Monday, May 20, 2024

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 41 දෙනෙක් දින නියමයක් නැතිව සවුදි රැදවුම් කඳවුරක – ඇමෙනෙස්ටි ඉන්ටර්නැෂනල්

ඡායාරූපය: සංක්‍රමණික ගෘහ සේවිකාවන් සේවායෝජයාට බැඳ තබන කෆාලා ක්‍රමයට එරෙහි උද්ඝෝෂණයක්.

බහුතරය සංක්‍රමණික ගෘහ සේවිකාවන් වන අවම වශයෙන් මෙරට කාන්තාවන් 41 දෙනෙකු, ශ්‍රී ලංකාවට  ගෙන්වා ගන්නා තුරු සවුදි අරාබියේ පිටුවහල් කිරීමේ මධ්‍යස්ථානයක අත්තනෝමතික ලෙස  මාස ගණනක් රඳවා තබාගෙන සිටින බව වාර්තාවේ. මෙම කනගාටුදායක පුවත ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතන නිවේදනයක් නිකුත් කරමින් ඊයේ එනම් 16වනදා හෙළිදරව් කළේය.

මෙම කාන්තාවන්ට තමන් මෙළෙස රඳවා තබා ගැනීම ගැන අභියෝග කිරීමට අවස්ථාවක් නැත. සිය ආදරණීයයන් සමඟ නැවත එක්විය හැක්කේ කවදාද යන්න පිළිබඳ කිසිදු අදහසක් නොමැතිව දින නියමයක් නොමැතිව ඔවුහු සිර කදවුරු වැනි රැදවුම් මධ්‍යස්ථානයක රඳවා සිටිති.

මෙම කාන්තාවන් මාස අටේ සිට 18 දක්වා කාලයක් රියාද් හි පිටුවහල් කිරීමේ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා ගෙන ඇති බවත් අවම වශයෙන් ඔවුන්ගෙන් තිදෙනෙකු කුඩා දරුවන් ද ඔවුන් සමඟ රඳවාගෙන සිටින බවත් එම නිවේදනය සඳහන් කරයි. එළෙස රඳවා ගෙන සිටින එක් කාන්තාවකට දිසි ප්‍රතිකාර අවශ්‍යව ඇති බවත් ඇමෙනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රකාශ කරයි.

මෙම කාන්තාවන් කිසිදු නීතිමය වරදක් කර නැති බවත් ඒම නිවේදනය සඳහන් කරයි.

ඔවුන් මෙවැනි අසාධාරණ දඩුවමකට ලක්ව ඇත්තේ ගෘහ සේවිකාවන් අනිවාර්යයෙන්ම සවුද් ආරාබියේ ක්‍රියාත්මක වන කෆාලා නම් අනුග්‍රාහක පද්දතිය යටතට වැටිම නිසාය. කෆලා ක්‍රමය යටතේ සංක්‍රමණික ගෘහ සේවිකාවන් පිළිබඳ සියළුම තීරණ ගැනීම ඇය ලබා ගන්නා පුද්ගලයාට/සේවායෝජකයාට හිමිවෙයි. මෙය ගෘහ සේවිකා අයිතීන් අපයෝජන කිරීමක් බව ලෝක කම්කරු සංවිධානය පවා ප්‍රකාශ කර තිබේ.

එහෙත් ශ්‍රී ලංකා ආන්ඩුව මේ ගැන කිසිවක් කර නැත.‍

2021 මාර්තු මාසයේදී සවුදි අරාබිය සිය කෆලා ක්‍රමයට සැලකිය යුතු ප්‍රතිසංස්කරණයක් ගෙන ආ නමුත්, මෙම ප්‍රතිසංස්කරණ මගින් රටේ මිලියන 10 ක සංක්‍රමණික කම්කරුවන්ගෙන් 30% ක් පමණ වන සංක්‍රමණික ගෘහ සේවිකාවන් බැහැර කරන ලදී. එබැවින් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ද හිමිකරුගේ අයිතිය යටතට පත්වෙයි.

සවුදි අරාබි බලධාරීන් හුදෙක් සංක්‍රමණිකයින්වීම නිසා පමණක් රඳවා සිටින සියලුම කාන්තාවන් වහාම නිදහස් කළ යුතු අතර නැවත සිය මව්බිමට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කටයුතු කළ යුතු” යැයි ඇමෙනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය අවධාරණය කර තිබේ.

මෙම කිසිදු ගෘහ සේවිකාවකට එරෙහිව කිසිදු චෝදනාවක් සවුදි බලධාරීන් දැනුම් දී නොමැත. ඔවුන්ට නීතියෙකු වෙත ප්‍රවේශය ලබා දී නැත. ඒමෙන්ම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද කිසිදු සහායක් ලබා දී නැත.‍

මෙම අය අතුරින් වැඩිම දෙනෙකු රඳවා තබා ඇත්තේ රටින් පිටවීම සඳහා තම සේවායෝජකයාගෙන් පිටවීමේ බලපත්‍රයක් හෝ රට තුළ රැඳී සිටීම විධිමත් කිරීම සඳහා වැඩ බලපත්‍රයක් ලබා ගැනීමට නොහැකි වීම නිසාය. සංක්‍රමණික සේවක සේවිකාවන් තම සේවායෝජකයා සමඟ බැඳ තබන සෞදි අරාබියේ කෆාලා ක්‍රමය  මෙම දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීමේ පදනම වේ.

ඇමෙනෙස්ටි ඉන්ටර්නැෂනල් ංවිධානය මේ සම්බන්ධයෙන් සවුදි ආරබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්ද විමසා තිබේ. ඔවුන් නිසි පිළිතුරක් දී නැත.

රඳවා ඇති කාන්තාවන්ගෙන් අවම වශයෙන් පස්දෙනෙකු අපයෝජිත සේවා යෝජකයෙකුගෙන් පලා ගොස් ඇති අයයි. රට හැර යාමට තම සේවායෝජකයාගෙන් පිටවීමේ බලපත්‍රයක් ලබා නොගත්තේයැයි ඔවුන්  රඳවා ගනු ලැබ තිබේ.

තමන් අපයෝජනය කළ සේවා යෝජකයාගෙන්ම රට හැර යාමට අවසර ලබාගැනීමට කියා සිටීම නීතියක් නොව අවනීතියකි. ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට වරප්‍රසාදිත  ශ්‍රී ලාංකික තානාපති නිලධාරීහු කිසිවක් කර නැත.

මෙළෙස රඳවා සිටින එක් කාන්තාවක් පැවසා ඇත්තේ 2018 මැද භාගයේදී සෞදි අරාබියේ සේවය කිරීමට පටන් ගත් දා සිට මාස 2020 ක අක්‍රමවත් වැටුපක් ලැබීමෙන් පසු 2020 ඔක්තෝම්බර් මාසයේදී ඇය ගෘහ සේවිකාවක් ලෙස සිය රැකියාවෙන් ඉවත් වූ බවයි, එනිසා ඇය කළ වැඩ සඳහා සැලකිය යුතු ලෙස මුදලක් ලබා ගැනීමටද බැරි විය. ඇගේ සේවායෝජකයා වැසිකිළි කඩදාසි යනාදිය සඳහා වන වියදම ඇගේ වැටුපෙන් අඩු කර තිබේ. ඇය ඉල්ලා අස් වූ විට, ඇගේ සේවායෝජකයා ඇයට ගුවන් ටිකට් පතක් සඳහා යම් මුදලක් ලබා දී ගුවන්තොටුපළ අසල වීථියේ තබා ශ්‍රී ලංකාවට ආපසු යන ලෙස කීයා ඇත. ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමට උත්සාහ කළ ඇයට පිටවීමේ බලපත්‍රයක් නොමැති යැයි චෝදනා කර ගුවන් තොටුපල නිලධාරීන් විසින් ඇයව පොලිසියට භාර දී ඇති තිබේ. ඇය තවමත් රැදවුම් කඳවුරේය.

මාස හතරක් අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටි තවත් කාන්තාවක් වැටුප් නොගෙවූ වැටුප් හා අතිශය දිගු සේවා කාලය හේතුවෙන් රැකියා වෙනස් කිරීමට උත්සාහ කර ඇති අයෙකි. උදව් ඉල්ලා ඇය පොලිසියට කතා කළ විට ඔවුන් ඇයව රැගෙන ගොස් ඇයව අත්අඩංගුවට ගෙන රැඳවුම් කඳවුරට මාරු කර තිබේ.

රඳවා සිටින තවත් කාන්තාවක් කියා ඇත්තේ ඇයට නිතිපතා පහර දුන් සේවා යෝජකයෙකුගෙන් පලා ගොස් ප්‍රාදේශීය පොලිසියේ උදව් පැතීමෙන් පසු ඇයව මේවන විට මාස අටක් රඳවා සිටින රැඳවුම් මධ්‍යස්ථානය වෙත එවූ බවයි. ඇය ගැහැණු ළමයින් තිදෙනෙකුගේ මවක් වන අතර, ශ්‍රී ලංකාවේ ඇගේ පවුල ඇගේ ජීවත් වුයේ ඇය එවූ මුදල් වලිනි.

සවුදි අරාබියේ සංක්‍රමණික ගෘහ සේවිකාවන් දිගටම ලෙස කෆලා ක්‍රමයෙන් අපයෝජනයට ලක් වේ. ඔවුන්ගෙන් අඩක් පමණ පැමිණ ඇත්තේ දකුණු ආසියාවෙනි. ඔවුන්ගේ කාර්ය වන්නේ පුද්ගලික නිවෙස්හි පවුල් සදහා ආහාර පිසීම, පිරිසිදු කිරීම හා ළමාරක්ෂක සේවා සැපයීමයි.

ඇමෙනෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් ලබාගත් සාක්ෂි වලට අනුව, ඔවුහු බොහෝ විට දරුණු සේවා තත්වයන්ට මුහුණ දෙති. විවේක හෝ නිවාඩු නොමැතිව දිගු වේලාවක් වැඩ කරති. බොහෝ සංක්‍රමණික සේවිකාවනට එකඟ වූ වැටුප් ගෙවන්නේ අක්‍රමවත් ලෙස. නැත්නම් ගෙවන්නේ නැත. ඔවුන් වාචික හා ශාරීරික හිංසනයන්ට ද මුහුණ දෙති. විනිර්මුක්තිය සහිත සවුදි සේවායෝජකයන් විසින් අපයෝජනය කරනු ලබන මෙම සේවිකාවන්ගේ විදේශ ගමන් බලපත්‍ර නිරන්තරයෙන්  අත්අඩංඟුවට ගනු ලැබේ. ඔවුන්ගේ සේවායෝජකයින්ගේ අවසරයකින් තොරව ඔවුන්ට රට හැර යාමට ඉඩ නැති බැවින් මෙම සේවිකාවන් සහමුලින්ම සේවායෝජකයින් මත යැපිය යුතුය. ඒබැවින්ම බලහත්කාර ශ්‍රමය හා ශාරීරික හා ලිංගික අතවර ඇතුළු අයිතිවාසිකම් උල්ලංනය වීමේ අවදානම වැඩි වෙයි.

ඇමෙනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයේ මෙම නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාන්ඩුවේ අදාළ බලධාරීන් මෙතෙක් කිසිවක් කියා නැත.

 

Archive

Latest news

Related news