Friday, April 19, 2024

40/1 ශ්‍රී ලංකා ජිනීවා යෝජනාව සම්මතයි: ලංකාන්ඩුවට සහ මහ කොමසාරිස් කාර්යාලයට පැවරෙන වගකීම් මෙන්න

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතිඛ්නගේ මානව හිමිකම් කමිටුවට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ මාකව හිමිකම්, සංහිදියාව සහ වගවීම පිළිබඳ 40/1 දරන යෝජනාව අද (22) වැඩි ඡන්දයෙන් සම්මත විය.

යෝජනාවට පක්ෂව 22 සාමාජික රටවල් ද විපක්ෂව 11 ක්ද ඡන්දය දුන් අතර සාමාජික රටවල් 14 ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

මෙම යෝජනාව පරාජය කිරීම පිනිස ශ්‍රි ලංකාන්ඩුව මහත් වෙහෙසක් ගත් අතර විශේෂයෙන්ම මුස්ලිම් රටවල ආධාරයෙන් එය පරාජය කිරිමට අපේක්ෂා කළේය.

මෙම යෝජනාවෙහි වැදගත්ම අංග ලෙස සැළනෙුයේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට පැවරෙන පහත සඳහන් වගකීම්ය.

ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධ සාක්ෂි වගවීම ඉදිරියට ගෙන යෑමේ අරමුණින් සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගත යුතු අතර, මහ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු එකතු කිරීමේ හැකියාව, තොරතුරු සහ සාක්ෂි ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ ආරක්ෂා කිරීම ශක්තිමත් කිරීමට තීරණය කරයි. ශ්‍රී ලංකාවේ දළ වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම, වින්දිතයන් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම, නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල් ඇතුළුව අදාළ අධිකරණ හා වෙනත් කටයුතුවලට සහාය වීම සඳහා අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීම.”

මේ අනුව මහ කොමසාරිස්වරියගේ කාර්යාලයෙහි විශේෂ ඒකකයක් පිහිටවෙනු ඇති අතර ඊට නීතිවේදීන්ද ඇතුළත් වෙයි. මේ සඳහා ඉදිරි මාස 22 සඳහා ඩොලර් මිලියන 2.8 වැය ශිර්ෂයක් ලැබෙනු ඇත. කවර රටකදී හෝ ශ්‍රී ලංකාවේ යුද අපරාධ හෝ බරපතල මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් කවරකුට හෝ නඩු පැවරීමට අවශ්‍ය තොරුතුරු මෙම ඒකකය මගින් ලබා දෙනවා ඇත.

තවද යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ නිත්‍ය විමර්ශනයක් පවත්වාගෙන යනු වස් එලඹෙන මාස 22ක තුල වාර්තා තුනක් ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්වරියට නිර්දේශ කරයි. මේ වනාහී මෙයට පෙර නොතිබූ වර්ධනයකි. ඉන් පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිරිහෙනු ඇතයි ලෝක ප්‍රජාව තුළ ඇති පිළිගැනීමයි.

සංහිඳියාව හා වගවීමේ ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එහි අධීක්ෂණය සහ වාර්තාකරණය වැඩි දියුණු කරන ලෙසත්, මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසියේදී වාචික යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරන ලෙසත් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටී. එහි 49 වැනි සැසියේදී ලිඛිත යාවත්කාලීන කිරීමක් සහ එහි 51 වැනි සැසියේදී වගවීම ඉදිරියට ගෙනයෑම සඳහා තවත් විකල්ප ඇතුළත් පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටින අතර, එම වාර්තා දෙකම සංවාදයක් තුළ සාකච්ඡා කළ යුතුය.’

මේ අතර එම වාර්තාවන් මගින් විමර්ශනය කැරෙනු ඇති වගකීම් ගණනාවක් ලංකාණිඩුවට පැවරෙයි.

ඒවා මෙසේය:

09.කඩිනම්, සවිස්තරාත්මක හා අපක්ෂපාතී පරීක්ෂණයක් සහතික කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින අතර, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ යැයි කියනු ලබන සියලු අපරාධවලට එරෙහිව නඩු පවරන ලෙස ඉල්ලා සිටී.

10. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කර ඇති පරිදි ඔවුන්ගේ බලය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

11. මානව හිමිකම් ආරක්ෂා කරන්නන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් ආරක්ෂා කරන ලෙසත්, ඕනෑම ප්‍රහාරයක් විමර්ශනය කරන ලෙසත්, සිවිල් සමාජයට බාධාකිරීම්, සෝදිසි කිරීම්, අනාරක්ෂිතභාවයන් සහ පළිගැනීමේ තර්ජනයෙන් තොරව ක්‍රියාත්මක විය හැකි ආරක්ෂිත හා සක්‍රීය පරිසරයක් සහතික කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

12. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කරන ලෙසත්, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම පිළිබඳ ඕනෑම ව්‍යවස්ථාවක් රජයේ ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති බැඳීම්වලට අනුකූල වන බවට සහතික කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

13. සියලුම ආගමික ප්‍රජාවලට ඔවුන්ගේ ආගම ප්‍රකාශ කිරීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමෙන් ආගමට හෝ විශ්වාසයට හා බහුවිධතාවට නිදහස ලබාදෙන ලෙසත්, විවෘතව හා සමාජයට සමාන පදනමක් මත දායක වන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

14. ඔවුන්ගේ ඉල්ලීම්වලට විධිමත් ලෙස ප්‍රතිචාර දැක්වීම ඇතුළුව මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියා පටිපාටි සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය දිරිමත් කිරීමට අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාව මෙම යෝජනාව සම්පූර්නයෙන්ම නොසළකා හරින බව දැනටමත් ප්‍රකාශ කර ඇති අතර එවැනි තත්වයක් යටතේ මීට වඩා තදබල යෝජනාවක් 2222 සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත්වීමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමක් යෝජනාවෙහි නැත. බොහෝවිට එවැනි පියවර ගනු ලබන්නේ තනි තනි රටවල් විසිනි. 

 

(යෝජනාවෙහි කොටස් මීඩියාඑල්කේඩොට්කොම් වෙතිනි)

Archive

Latest news

Related news