Saturday, April 27, 2024

වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් පාර්ලිමේන්තු මංත්‍රී ලැයිස්තුව ලබාදෙන ලෙස තොරතුරු කොමිසම නියෝග කරයි

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලද කරන ලද අභියාචනයක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එම කොමිෂන් සභාව වත්කම් සහ බැරකම් ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ලබාදිය යුතු බව නියෝග කර තිබේ.

මෙම අභියාචනය මී‌ට දෙවසරකටත් කලින් එනම් 2018 සැප්තැම්බර් 11 දා ඉදිරිපත් කරන ලද්දේ මාධ්‍යවේදි චාමර සම්පත් සහ තරිදු ජයවර්ධන විසිනි.

එමගින් ඔවුන් ඉල්ලා සිටියේ 2018 සහ 2010 වර්ෂයෙහි තම වත්කම් සහ බැරකම් ප්‍රකාශයන් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්තීවරුන්ගේ නාම ලේඛනයක් ලබා දෙන ලෙසය.

මෙම තොරතුරු ඉල්ලීම මුලින් ඉදිරිපත් කළ නිලධාරින් වූ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි සහ නියෝජ්‍ය ප්‍රධාන නිලධාරී පී. ලේ. ඩී. එස්. ඩබ්ලිවි. විජේගුණවර්ධ‍න කියා සිටියේ වත්කම් බැරකම් ප්‍රකාශ රහසිගත බැවින් ඒවා ලබා දිය නොහැකි බවයි.

එනමුත් චාමර සම්පත් සහ තරිදු ජයවර්ධන ඉල්ලා තිබුණේ වත්කම් බැරකම් ප්‍රකාශ නොව ඒවා ඉදිරිපත් කරන ලද මංත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් පමණකි.

එබැවින් එම තොරතුරු ලබාදිය නොහැකි බවට ඉහත කී නිලධාරීන් දෙදනා දැක්වූ තර්ක පිළිගත නොහැකි බව ප්‍රකාශ කරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ඉහත කී තොරතුරු ලබා දෙන ලෙස නියෝග කර තිබේ.

මෙම අභියාචනය පිළිබඳ සම්පූර්ණ වාර්තාව පීඩීෆ් ගොනුවක් ලෙස කියවන්න චාමර සම්ප

ත් එ. ශ්_රී ලංකා පාර්ලිමේන්තුව- Sinhala Summary of Conclusion 

Archive

Latest news

Related news