Tuesday, July 16, 2024

විදෙස් ප්‍රේශණ පහළ ගිය බවට ජාතිය ඇමතීමේ කතාවේ තවත් පචයක් හෙළිදරව් වේ

ජාතිය ඇමතීමේ කතාවේ තවත් මහ පචයක් හෙළිදරව් වේ

ජනාධිපති රාජපක්ෂ පසුගිය දා  ජාතිය අමතා කතා කරමින් මෙසේ කීවේය.

“විදේශ රටවලත් කර්මාන්ත වසා දැමීම නිසා අපේ විදේශගත ශ්‍රමිකයින් ආපසු එන්න පටන් ගත්තා. ඔවුන් බොහෝ දෙනෙකුගේ රැකියා අහිමි වුනා. වසංගතයට බියේ ලංකාවට ආපසු ආ ලක්ෂ 2 කට අධික විදේශගත ශ්‍රමිකයින් බොහෝ දෙනෙකුට ආපසු ඒ රටවලට යන්න තවමත් ඉඩ ලැබී නෑ. ලංකාවට ලැබුණු විදේශ ප්‍රේෂණ මේ නිසා අඩු වුනා.”

වසංගතය නිසා ලක්ෂ 02ක් ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවක සේවිකාවන් ආපසු පැමිණයේ යැයි ජනාධිපතිවරයා කරන ප්‍රකාශය පැහැදිළි නැත. එතරම් ප්‍රමාණයක් පැමිණියේ නම් ඔවුන් නිරෝධායන කඳවුරු හෝ හෝටල්වල නතර කළ බවට සංඛ්‍යා ලේඛන තිබිය යුතුය. එතරම් සංක්‍රමණික සේවක සේවිකාවන් නිරෝධායනය කළ බවට සාක්ෂි නැත.

ඊටත් වඩා සංඛාත්මක බොරුව වන්නේ කොවිඩ් තත්වය නිසා මෙරටට ලැබුණූ විදේශ සම්ප්‍රේශන අඩු වූ බවට කියන කතාවය.

ඩේලි ඒෆ් ටී පුවත්පත  විසින් පළ කර ඇති මහ බැංකු දත්ත නිරූපණය කරන ඉහත  ප්‍රස්ථාරයෙන් සනාථ වන්නේ 2019යෙන් පසු  විදේශ ප්‍රේෂණ 2020 දී 5.9% කින් ඩොලර් බිලියන 7.1 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙම ප්‍රවණතාවය තවමත් එළෙසම පවති. 2021 පළමු මාස ​​පහ තුළ ඩොලර් බිලියන 2.8 ක විදේශ ප්‍රෙශණ ලැබි ඇති අතර එය 2020 වසරෙහි අනුරූපී කාලයට වඩා 18% ක වර්ධනයකි.

COVID-19 වසංගතයෙන් පීඩාවට පත් රටවලින් සංක්‍රමණික සේවකයින් නැවත පැමිණීම, විදේශයන්හි සිටින සමහර කම්කරුවන්ගේ රැකියා අවසන් කිරීම සහ රැකියා සඳහා නව නික්මයාම නැවැත්වීමත් සමඟ 2020 මාර්තු සිට මැයි දක්වා කාලය තුළ ප්‍රේෂණ අඩු වූ බව 2020 මහ බැංකු වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි. කෙසේ වෙතත්, 2019 දී ඇති වූ  4.3% ක අඩුවීමකට සාපේක්ෂව 2020 දී 5.8% ක වර්ධනයක් දක්වා සංක්‍රමනික සේවක සේවිකාවන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.

මේ අනුව ඉතා පැහැදිළිව පෙනෙන්නේ ජනාධිපති රාජපක්ෂ දැනුවත්ව හෝ නොදැනුවත්ව සිය ජාතිය ඇමැතිමේ කතාවෙහිදී ජනතාව යළිත් අන්දවා ඇති බවයි.

මෙයට පෙර අප වාර්තා කළ පරිදි මෙරට සමස්ත පාසල් සංඛ්‍යාවටම වාගේ පයිබර් ඔෆ්ටික් අන්තර් ජාල සබදතා ලබාදී ඇතැයි කී කතාව සනාථ කිරීමට සාක්ෂි සපයන්නැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් කළ අභියෝගයට ජනාධිපති මාධ්‍ය අංශය හෝ තවම පිළිතුරු දී නැත. ජනාධිපතිවරයාගේ කතාවෙහි ඉංග්‍රිසි පිටපතට අනුව එළෙස පයිබර් ඔෆ්ටික් සබඳතා ලාබ දී ඇති පාසල් ප්‍රමාණය දස දහස් ගණනාවකි. (Tens of thousands of schools have been provided with fiber optics internet connections.)

මෙම පට්ටපල් බොරුව ගැන මෙහි කියවන්න.

තවත් පට්ටපල් බොරුවක් වන්නේ රුපියල් 5000 කොවිඩ් සහනාධාරය ලබා දීම සඳහා එක්වරකට රුපියල් බිලියන 30ක් වැය කරන බවය කී කතාවයි. ඒ් අනුව මෙරට සෑම නිවසකටමත් සමහර නිවෙස්හි දෙතුන් දෙනෙකුටත් ඒම රු. 5000 ලැබී තිබිය යුතුය. ඒ් පිළිබඳව මෙහි කියවන්න.

 

 

Archive

Latest news

Related news