Wednesday, May 1, 2024

ග්‍රාම නිලධාරි වර්ජනය සහ අනෙක් වර්ජන තර්ජන හමුවේ ගෝඨාභය මර්දනය අතට ගනියි; සේවා ගණනාවක් අත්‍යවශය කරයි!

දින හතරක් පුරා පවතින  ග්‍රාම නිලධාරී වැඩ වර්ජනයක හමුවෙහි කර කියා ගත දෙයක් නැතිව ගිය රාජපක්ෂ ආණ්ඩුව අද ගැසට් නිවේදනයක් මගින් එම සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන ලදී.

ජනාධිපතිවරයාගේ කතාවකට විරුද්ධත්වය පළකරමින් තම සේවාවාද වර්ජනයකට යන බව අද සෞඛ්‍ය වෟත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ නායක රවි කුමුදේශ් අද ප්‍රකාශයක් කර තිබුණි. එය මෙහි දැක්වේ.

එම ගැසට් නිවේදනය මගින්ම වරාය ,ඉන්ධන පොදු ප්‍රවාහන ,මහ බැංකුව , රාජ්‍ය බැංකු ඇතුළු ආයතනවල සේවා ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ගේ සේවා අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත .

මීට අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 

Archive

Latest news

Related news