමාගමක් විසින් ඉදිරිපත්කර නැති කොන්දේසි ගණනාවකට චීන සමාගමක් සමඟ එකඟ වී තිබේ.

මේ සිනොවැක් Sinovac-CoronaVac නම් එන්නත ලබා ගැනීමටය.

ඉන් එකක් නම් චීනය එම එන්නත ලංකාවට ලබා දෙන මිල සම්පූර්ණ රහසක් ලෙස තබා ගත යුතු බවයි. කවර ආකාරයකින් හෝ එම මිල ප්‍රසිද්ධියට පත් කළ හොත් එන්නත ලබාදීම චීනය විසින් එවේලේම නතර කරනු ලැබේ.

දෙවැනි කොන්දේසිය නම් අඩුම වශයෙන් සිනොවැක් එන්නත් මාත්‍රා මිලියන 13ක් ශ්‍රී ලංකාව මිලට ගතයුතු බවයි. ඉන් මිලියන 3ක් මුදල අත්තිකාරමක් ලෙස ගෙවිය යුතුය.

අල්ලස් දීම අතින් ලෝක ප්‍රසිද්ධ වී සිටින චීන සමාගම් මෙළෙස කොන්දේසි පනවා ඇත්තේ මෙරට ජනයාගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සම්පූර්ණයෙන්ම යටපත් කරමිනි.

සදා නිම කරන ලද සිනොවැක් එන්නත් ද්‍රාවනය මෙරටට    ගෙනැවිත් ඇසිරීම කරනු ලබන්නේ පල්ලේකැලේ පිහිටි පුද්ගලික සමාගමකදීය. එම එන්නත මෙරටට ගෙන ඒමේ ඒජන්තවරයා වන්නේද එම සමාගමයි. කෙලූන් ලයිෆ්සයන්ස් නම් එම සමාගමේ සභාපති එන්.නඩරාජා ඇමැති චන්න ජයසුමනට මෙම කොන්දේසි දක්වා ලිපියක් පසුගිය 13වන දින යවා තිබේ.

ඇමැති චන්න ජයසුමන එම කොන්දේසි පිළිගෙන තිබේ.

මෙයට පෙර ඉතාම අඩු මුදලකට ඇස්ට්‍රා සෙනකා එන්නත ලංකාවට ලබා දුන් ඉන්දියාව එවැනි කිසිදු කොන්දේසියක් පැනවූයේ නැත.

ලංකාවේ දැනට භාවිත වන සයිනොපර්මා එන්නත් මාත්‍රාවට ශ්‍රී ලංකා ආණ්ඩුව ඇමෙරිකානු ඩොලර් 15ක් ගෙවූ අතර බංගලිදේශය ගෙවූයේ ඩොලර් 10යක් පමණක් බව මෙරට ජනමාධ්‍ය වාර්තා කළේය.

චින එන්නත් රටින් රටට අළෙවි කරන මිල ගණන් වෙනස් වන්නේ එම රටවල බලගතු පුද්ගලයින්ට ගෙවන කොමිස් ප්‍රමාණය අනුව බව කියනු ලැබේ.

සිනොවැක් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇත්තේ වයස 18ට වැඩි සහ 60ට අඩු අය සඳහා පමණි. එම අනුමැතිය දෙන ලද්දේ මෙම මස පළවැනිදාය. ඒ වන විටත් කෙලූන් ලයිෆ්සමාගම මෙරටදී එන්නත ඇසුරුම් කිරීම පිනිස අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ඇනවුම් කර තිබි ඇති අතර එම යන්ත්‍ර සූත්‍ර හෙට අනිද්දාම මෙරටට ගෙන එනු ඇතැයි ද කියැවේ.

Archive

Latest news

Related news