Monday, May 20, 2024

හම්බන්තොට වරායම ගන්න බව කී ගෝටා එහි තිබූ නාවික හමුදා කඳවුරත් ඉවත්කර ගනී

“සෞභාග්‍යයේ දැක්ම” නමින් ජනාතාව වෙත ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් නැවත චීනය සමඟ සාකච්ඡා කර එය ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමට කටයුතු කරන බව කී ජනාධිපති රාජපක්ෂ දැන් තවත්  අක්කර සිය ගණනාවක් චීන වරායට ලබා දී තිබේ.

ඒ එහි තිබූ නාවික හමුදා කඳවුර ඉවත්කර ගැනීම මගිනි. මෙම කඳවුර වීනයට අයිති කොටසෙහි ස්ථාපනය කරන ලද්දේ වරාය කිසිදු යුදමය කටයුත්තකට යොදා නොගන්නා බව සහතික කර ගැනීම පිනිසය.

එසේ නමුත් දැන් හම්බන්තොට වරාය භූමියේ මෙතෙක් කලක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුර වහාම ඉවත්කර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබේ.

මේ අනුව චීනයට බදු නොදුන් කලාපයට නාවික හමුදා කඳවුර රැගෙන යනු ඇත.

Archive

Latest news

Related news