Wednesday, April 24, 2024

රාජපක්ෂ දේශපාලනය: ලංකාවේ මුස්ලිම්වරුන්ට බෑ කියා ඉමරාන් ඛාන්ට හා කීම

ඡායාරූපය: ඉම්රාන් ඛාන් පැමිණ දින භූමිදාන අයිතිය ඉල්ලා ගාලු මුවදොර පිටියේ පැවැති උද්ඝෝෂණය.

සෛවරීයත්වය ගැන උදේ සිට රෑ වන තුරු කතා පවත්වන රාජපක්ෂවරු පකිස්ථාන අගමැති හමුවේ බැගෑපත් වූ හැටි අද රාජපක්ෂවාදී හෙරණෑවක් වන මෝනිං පුවත්පත වාර්තා කරයි.

එනම් කොවිඩ් අසාදිතව මිය යන මුස්ලිම්වරුන් භූමිදානයට අවසර දෙන බව රාජපක්ෂවරුන් ඔහුට කියා ඇති බවයි.

මෙරට මුස්ලිම් ජනයා වසරක් තරම් කාලයක් පුරා මෙම ඉල්ලීම කරනු ලබන නමුත් රාජපක්ෂවරුන් ඒම අවසරය දුන්නේ නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් සහ මෙරට මානව හිමිකම් කොමිසමද භූමිදානයට අවසර දෙන ලෙස කියා සිටියද රාජපක්ෂවරුන්ට එය ඇසුනේ නැත.

දැන් ඔවුන් ඒම පොරොන්දුව දී මෙරට ජනයාට නොව ඇත්තේ පකිස්ථාන අගමැතිවරයාටය.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, මුස්ලිම් කොවිඩ් -19 වින්දිතයින්ගේ සිරුරු භූමදානය කිරීමට ඉඩ නොදීම පිළිබඳ ප්‍රශ්නය මතු කළ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන දෙදෙනාගෙන්ම “ධනාත්මක” ප්‍රතිචාර ලැබී ඇතැයි අද බව මෝනිං පුවත්පත වාර්තා කර තිබේ.

අගමැති ඛාන් ඊයේ (24) රජයේ සහ විපක්ෂ මුස්ලිම් මන්ත්‍රීවරුන් හමුවූ අවස්ථාවේදී මේ බව දැනුම් දුන් බව සමගි ජන බලවේගයෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් -19 වින්දිතයින් භූමදානය කිරීම වෙනත් රටවල් විසින් අවසර දී ඇති විට ශ්‍රී ලංකාව තුළ භූමදානය කිරීමට ඉඩ නොදීම ප්‍රශ්ණයක් බව බව ඉම්රාන් ඛාන් රාජපක්ෂවරුන්ට පවසා තිබේ.

රාජපක්ෂවරුන් මෙම පොරොන්දුව දී ඇත්තේ ඒ් නිසාය.

ඒ් බවම මෙරට බටහිර තානාපතිවරුන්ටද ජනාධිපති රාජපක්ෂ විසින් දැනුම් දී තිබේ.

නමුත් මෙරට මුස්ලිම් ජනයාට තවම ඒම පොරොන්දුව දී නැත.
ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට ජන්ද විමසීමට පෙර අද හෙටම මෙම තීරණය ක්‍රියාත්මක වන්නට ඉඩ තිබේ.

සෛවරීයත්වය රෙද්ද පල්ලෙන් බේරෙනවා යැයි කියන්නේ ඕකටය.

Archive

Latest news

Related news