Tuesday, May 21, 2024

වසංගතය හමුවේ මිත්‍යාව සහ විද්‍යාව: රාජපක්ෂවරු ආයෙත් පේල්

ඊයේ එනම් අපේ‍්‍රල් 28 වන දින එක් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම කොරොන වයිරස් රෝගීන් 1,451 ක් වාර්තා වී තිබේ. රෝහල් හා දැඩි සත්කාර පහසුකම් පුළුල් කිරීමට උත්සාහ කළද දෛනික මරණ සංඛ්‍යාවෙහි අඩවක් සිදුව නැත.

සිංහල දෙමළ අලුත් අව්රුද්දට සහ වෙනත් උත්සව සදහා සිය ගණන් ජනයා කොවිඩ් ආරක්ෂන රීති නොසළකා එක් රුස්වීම මෙම හදිසි වර්ධනයට හේතුව ලෙස දැක්වේ.

එනමුත් රාජපක්ෂ රජය කඩා වැටෙමින් පවතින සිය දේශපාලන ප්‍රතිරූපය පවත්වා ගැනීම සදහා රජය විසින් වසංගතය පාලනය කර ඇතැයි යන බොරුව සමාජ ගතකරමින් කල් බැලුවේය. ඇත්ත හේතුව එයයි.

සියළුම වෛද්‍ය අංශ මැයි මාය වන විට වඩාත් දරුණු තෙවන රැල්ලක් ඇතිවන බවට අනතුරු හඟවා සිටියද ආන්ඩුව එය ගණනකට ගත්තේ නැත.

පසුගිය දින අට තුළ තහවුරු වී ඇති නව රෝගීන් 7,481 ක් ලෙස දැක්වුණද පීසීආර් හෝ ඇන්ට්ජන් පරීක්ෂන ප්‍රමාණය වැඩි කළ හොත් මෙම ප්‍රමාණය තුන් ගුණයකින් පමණ ඉහළ යා හැකි බව කියනු ලැබේ’

මේ අතර බස්නාහිර පලාත් සීමාවේ ස්ථාන 12 ක ස්ථාපිත කර තිබූ අහඹු PCR පරික්ෂණ කිරිමේ මධ්‍යස්ථාන වහාම ඉවත්කරගන්නා ලෙස “ඉහළින් නියෝග” නිකුත් කර ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.
“අද වන විට රට ඉතාමත් භයානක තැනකට ඇදවැටී තිබෙනවා. මුලු රටම ලොක්ඩවුන් කර සමාජයේ සිටින සියලුම ආසාදිතයන් සොයා පරික්ෂණ කල යුතු අවස්ථාවක අහඹු PCR පරික්ෂණ සිදුකරිම නතර කිරීමට නියෝග දෙන්නේ සමාජයේ කොරෝනා ආසාදිතයන් අඩුවු බව පෙන්වීමට නම් එය ඉතාමත් භයානක ප්‍රතිපල අත්කර දේවි.” මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසූ බව ලංකා ට්රුත් වාර්තා කරයි. 

මෙරට දැන් පැතිරෙන්නේ එක්සත් රාජධානියේ SARS-Cov-2 ප්‍රභේදය බවත් එම ප්‍රභේදය නිසා රෝගීන් අතර නියුමෝනියාව වේගයෙන් වර්ධනය වන බවත් වෛද්‍ය අංශ වාර්තා කරති.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ චන්දිමා ජීවන්දරට අනුව බී .1.1.7 ලෙස හැදින්වෙන එම බ්‍රිතාන්‍ය ප්‍රභේදය දැන් මෙරට වසංගතයේ ප්‍රධාන වයිරස බවට පත්ව තිබේ. එය ඉතා ඉක්මනින් බෝවන ප්‍රභේදයකි.

දූපත් රාජ්‍යයන් වන නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් නිසි සුව සේවා ක්‍රම අනගමනය කිරීම මිගින් වසංගතය පාලනය කර ගැනීමට සමත් වී තිබේ. නමුත් එවැනිම දූපත් රාජ්‍යක් වන මෙරට රජ්‍ය වසංගතය පාලනය කිරීමට සහමුලින්ම පාහේ අසමත් වී සිටී.

සංචාරක ව්‍යාපාරය යළි ගොඩ නැගීමට යැයි ආගමන විගමන නීති ලිහිල් කරන ලද අතර එළෙස ගෙන්වන ලද සංචාරකයින් බොහෝ විට කිසිදු සෙෘඛ්‍ය පිළිවෙතක් අනුගමනය කළේ නැත.

වසංගතය පෙර දැවන්ත ව්‍යසනයක් බවට පත්වෙමින් තිබූ ඉන්දියාවෙන්ද සංචාරකයින් ගෙන්වා ගැනීමට ඊයේ පෙරේදා වන තුරුම ආන්ඩුව අවසර දී තිබුණි.

එන්නත් කරන ලද පුද්ගලයින්ට වුවද රෝග ලක්ෂණ මෘදු වුවත් ආසාදනය විය හැකි බව වාර්තා වී තිබේ.

දැන් නිල වශයෙන් දක්වනු ලබන මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 662 කි.

කොවිඩ් -19 රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර ඒකකයේ පහසුකම් හිඟ වීමෙන් පසු අවම වශයෙන් එක් අයෙකු මාවනැල්ල රෝහලේදී පසුගිය දා මිය ගියේය.

කොව්ඩ් වසංගතය හමුවේ රාජපක්ෂවරුන් උත්සාහ කළේ ජනතාවට ඇත්ත කීම නොව මිත්‍යවන්හි සිර ගත කොට තමන්ගේ රාජකීය බලය මගින් රෝගය මැඩ පැව්ත්විය හැකි යැයි මවා පෙන්වීමය.

ඒ සඳහා රාජපක්ෂ රාජකීය වෛද්‍යවරයාගේ ජල මුට්ටි ගංගාවන්ට දැමීම වසංගතය පරාජය කිරීමේ සාර්ථක පියවරක් ලෙස පින්තාරු කරන ලදී.

රාජපක්ෂවරුන්ගේ සෙෘඛ්‍ය ඇමැතිවරයකු වන චන්න ජයසුමන නම් මිත්‍යා දෘෂ්ටිකයා විසින් නවික හමුදා සෙබලුනට දුම් මුට්ටි හදුන්වා දෙන ලද්දේ ද තවත් මායාවක් ලෙසය. අද දුම් මුට්ටි දකින්නට වත් නැත. එම චන්න ජයසුම විසින්ම පාරම් බෑ වංචාකාරී ආයුර්වේද ඔෘෂධවලටද වූ දෙයක් නැත.

ඉන්පසුව කවත් බොරුකාරයකු වූ කෑගල්ලේ ධම්මික නම් පුද්ගලයකුගේ පැනියක් ප්‍රවර්ධනය කරන ලද්දේ පාර්ලිමේන්තුව පවා උපයෝගී කර ගනිමින් කතානායක මහින්ද යාපා විසිනි. දැන් එම පැනිය ගැන අසන්නටවත් නැත.

ආන්ඩුවේ හොරණැවක් වන අයිටීඑන් නම් පව මෝල රාවණා කාලයේ සිට පැවැත එන ඔෘෂධයක් යැයි කී වතුරක් සිය ආයතනයේ සේවක සේවිකාවන්ට ලබාදුන්නේ එම බොරුව සමාජ ගත කිරීම උදෙසාය. අද ඒ රාව හොර ගෙඩියාටද වූ දෙයක් නැත.

සෑම ටියකුම ආගම පිටුපස සැඟවෙන්නා සේ රතන සුත්‍රය දේශණා කිරීම මිගන් වසංගතය දුරු කළ හැකි යැයි කියා කන් පැලෙන තුරු එය වාදනය කළහ.

මාක්ස් කී ලෙස “ අවසානයේදී හිම දියව ගොස් මිනිසාට තමා පිළිබඳ ඇතතට මුහුණ දෙන්නට සිදුවන පරිදි” වෙන්ඩ හිටිලර් ලෙස වර්ණනා කරනු ලැබුවා වූ ගෝඨාභය රාපක්ෂට ඇත්ත පිළිගැනිමට සිදුවිය.

තමන්ගේ සහචරයින් විසින් බෙදා හරින ලද සියලූ මායාවක් වමාරා ඔහුට කියන්නට සිදු වූයේ “ කොවිඩ් වසංගතයට එකම විසදුම එනනත් කිරීම පමණයි” කියාය.

දැන් කැළණි නයා, පිරිත් ජල මුටිට්, දුම් මුට්ටි, කැගලු පැණි. රාවනා පැණි. රතන සූත්‍ර දේශනා නොව විද්‍යාව පෙරමුණට පැමිණ තිබේ

තවද එන්නත් ලබාදීම කිසිදු ක්‍රමවේදයකට අනුව සංවිධානය කිරීමටද රාජපක්ෂවරු අසමත් වුහ. කොවිඩ් පාලනය කිරීමට යැයි පෙරනල්වරැන් සෑම දිසිත්‍රක්කයකටම පත් කළද ඔඔහනු එන්නත් ලාබදීම ක්‍රමවත් කිරීමට අසමත් වූහ. තමන්ගේ ඥාති මිත්‍රාදීන් හැමට බොහෝ වෛද්‍යවරු එන්නත ලබා ගත්හ. පොලිමේ සිටි මැදි වයස් අයටත් එන්නත ලැබුණි. එන්තග ලබා ගත් අයගේ ලැයිස්තුවක් කිසිදු ග්‍රාම සේවකවරියක හෝ වරයකු අත නැත. දෙවැනි එන්නත ලබා ගත් හැක්කේ කවදාදා කොහිදීද කියා පළමු එන්නත ලබා ගත් අය දන්නේද නැත.

රාජපක්ෂවරුන්ටග් පාලනය  ජාතික ආරක්ෂාව ගැන උගුර ලේ රහවන තුරැ කතා කළත් සෙෘක්‍ය ආරක්ෂාව අතින් නම් ඉන්නේ  බිංදුවේය.

 

 

 

Archive

Latest news

Related news