Tuesday, July 16, 2024

වරාය නගර නීතියට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් උසාවිය යයි.

වරාය නගරයෙහි පරිපාලන කටයුකු සඳහා රාජපක්ෂ ආන්ඩුව විසින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි අභියෝගයට ලක් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද තීරණය කර තිබේ.

මෙම පනත පාර්ලිමේන්තුවෙහි සභාගත කරන ලද්දේ පසුගිය අටවනදාය. ඉන්පසු එවැනි පනතකට එරෙහිව විරෝධතා අධිකරණය හමුවෙහි ගොනු කිරීමට නිල වශයෙන් ඇත්තේ සතයක කාලයක් පමණි. 09දා සිකුරාදාවක් වූ අතර 10,11,12, 13,14 යන දවස් පහම නිවාඩු දින විය. එනයින් විරෝධතා ගොනු කිරීමට වැඩ කරන දවස් තිබුණේ දෙකක් පමණි. අලුත් අව්රැදු නිවාඩු සමයයද ඇතුළත් වන සේ පනත 08වන දින සභාගත කරන ලද්දේ විරෝධතා ඉදිරිපත් කිරීමට  අඟුලු දැමීමක් ලෙස යැයි නීති අංශ කියා සිටිති.

එසේ නමුත් රාජපක්ෂවරුන්ගේ එම උගුළ වැරදිනි. දැන් සමගි ජන බලවේගය, එක්සත් ජාතික පත්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ 43වන සේනාංකකයද  ලේඛක ගාමිණි වියන්ගොඩ සහ අනිද්දා කර්තෘ ජනරංජනයද ඇතුළ තවත් පිරිස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පනත අභියෝගයට ලත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියා සිටින්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවලට අදාළ වන නීති හා රෙගුලාසි මාලාවකින් නිදහස් කර ඇති චීනයේ පිටුබලය ලබන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගරය ක්‍රියාත්මක කිරීම සඳහා කොමිසමක් පිහිටුවීම  අභියෝග කරන බවයි.

මෙම නීතිය ඒකීය රාජ්‍යයට, ජනතාවගේ ස්වෛරීභාවයට, පාර්ලිමේන්තුවේ මූලික අයිතිවාසිකම් සහ බලතල කෙරෙහි බලපානු ඇතැයි  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව පවසයි.

යෝජිත පනත් කෙටුම්පත වමසා බැලීම පිනිස එය විසින් පත්කරන ලද කමිටුව පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කර තිබේ‍.

අ. ලබා දී ඇති සීමිත කාලය සැළකිල්ලට ගනිමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 වන වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය  ඉදිරියේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කළ යුතුය.

ආ.. අවශ්‍ය ප්‍රවීණතා ඇති සාමාජික-සාමාජිකාවන්ද ඇතුළුව සිය සාමාජිකයින්ගෙන්  නීතිඥ සංගමය  මෙම පනත සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉල්ලා සිටිය යුතුය.

ඇ. අදාළ පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වී සාකච්ඡා කර මෙම වැදගත් ජාතික ප්‍රයත්නයට පූර්ණ දායකත්වයක් ලබා දීමට  සාධාරණ කාලයක්  ඇති කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා ලෙස නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා සිටිය යුතුය.

මෙම පනත පිළිබඳව මුලින්ම විවේචනාත්මක අදහස් පළ කරන ලද්දේ ශිරාල් ලක්තිලක විසිනි. ශ්‍රී ලංකා බ්‍රීෆ් විසින් පළ කරන ලද එම ලිපිය මෙතැන කියවිය හැකිය.

නීතිඥ සංගමයේ නිවේදනය ඉංග්‍රසි බසිනි. එය පහත පළවේ.

Archive

Latest news

Related news