Monday, May 20, 2024

චීන කොමියුනිස්ට් පක්ෂ ශත සංවත්සරයට රාජපක්ෂ ආණ්ඩුවෙන් රන් කාසියක්!

මෙයට පෙර කිසි දිනෙක  සිදු කර නැති පරිදි විදේශීය දේශපාලන පක්ෂයක් වන චීන කොමියුනිස්ට් පක්ෂයේ  සිය සියවස් සැමරුම් උත්සවය සඳහා විශේෂ කාසියක් නිකුත් රාජපක්ෂ ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙමගින් ශ්‍රී ලංකාවේ නොබැඳි විදෙස් නොමැති බව ලොවට පෙන්වනු ඇත.

මෙම තිරණය රාජපක්ෂවරැන් විසින් ශ්‍රී ලංකාව චීනයට උගස් කරමින් සිටින්නේය යන චෝදනාවට තවත් කරුණු සැපයීමක් වනු ඇතැයි කියැවේ.

මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙම තීරණය සනාථ කළ බව සන්ඩේ ටයිම්ස් පුවත් පත පවසයි.

විදේශ රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයන්හි වැදගත් සන්ධිස්ථාන සනිටුහන් කිරීම සඳහා සමරු කාසි නිකුත් කිරීම මෙයට පෙර සිදු කර ඇති නමුත්  විදේශීය දේශපාලන පක්ෂයක් වෙනුවෙන් එවැනි කාසි නිකුත් කර නැත.

ශ්‍රී ලංකාව හැරුණ විට මෙම චීන කාසි නිකුතු කරන රටවල් මොනවාදැයි දැන ගන්නට නැත.

ශත සංවත්සර සැමරුම සඳහා සුභ පැතුම් ලෙස චීනය විසින් කාසි මුද්‍රණය කර ශ්‍රී ලංකාවේ මහ බැංකුවට සහ අනෙකුත් මිත්‍ර රටවලට නොමිලේ ලබා දීමට ඉඩ ඇති බව ද වාර්තා වේ.

චීන ආණ්ඩුව රන් කාසි තුනක්, රිදී කාසි පහක් සහ තඹ මිශ්‍ර ලෝහ කාසියක් ඇතුළුව කාසි වර්ග නවයක් නිකුත් කරන බව ද වාර්තා වී තිබේ.

මෙම රන් කාසි මත පින්තූර සංයෝජනය කර ඇති අතර ෂැංහයි හි පැවති පළමු චීන කොමියුනිස්ටි පක්ෂයේ  ජාතික සම්මේලනය පැවැති ගොඩනැගිල්ල සහ චීන කොමියුනිස්ටි පක්ෂයේ ලාංචනය එහි දැක්වේ.

දේශපාලන විචාරකයකු වන නීතිඥ ශිරාල් ලක්තිලක ෆේස් බුක් සටහනක් මගින් කියන්නේ  රාජපක්ෂ ආණ්ඩුව කාසි නොමිලයේ ලබා දීමට යන බවයි.

Archive

Latest news

Related news