Friday, April 26, 2024

ආණ්ඩුවට වෛද්‍ය විශේෂඥයින්ගෙන් ආණ්ඩුවට අනතුරු හැඟවීමක්: “මේ කෝවිඩ් 19 එන්නත්කරණයේ අවුල් ජාලය විසදීමට ඇති අන්තිම අවස්ථාවයි”

ඡායාරූපය: මගේ ලිස්ට්  එකට විතරයි ගහන්න ඕන කියන මොරටු නගරාධිපතිගේ යකා නැටිල්ල.

ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 එන්නත්කරණය – අප කරන්නේ කුමක්ද සහ වර්තමාන අවුල් ජාලයට වගකිව යුත්තේ කවුද? යන මැයෙන් වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය 27දා  නිවේදනයක් නිකුත් කරන ලදී.

එහි මෙසේ සඳහන් වේ:

කොවිඩ් එන්නත් කිරීමේ වැඩසටහන තුල මොරටුව නගරාධිපතිගේ මැරකම ප්‍රදර්ශනය කෙරෙනු ඊයේ අපි දුටුවෙමු.

එම මැරකමට මුහුණ දුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ ධෛර්යය සහ අවංකභාවයට ආචාර කරන අතරම ඉහළ පෙළේ රාජ්‍ය සේවිකාවක ආරක්ෂා කිරීමට තම බලය යෙදවීමට අපොහොසත් වූ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට අපි දොස් පවරමු.

එන්නත්කරන ක්‍රියාවළිය තුළ කුරුණෑගලදී සහ ගාල්ලේදී ද   දේශපාලන දේශපාලනඥයින්ගේ එවැනි අවලස්සන ක්‍රියා කිහිපයක් ගැන ද අපට දැන ගන්නට ලැබී ඇත.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාගැනීම සම්බන්ධයෙන් බලගතු සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිතියේ (එනම් GMOAහි – ශ්‍රී ලංකා බ්‍රීෆ්) ඇතැම් ක්‍රියාමාර්ගවලට එරෙහිව අපි දැනටමත් විරෝධය පළ කර ඇත්තෙමු.

දේශපාලන හෝ වෘත්තීය සමිතිවල පිටුබලය ඇති ඕනෑම කණ්ඩායමක හෝ පුද්ගලයින්ගේ එවැනි මැදිහත්වීම් අපි හෙළා දකිමු.

මෙම තීරණාත්මක අවස්ථාවෙහිදී කොවිඩ් -19  එන්නත්කරණ වැඩසටහනේ ග්‍රහණය බලධාරීන් අතින් ගිලිහී යාම හේතුවෙන් ඇතිවිය හැකි අවුල් සහගත තත්වය වෘත්තිකයන්ගේ වෘත්තීය සමිතියක් වශයෙන් අප ඉතා පැහැදිලිව පුරෝකථනය කර ඇත්තෙමු.

සාමාන්‍ය බුද්ධිය ඇති ඕනෑම තාර්කික පුද්ගලයෙක් එය සමස්ත වැඩසටහනේ සාර්ථකත්වයට මෙන්ම අපගේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමට  අහිතකර බලපානු ඇති බවත් තේරුම් ගන්නවා ඇත.

මෙම කල්ගිය අවස්ථාවෙහිදී හෝ පවා පැහැදිලි හා ඍජු එන්නත්කරණ  සැලැස්මක් හඳුන්වා දෙන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු. වසංගතයට සාර්ථකව මුහුණ දෙමින්  ජනතාවගේ විශ්වාසය ගොඩ නැගීමට එවැනි සැළැස්මක් අවශ්‍යය. එන්නත්කරණ ක්‍රියාවළිය යහමඟට ගැනීම සඳහා ඇති අවසාන ගලවා ගැනීමේ මෙහෙයුම මෙය වනු ඇත.

එබඳු ස්ථිර, සංවිධානාත්මක සැලැස්මක් නොමැත්තේ නම් අපගේ ඉලක්කය සපුරා ගැනීමට අප අසමත් වනු ඇත.

තවද, එන්නත්කරණයේ ලා සඳහා විද්‍යාත්මක ප්‍රමුඛතාවය උල්ලංඝනය කරමින් විවිධ කණ්ඩායම් විසින් සිදුකරන ලද මෙවැනි මැදිහත්වීම් දැනටමත් ජාත්‍යන්තරව අපගේ “එන්නත් කීර්තිය” සහ නුදුරු අනාගතයේ දී අවශ්‍ය එන්නත් මිලදී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන්  අපට විශාල හානියක් සිදු කර ඇත.

එබැවින් මෙය අපගේ සුවසේවා ඉදිරි පෙළ සහ මහාජනතාව සඳහා එන්නත විද්‍යාත්මකව සහ නිසි  පදනමකින් ලබා ගැනීම සඳහා මෙම අවුල් ජාලය විසදීමට ඉහළම මට්ටමින් මැදිහත් වීමට ඇති අන්තිම අවස්ථාව බවට අදාළ බලධාරීන්ට අනතුරු ඇඟවීමට අපි කැමැත්තෙමු.

( ඉංග්‍රිසි බසින් නිකුත් කරන ලද නිවේදනය අසුරිනි)

Archive

Latest news

Related news