Monday, May 20, 2024

අසේල සම්පත්ට හිරගෙදරදී පහරදීම ගැන සිරකරු අයිතිවාසිකම් කමිටුව පරීක්ෂනයක් ඉල්ලයි! (වීඩියෝ)

ඡායාරූපය: අසේල සම්පත් නිදහස්කර ගැනීම පිනිස සහභාගි වූ ජනබල පවුර පිරිස. (සේනක පෙරේරා මුහුණු පොතිනි)

පසුගිය අප්‍රේල් 13වදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලදුව පසුගිය 19වන දින ඇප මත නිදහස් කරන ලද  පාරිභෝගික අයිතීන් ක්‍රියාධර අසේල සමපත්ට සිර ගෙදරදී පහරදී ඇති බව දක්වන සිරකරු අයිතිවාසිකම් කමිටුව ඒ ගැන පරීක්ෂණයක් ඉල්ලා  පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජගත් නම් බන්ධනාගාර නිලධාරියකු විසින් තමාට පොල්ලකින් පහරදුන් බවත් තවත් දෙදෙනෙකු එම පහරදීමට එක්වූ බවත් තමාට ඔවුන් හදුනාගත හැකි බවත් අසේල සම්පත් ප්‍රකාශ කරයි.

ආසේල සම්පත් අතුඅඩංගුවට ලන්නා ලද්දේ දෙවසරක් පැරනි වරෙන්දුවකට වුවත් ඇත්ත හේතුව නම් සමාජ ක්‍රියාකාරීන් බියවැද්දවීම බව දේශපාලන අංශ කියා සිටියහ.

Archive

Latest news

Related news