ජිනීවා රැස්වීම: ශ්‍රී ලංකා යෝජනාවට ඇමෙරිකානු සහාය; ඉස්ලාමීය රටවල් වහාම භූමිදාන අයිතිය දෙන සේ ඉල්ලයි

901

ජිනීවාහි මුළු දෙන ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසි වාරය අද දින ඇමතූ ඇමෙරිකා ඒක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ. බිලින්කෙන්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්වන යෝජනාවට සහාය දක්වන සේ කවුන්සිලයෙන් ඉල්ලා සිටියේය. අතීත මානව හිමිකම් කෙළෙසීම්වලට වගවීමක් නැතිකම ඉට හේතුවක් ලෙස ඔහු විසින් දක්වන ලදී.

ඒ් අතරම 2022-2024 කාලය සඳහා කවුන්සිලයේ සාමාජිකත්වය සඳහා එක්සත් ජනපදය ඉදිරිපත් වන බවද ඔහු කියා සිටියේය.

උතුරු කොරියාව, දකුණු සූඩානය සහ සිරියාව සම්බන්දයෙන් ඉදිරිපත්වනු ඇති යෝජනාවන්ටද සහාය දක්වන සේ ඔහු ඉල්ලා සිටියේය

මේ අතර ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහ ලේකම් යුසුප් අලි ඔතෙයිමීන් කවුන්සිලය අමතමින් මුස්ලිම්වරුන්ගේ භූමිදාන අයිතියට ගරුකරන සේ ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

වහාම මුස්ලිම්වරුනගේ භුමිදාන අයිතිය සහතික කර ඊට ගරුකරනු වස් වහාම පියවර ගන්නා සේ අපි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමු යැයි ඔහු කියා සිටියේය. සිය සංවිධානයට අයත් නැති රටවල මුස්ලිම් සුලුතර ජනයාගේ තත්වය පිළිබඳ තමන් සිටින්නේ සොදිසියෙන් බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.