Tuesday, July 16, 2024

හිට්ලර් ආරූඩය: ජනාධිපති කළ වාග් ප්‍රහාරයෙන් විජේදාස රාජපක්ෂ ජීවිතයට බියෙන්!

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් පාලක පක්ෂයේ මංත්‍රීවරයකු වන විජේදාස රාජපක්ෂ තමාට අසැබි වචනයෙන් බැන වැදුනේයයි ජනාධිපති රාජපක්ෂට චෝදනා කරයි

ගෝඨාභය රාජපක්ෂ  එකළ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්ව සිටි  ඔහු ජනමාධ්‍ය හමුවෙහි පවා එවැනි බියජනක හැසිරීමක් පෙන්නුම් කළේය.

ජනාධිපති වරයෙකුට නොගැලපෙන මහා ද්වේශයකින් වෛරයකින් ආවේගශීලී ව පහත් ලෙස තමනට බැණ වැදණු බව විජේදාස රාජපක්ෂ එම වීඩියෝවෙහි කියා සිටී

යහපාලන ආන්ඩුව සමයෙහි  අධිකරණ ඇමැති ධුරය  දරමින් තමා කිසිසේත්ම ගෝඨාභය රාජපක්ෂ අත් අඩංඟුවට ගැනිමට ඉඩ නොදෙන බව ප්‍රසිද්ධියේ පවසා සිටියේද මෙම විජේදාස රාජපක්ෂමය. ඔහු එම අවස්ථාවෙහි නීතිපති දෙපාර්ථමේන්තුවට බලෑපෑම් කර ගෝඨාභය නීත්‍යානුකූලව අත් අඩංගුවට ගැනීම පවා වලක්වන ලද බවට චෝදනා එල්ල විය. තවද ගෝඨාභය රාජපක්ෂගේ ගජයකු වන ඇවන්ගාඩ් සේනාධිපතිද විජේදාස රාජපක්ෂගේ මිතුරෙකි.

මාද අකමැත්තෙන් වුවත් ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කළ භාෂාවෙන් ම ප්‍රතිචාර දැක්වූ බවත් තමන් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර ඇති බවත් තම දරු පවුල ගැන බියක් ඇති බවත් තව දුරටත් කියා සිටියේය’

“බල්ලා, ඌරා, තෝ හොර රාජපක්ෂ කෙනෙක්, උඹ දන්නෙ නෑ නියම රාජපක්ෂලා කියන්නෙ කව්ද කියලා,” ආදී තිත්ත පහත් භාෂාවෙන් ජනාධිපති ගෝඨාභය විජේදාසට බැන වැදී ඇතැයි ලංකා ඊ නිව්ස් වාර්තා කරයි.

මෙම බැණවැදීමට පාදක වී ඇත්තේ ඊයේ පුවත්පත් සාකච්ජාවක් පවත්වා විජේදාස ජපක්ෂ ගෝඨාභ්‍ය සහ බැසිල් යන රාජපක්ෂවරුන්ට එල්ල කළ දරුණු වාග් ප්‍රහාරයයි.

එහිදී ඔහු මෙසේ කී බව ලීඩර් වෙබ් අඩවිය වාර්තා කළේය,

ඇමරිකානු පුරවැසියන් දෙදෙනෙකු මේ රට කොල්ලකමින් සිටින බවටත්, ජනාධිපතිවරයා පඹයකු කර රජයේ සියලුම තීන්දු තීරන ගනු ලබන්නේ මිස්ටර් ටුවෙන්ටි ප්‍රසන්ට්. මෙරට නිල නොවන ජනාධිපති බැසිල් රාජපක්ෂ. අද වන විට ගෝඨාභය රාජපක්ෂ මෙරට කිසිදු තීන්දුවක් නොගන්නා ඔහු පඹයෙක් ගේ චරිතය රඟපායි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂගේ අතකොලුවක් පමණකි.

අගමැති මහින්ද රාජපක්ෂ කියන දෙයක් ඒ කිසිවකු ගණන් නොගනී.

අද වන විට ශ්‍රී ලංකාව මහා අරාජික තත්ත්වයකට පත්වී ඇත.

ඒ නිසා ගම සමග පිළිසඳර සෙල්ලම නතර කළ යුතුයනාධිපතිවරයා එවන් බාල බොළඳ වැඩ නොකළ යුතු අතර ගම සමග පිළිසඳර සිදු කිරීමට ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරුන් 8,400ක් රට පුරා සිටී.

ආර්ථිකය කඩා වැටුනු, ගිනිගන්නා රටේ ඇත්ත ප්‍රශ්ණ විසදීමට කිසිවෙකු ඉදිරිපත් නොවනු ඇත”

Archive

Latest news

Related news