Wednesday, April 24, 2024

ළමා හිංසනය අනාගත පරම්පරාවටත් හිංසාව උරුම කිරීමක්; වන්දිය රු. 650,000 – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

පාසල් දරුවන්ට ශාරිරික වධහිංසා පැමිණවීම මගින් දරුවන්ගේ ගෞරවය කෙළෙසන බවත් හිංසනය මගින් ඇතිවන සහ මානසික පීඩනය නිසා ඔවුන් වැඩිහිටියන් වූ කල ප්‍රචණ්ඩත්වය සහ කඩාකප්පල්කාරිත්වයට යොමුවිය හැකි බවත් එමගින් අනාගත පරම්පරාවටත් හිංසනය උරුම වියහැකි බවත් ශේෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් ප්‍රකාශ කර තිබේ.

එළෙස ප්‍රකාශ කරන ලද්දේ 2017 වසරෙහි පුහුල්වෙළ මධ්‍ය සහා විද්‍යාලයේ 15 හැවිරිදි පාසාල් දරුවකුට අතුල් පහරක් දීම පිළිබඳ මානව හිමිකම් පෙත්සමක් සළකා බැලීමෙනි.

පාසල්වලදී ශාරීරික දඩුවම් කිරීම නීති විරෝධී බව යළි තහවුරු කරමින් එළෙස පාසල් ශිෂයකුගේ කණට ගසා දඩුවම් කරන ලද ගුරුවරයාට රුපියල් ඒක් ලකෂ පනස් දහසක් වන්දියක් එම දරුවාට ගෙවන සේ පසුගිය සතියෙහි ශ්‍රේෂ්ඨාධිකරණය  නියෝග කළේය.

එම වරද වෙනුවෙන්ම එම පාසල් ශිෂ්‍යාට වන්දි වශයෙන් ලක්ෂ පහක් ගෙවන ලෙස රජයට නියෝග කර තිබේ.

එම පහරදීමෙන් පුහුල්වෙළ මධ්‍යමහා විද්‍යාලයේ  සිසුවකුට ජිවිත කාලව පුරාම පවතින ඇති දෘශ්‍ය ආබාධයකට ලක්වී තිබේ. කණට ගැසීම මෙරට පාසල්හි වඩාම පැතිර පවතින කායික හිංසනයකි.

වරක් ජනාධිති සිරිසේන පවා පාසල් දරුවන්ට ශාරීරිකව හිංසා කිරීම සාධාරණ කරමින් කතා කළේය. ළමා හිංසනය ශ්‍රී ලංකා සමාජය තුළ මුල්බැස ඇති දරුණුකම ව්‍යාධියකි.

පහර නොදී හදන දරුවා හැඳි නොගා හදන හොද්දක් වැනි යැයි කියනු ලබන්නේද ශාරිරික දඩුවම් සාධාරණ කරනු පිනිසය.

2017 පෙබරවාරි 13 වන දින, එවකට අවුරුදු 15 ක් වයසැති ළමා පෙත්සම්කරුට ගුරවරයකු වන සිරිවර්ධන  විසින් පාසැල් භූමියේ අස්ථායී කොට බිත්තියක වාඩි වී සිටියේයැයි කාමරයට අතුල් පහරක් එල්ල කරන ලදී. මෙම පහරදීම නිසා ඔහු තැතිගැණින. ඔහුට දැඩි වේදනාවක් හා දැඩි අසහනයක් ඇති විය.

පාසලේ අනෙක් ගුරුවරු එය ගණන් නොගන්නා ලෙසත් ටික දිනකින් වේදනාව පහවී යනු ඇතැයි ද කීහ. ගෙදර ගොස් එක දෙක කර නොකායන ලෙස දරුවාට තරවටු කළහ.

කිසිම ගුරුවරයකු හෝ ගුරුවරියක වේදනාවෙන් පෙළෙන දරුවාට ප්‍රථමාධාර ලබාදීමට කල්පනා කළේ නැත. දරුවා පාසැලේ කැන්ටිමෙන් පැනඩොල් පෙති දෙකක් මිලදී ගෙන වේදානව සමනය කරගනු පිනිස බීවේය.

දරුවාගේ මා පියෝ පාසල අවසන්ව පැමිණි සිය පුතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා කිරින්ද-පුහුල්වැල්ල ග්‍රාමීය රෝහලට ගෙන ගියහ. පසුව ඔහු මාතර මහ රෝහල, කරපිට්‍යය ශික්ෂණ රෝහල සහ ශ්‍රී ලංකාවේ ජාතික රෝහල යන ස්ථානවල පරීක්ෂාවට ලක් කරන ලදී. ඔහු ජීවිත කාලය පුරා පවතිනු ඇති තරමක ශ්‍රවණාබාධකින් පීඩා විඳින බව සොයා ගන්නා ලදී.

පසුව එම ශිෂ්‍යයා මූලින අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

පසුගිය සතියෙහි ප්‍රකාශ කරන ලද්දේ එම නඩු තීන්දුවයි.

ශාරීරික දඩුවම් ක්‍රම මගින් දරුවන්ගේ ගෞරවය කෙළෙසන බවත් ප්‍රචන්ඩත්වය සාමාන්‍ය දෙයක් බවට පත්වන බවත් වැඩිහිටියන් වශයෙන් ඔවුන් පෙන්වාලන අයහපත් සහ කඩාකප්පල්කාරී හැසිරීම්වලට මුල්වන විශාදයට පත්වන බවත්   නඩු තීන්දුව දෙමින් ශේෂ්ඨාධිකරන විනිසූරු  තුරෙයිරාජා ප්‍රකාශ කළේය.

ශාරීරික දඬුවම්  පැමිණවීම මගින් සෑම දරුවෙකුගේම අඛණ්ඩතාව, ස්වාධීනත්වය සහ ගෞරවය නොසලකා හරිනු ලබන බවත් එම තීන්දුව ප්‍රකාශ කරයි.  වැඩිහිටියන් ඒහා සමාන සිදුවීම් වලින් නීතියෙන් ආරක්ෂා කර තිබේ. ශාරීරික හිංසනය, පුද්ගලයකුට එරෙහිව සාපරාධී ලෙස බලහත්කාරය යෙදවීම, පහරදීම සහ වෙනත් අපරාධවලට සමාන වේ යැයි ද තීන්දුව ප්‍රකාශ කරයි.

තීන්දුව මෙසේද සදහන් කරයි:

මෙම සිදුවීම  වැනි අවස්ථාවලදී ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණය කිරීම පිළිගත නොහැකිය. එවැනි හිංසනයන් සාමන්‍ය කිරීම මගින් හඩක් නැති බාල වයස්කරුවන් මානසික හා ශාරීරික හිංසනයන්ටත් හා කම්පනයන්ටත් ලක්වීමේ  අවදානම තිබේ. එසේ වුවහොත් අධිකරණයක් ලෙස ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණය කිරීමට නොදී ළමයිනට හිංසා කිරීම වැළැක්වීමේ ලා අධිකරණය ලෙස අප අසමත්වනු ඇත.

දරුවන්ගේ වර්ධනය හා හැදී වැඩීම සඳහා දෙමාපියන්, ගුරුවරුන් සහ භාරකරුවන් වගකිව යුතු අතර ඔවුනට විනය හා මග පෙන්වීම ඔවුනට බාර වෙයි. කෙසේ වෙතත්, දරුවන් රැකබලා ගන්නා නමුත් ඔවුන් වැඩිහිටියන්ගේ දේපළ ලෙස නොසැලකිය යුතුය. දරුවන්ද ස්වාධීන පුද්ගලයින්ය. ඔවුන්ට  ආත්ම අභිමානයක් හා ගෞරවයක් හිමිය.

මෙම නඩු තීන්දුවෙහි අන්තර් ජාතික මානව හිමිකම් ප්‍රඥප්ති මෙන්ම බුදුදහමද උපුටා දක්වා තිබේ.

නඩු තීන්දුව ඉංග්‍රිසි බසින් මෙහි ඇත:scfr_97_17

 

 

 

Archive

Latest news

Related news