Saturday, April 27, 2024

යුද්ධය අවසන්; ඒත් ගෝටාගේ යුද්ධය තවමත් ඇයි? – නවී පිල්ලේ

2008  සිට 2012 වර්ශය දක්වා එකසත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වූ නවි පිල්ලේ ජස්ට් සිකුරිටි  නම් වෙබ් අඩවියට ශ්‍රී ලාකාවේ මානව හිමිකම් සහ එළඹෛන මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරය ගැන සිය අදහස් පළ කර තිබේ. පහත පළවන්නේ එම ලිපියෙන් උපුටා ගත් කොටස් වල සිංහල අනුවාදයකි. මුල් ලිපිය මෙහි කියවිය හැක.

මහ කොමසාරියගේ වාර්තාව ශ්‍රී ලංකාවේ වේගයෙන් පිරිහෙමින් පවතින මානව හිමිකම් තත්ත්වය පිළිබඳ  චිත්‍රයක් චිත්‍රණය කරයි.  මෙයට පෙර ඉදිරිපත් වූ එවැනි මහ කොමසාරිස්  වාර්තා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා රජය විසින් මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලට අනුකූල වීමේ අසාර්ථකත්වයන්ය.

මෙම වත්මන් වාර්තාව ඉන් එපිටට ගොස්  යෝජනාවන්ට අනුකූලව ක්‍රියා කිරීමට අපොහොසත් වීම පමණක් නොව, යුක්තිය සහ වගවීම සුරක්ෂිත කිරීම සඳහා ගන්නා සෑම උත්සාහයකටම ආණ්ඩුව දක්වන ක්‍රියාකාරී බාධා විස්තර කරයි.

අතීතයේ සිදු වූ බරපතල උල්ලංඝනයන් පුනරාවර්තනය වීමේ අවදානමට තුඩු දෙන “බැහැර කිරීමේ හා බහුතරවාදී කතිකාව” වැනි භයානක ප්‍රවණතා පිළිබඳව මහ කොමසාරිස්වරිය විසින් කර ඇති හදිසි අනතුරු ඇඟවීම බරපතල ලෙස සැලකිල්ලට ගත යුතුය.

අතීත අපරාධ සම්බන්ධයෙන් වගවීම පැහැර හැරීම නිසා සිදුවිය හැකි නව උල්ලංඝනයන් පිළිබඳ එබඳු දරුණු පුරෝකථනයක් සෙයිඩ් සහ මම  මහ කොමසාරිස් තනතුර දරමින් සිටියදී කරන ලදී. ශ්‍රී ලංකා රජයේ අසාර්ථකත්වයන් පිළිබඳ සම්ප්‍රදායානුකූලව උදාසීනත්වයෙන් කැඩී වෙන්වී ශ්‍රී ලංකාණ්ඩුව මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලට අනුකූල නොවීම සම්බන්ධයෙන් වගවීම සහතික කළ යුතුය.

අතීත අපරාධ සඳහා දේශීය අධිකරණ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම සැමවිටම ප්‍රශ්නකාරී විය.

නමුත්  ගෝඨාභය රාජපක්ෂ  ජනාධිපති ධුරය භාර ගැනීමත් සමඟ එම තත්වය වඩාත් නරක අතට හැරී තිබේ. ඔහු යුද සමයෙහි ආරක්ෂක ඇමති සහ ත්‍රිවිධ හමුදාවේ අණ දෙන නිලධාරියා වූ අතර 2009  යුද්ධයේ අවසාන අදියරෙහිදී  බෙහෝ උල්ලංඝනයන් සම්බන්ධයෙන් වඩාත්ම වගකිව යුතු පුද්ගලයා ලෙස විවිධ වාර්තාවල නම් කර ඇත.

2013 දී මා ඔහු හමුවූ අවස්ථාවේදී ඔහු ආඩම්බරයෙන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය තමන් අවසන් කළ බවය. ඔහුගේ වීරකම් ඔහු ගැන ලියා ඇති “ගෝටාගේ යුද්ධය – ශ්‍රී ලංකාවේ දෙමළ කොටි ත්‍රස්තවාදය තලා දැමීම” නම් පොතක සටහන් කර තිබේ.

ඇත්ත වශයෙන්ම, එල්ටීටීඊය ත්‍රස්තවාදී පාලනයක් පවත්වා ගැනීම වෙනුවෙන් වගකිව යුතුය.

නමුත් දැන් ත්‍රස්තවාදය අවසන් වී ඇති හෙයින්, “ගෝටාගේ යුද්ධය” මානව හිමිකම් ආරක්ෂකයින්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට එරෙහිව දිගින් දිගටම ගෙන යන්නේ ඇයි? (එම පොතේ පිටපතක්  ගෝඨාභය රාජපක්ෂ  විසින් දකුණු අප්‍රිකානු විදේශ අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකුට පෞද්ගලිකව තෑගි කරන ලද අතර ඔහු එය මට  දුන්නේය.)

මහ කොමසාරිස්වරිය  එලඹෙන 46 වන සැසි වාරයට ඉදිරිපත් කර ඇති වාර්තාවෙහි සාමූහික ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ගැනීම සඳහා රාජ්‍යන්ට නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කරයි.

අන්තර්ජාතික අපරාධ අධිකරණය විසින් ජාත්‍යන්තර අපරාධ විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ තත්වය යොමු කිරීම සඳහා ආරක්ෂක මණ්ඩලයට ඍජු ඉල්ලීමක් කිරීමට  එජා මහා මණ්ඩලයට අනුබද්ධ ආයතනයක් ලෙස මානව හිමිකම් කවුන්සිලයට බලයක් නැත. එබැවින් යොමු කිරීමකට සහාය දක්වන ලෙස වාර්තාව තනි සාමාජික රටවලට ආරාධනා කරයි.

මහ කොමසාර්ස්වරියගේ වාර්තාව ශ්‍රී ලංකාවෙහි සිදුව ඇති බවට කියැවෙන යුද අපරාධ සම්බන්ධයෙන් රාජ්‍යයන් විසින් විශ්වීය අධිකරණ බලය ක්‍රියාත්මක කරන සේ ඉල්ලා සිටී.

IIIM  නෙහොත් ට්‍රිපල් එම් නමින් හැදින්වෙන ( the International, Impartial and Independent Mechanism ජාත්‍යන්තර, අපක්ෂපාතී සහ ස්වාධීන යාන්ත්‍රණය)ක් හෝ ඉරාකය සහ සිරියාව සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් පත් කරන ලද යුනිටාඩ්  නම් (වගවීම සඳහා එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායම) වැනි ජාත්‍යන්තර විමර්ශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමද නිර්දේශ කරයි.

විශ්වීය අධිකරණ බලය පිළිබඳ මූලධර්මය යටතේ රාජ්‍යයන් විසින් කළහැකි අනාගත පරීක්ෂණ හෝ නඩු පැවරීම් සඳහා සාක්ෂි එකතු කිරීම හා සංරක්ෂණය කිරීම එවැනි යාන්ත්‍රණයන් විසින් සහතික කරනු ඇත. මෙය සාක්ෂි සුරැකීමේ වැදගත් පියවරක්ද වේ.  ශ්‍රී ලංකාව  ආරක්ෂක මණ්ඩල විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීමකදී හෝ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවීමේදී හෝ ජාතික නඩු පැවරීමකදී මෙම සාක්ෂි ප්‍රයෝජනවත් වනු ඇත.

විශ්වීය අධිකරණ බලතල පාවිච්චි කිරීම පිළිබඳ තර්ජනය නිසා ශ්‍රී ලංකා රජය අවම වශයෙන් සංකේතාත්මක නඩු හෝ විභාග කිරීමට  පෙලඹෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

Archive

Latest news

Related news