Friday, May 17, 2024

චීන රාජ්‍ය ඖෂධ සමාගම හිතවත් රාජ්‍ය නායකයින්ට පසුගිය ඔක්තෝම්බරයේදී කොවිඩ් එන්නත දීලා!

ඡායාරූපය: තමා ලොකු වරදක්  කළ බව පේරුහි විදේශ ඇමැතිනිය පිළිගනී. Photograph: Luis Iparraguire/Peruvian presidency/AFP/Getty Images

වීන රාජ්‍ය ඖෂධ සමාගම වන සිනොපර්මා විසින් 2019 වර්ශයේ ඔක්තොම්බර් මාසයේදී තමන්ට හිතවත් රාජ්‍ය නායකයිනට කොවිඩ් 19එන්නත ලබා දී ඇති බව දැන් හෙළිදරව් වී තිබේ.

මේ බව හෙළිදරව් වී ඇත්තේ ලතින් ඇමෙරිකානු රටක් වන  පේරුහි හිටපු ජනාධිපති විස්කාරා තමන්ට සහ සිය බිරිඳට 2019 ඔක්තෝබර් මාසයේදී චීන එන්නත ලැබුණු බව රූපවාහිනී වැඩසටහනකදී පිළිගැනීමෙන් පසුය.

2019 නොවැම්බරයේදී දූෂණ චෝදනා මත ඔහු බලයෙන් පහකරන ලදී.

මේ බව හෙළිදරව් වීමෙන් පසු නැගී ආ මහජන විරෝධය හමුවේ විදේශ ඇමැතිනී එලිසබෙත් අස්තේත්ට ඉල්ලා අස්වූ අතර ඒ බව පේරු ජනාධිපති ප්‍රැන්සිස්කෝ සගස්ති විසින් තහවුරු කරන ලදී.

මහජන විරෝධය නැගී ආවේ කොවිඩ් වසංගතය සමඟ පෙරබදන පෙරමුණූ සටන්කරුවන් සහ කාරියන්වන සුව සේවකයිනට ලබා නොදී රජයේ ඉහළ පෙළේ පුද්ගලයින් එම එන්නත ලබා ගැනීමට විරුද්ධවය.

චීන ආණ්ඩුව එන්නත් 2000ක් පමනක් රහසිගතව ලබා දී ඇත්තේද ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙනි.

2019 ඔක්තෝබර් වන විට කිසිදු කොවිඩ් එන්තක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර තිබුණේ නැත. එසේ වුවත් තම රජයට එනනත් 2000ක් සිනොපර්මා වෙතින් ලැබුූණ බව විදේශ ඇමැතිවරිය පිළිගෙන තිබේ.

සිනොපර්මා සමාගම එළෙස තවත් රටවල් ගණනාවකටම සිය එන්නත රාජ්‍ය නිලධාරීන් සඳහා රහසිගතව ලබා දී තිබේ.

මෙම රහසිගත එන්නත් ලබාදීම වෙනුවෙන් සිය වරද පිළිගනිමින් එරට සෞඛ්‍ය ඇමැතිනිය වූ පිලර් මාසෙට්ටි ද පසුගිය සිකුරාද ඉල්ලා අස්විය.

එම එන්නත 2000 රජයේ ඉහළ පෙළේ නිලධාරීන්ට ලබා දී තිබෙන්නේ රහසිගතවය. දේශපාලනඥයින්ද ඇතුළුව එම නිලධාරීන් සියලු දෙනාම තනතුරු වලින් පහ කරන බව එරට නව ජනාධිපති සගස්ති ප්‍රකාශ කර තිබේ.

එනමුත් ශ්‍රී ලංකාවේ එසේ නැත. මෙරට රාජ්‍ය නායකයින්ටද චීනය රහසිගතව එන්නත ලබා දුන් බවත් ඔවුන් බිය නැතිව මහාජනයා අතරට යන්නේ ඒ නිසා බවත් අනුමත නොකළ ආංරචි තිබේ.

ඒ කෙසේ වෙත්ත හෙට සිට ප්‍රසිද්ධියෙම මෙරට පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට කොවිඩ් 19 එන්නත ලබා දීමට දැන් තීරණය කර තිබේ.

එනමුත් දස දහස් ගණනක් වන සුව සේවක සේවිකාවනට තවමත් එන්නත ලබා දී නැත. මෙරට දේශපාලන පංතිය යනු ස්වකීය වරදාන ලබා ගැනීමේදී  කිසිදු පක්ෂ පාට භේදයකින් තොරව එක්සත්වන දූෂිත සමාජ කණ්ඩායමක් බව මේ පිළිබඳව අදහස් දක්වන සුව සේවා වෘතීතිය සමිති නායනයකු ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත ප්‍රකාශ කළේය.

Archive

Latest news

Related news