Monday, May 20, 2024

ජනාධිපතිගේ මාධ්‍ය මර්දන සහ ව්‍යාජ පේස්බුක් කතාව ජනාධිපති මාධ්‍ය අංශය වාරණය කරයි

ජනාධිපති රාජපක්ෂ පසුගිය සෙනසුරාදා කරන ලද මාධ්‍යට පාඩමක් ඉගැන්වීමේ කතාව ඔහුගේම මාධ්‍ය අංශය විසින් වාරණය කර තිබේ.

වීඩියෝවන්හි දැක්වෙන පරිදි ජනාධිපති රාජපක්ෂ මෙසේ කීවේය:

දැන් හාමුදුරුවනේ මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති මිනිහගේ නිදහස නෙමෙයිනේ. මාධ්‍ය අයිතිකාරයාට ඕන විදිහට රට කරන්න හදනවා නම් ඒක මාෆියාවක්. අපේ රටේ රජවරුත් නැහැ. මහරාජලත් නැහැ. මහරාජලා හිටියේ ඉන්දියාවේ. රජය, පාලකයෝ පාලනය කරන්න හදනවා. මාත් එක්ක ඒවා බැහැ. ඒවට කරන්න ඕන දේවල් මම දන්නවා.

මම මාධ්‍ය නිදහස දීලා තියෙනවා. මම මාස 14ක් පාලනය කළා. මම කිසිම මාධ්‍යයකට බලපෑම් කරලා නැහැ. ඒ අය වැරදියට පාවිච්චි කරන්න ආවොත්. ඒකටත් නීති තියෙනවා, කරන්න පුළුවන් ක‍්‍රම තියෙනවා. ඒවා මම ක‍්‍රියාත්මක කරනවා. ජාතික චින්තනය තියෙන මාධ්‍යයත් බොරු ප්‍රචාර යවනවා. මම හොයලා බැලූවා කවුද කියලා. යුද්ධ කාලෙත් ඒ අයම තමයි අපිට විරුද්ධව වැඩ කළේ. පුවත්පතක හිටපු කණ්ඩායමක් ඕවා කරන්නේ.

බොරු ප්‍රචාර ගෙනියනවා ජ.වි.පෙ පරිසරවේදියෝ අර මුහුණු පොතේ දානවා. සිංහරාජේ අවසන් ගමන් ගිය තවත් ගහක් කියලා දානවා. හැබැයි මොකක්ද මේ ඉන්දියාවේ ඔඞීෂා නගරයේ ගහක් කපපු එකක් උඩුදුම්බර වන විනාශය කියලා දානවා. ඒක මේ රටේවත් නෙමෙයි කියලා. ඉතින් ජනතාව මුළා කරන්න බොරු ප‍්‍රචාර ගෙනියනවා. මේවට රැවටෙන්න එපා’’ (දිවයින)

මෙම කිසිවක් ජනාධිපති මාධ්‍ය අශය විසින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාවේ නැත. එපමණක් නොව එම වාර්තාව ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණි. ඒ බව එම වෙඩ් අඩවියේම සඳහන් කර තිබේ. ඒ මෙසේය: “මෙම ලිපියEnglishයන භාෂා වලින් පමණක් ලබා ගත හැකියි.”

ජනාධිපතිවරයාගේ කතාවේ වඩාම බිය ගන්වන සුලු මහාරජා මාධ්‍ය ජාලයට කැන ලද තර්ජනය, ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් කරන ලද අසත්‍යය සහ දිවයින පුවත්පතට කරන ලද තර්ජනය දැන් ජනාධිපතිවරයාගේම මාධ්‍ය අංශය විසින් කපා දමා ඇත්තේ කුමන හේතුවක් නිසාද?

ජනාධිපතිවරයාට කට වැරදුනේ යැයි එම මාධය අංශය සිතන නිසාද? තමන් කියන දේ තමන්ගේ වෙබ් අඩවියේවත් ජනාධිපති රාජපක්ෂ දා ගන්නේ නැත්තේ ඇයි?

ආන්ඩුවේ පච හොරණෑ වන ලේක් හවුස් පුවත්පත්ද එම ප්‍රකාශය සඟවා තිබේ.

Archive

Latest news

Related news