ඡායාරූපය: මහා වෙනස්කම් ඇති කිරීමෙහිෙලා බලපෑ ප්රමුඛ ප්‍රතිසංස්කරන වැඩ සටහන ලෙස සැලකිය හැක්කේ කොල්බෘක් කැමරන් ප්රතිසංස්කරනයන් ය.
ලංකාව නිදහසේ 73 වන සංවත්සරය සමරන මෙම අවස්ථාව වන විට තිබෙන්නේ මීට පෙර කොයි කවර කාලෙකදී වත් නොසිටි අවලස්සන කාලකන්නි තත්වයකය.
බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලැබෙන විට අප සිටියේ ආසියානු රටවල් අතර බැබලෙන තත්වයකය. ඉන් දසක හතකට තරමක වැඩි කාලයක් ගතවීමෙන් පසු දැන් ලංකාව තිබෙන්නෙ මහා අගාදයක පතුලටම වැටුන තැනකය.
අනුරාධපුර පොලොන්නරු යුගය
අනුරාධපුර පොලොන්නරු යුගයේදී ලංකාව කිසියම් විශාල ප්‍රමාණයක ශිෂ්ටාචාරයක් හිමි කරගෙන සිටියේය. ලංකාවට පැමිනෙන අමුත්තෙකු වියලි කලාපය නරඹන්නට ගියහොත් අනුරාධපුරය, සීගිරිය හා පොලොන්නරුව යන ප්‍රදේශ වලදී දකින්න්ට ලැබෙන පැරනි නටබුන්වලින් ඔහු ගේ සිත ඇලලී යනු නොවැලැක්විය හැකිය.
බුද්ධාගමෙහි තිබු බලපෑමේ තරම එහි නෂ්ටාවශේෂ ලෙස පවතින මහා වෙහෙර විහාර වලින් තේරුම් ගත හැකිය. පිතෘ ඝාතක කාශ්‍යප රජු විසින් ඉදිකරන ලද සීගිරිය බල කොටුව ආශ්‍රයෙන් ඒ කාලයෙහිදී වාස්තු විද්‍යා කටයුතු හා කලාත්මක කටයුතු කොතරම් දියුණු තත්වයක තිබුනේද යන්න තේරුම් ගත හැකිය.
මෙම නගර වටා තිබුන විශාල වැව් වලින්, දිය ඇලි අමුනු ආදියෙන් කොතරම් දියුනු වාරි ශිෂටාචාරයක් තිබී ඇද්දැයි තේරුම් ගත හැකිය.
සිංහල රාජධානිය රජරට වියලි කලාපය අතහැර තෙත් කලාපයට මාරුවීමත් සමග පරන සමුර්ධිමත් යුගය අවසන්වී පරිහානියේ යුගය ආරම්භ වී යැයි කිව හැකිය.
13 වන සියවස පමන විට සිංහල රාජධානියේ කේන්ද්‍රය තෙත් කලාපයට තල්ලුවී තිබුනි. 14 වැනි සියවස ලබන විට ගම්පල සිංහල රාජධානිය බවට පත්ව තිබූ අතර යාපනේ දෙමල රාජධානියක් ඇතිව තිබුනේය.
15 වැනි සියවස අවසානයේදී යුරෝපීන් ලංකාවට පැමිනෙන විට යාපනේ අර්දදීපයත්, නැගෙනහිර හා බටහිර වෙරළබඩ පටු බිම් තීරු දෙකක් හැර වියලි කලාපයේ වැඩි කොටසක් ජන ශූන්‍ය ප්‍රදේශ බවට පත්ව තිබුනි.
අනුරාධපුර පොලොන්නරු ප්‍රදේශ වල මහේශාක්‍ය ලීලාවෙන් පැවති මහා වෙහෙර විහාර හා වෙනත් ඓතිහාසික ස්ථාන මහා වන ප්‍රවාහයට හසුව නශ්ඨාවශේෂ බවට පත්ව තිබුනි .
1815 ට පෙර තත්වය
බ්‍රිතාන්‍යන් 1815 ද උඩරට රාජ්‍යය අල්ලා ගන්නා විට එහි තිබුනේ දියුනු ශිෂ්ටාචාරයක් නොව හොදටම ගරාහැලුනු පරිහානියට ගිය ශිෂ්ටාචාරයකි. රොබ්ට් නොක්ස් ඒ යුගය ගැන ලියා තිබෙන හොදම රචකයා ලෙස සැලකිය හැකිය. නොක්ස් ගේ ලියවිලි ප්‍රධාන මුලාශ්‍රය ලෙස යොදාගනිමින් ” සිංහල සමාජ සන්විධාන ( මහනුවර යුගය)” නමින් රැල්ෆ් පීරිස් ලියා තිබෙන පර්යේෂණ ග්‍රන්ථය ඒ යුගය ගැන ලියවී තිබෙන හොදම ප්‍රර්යේෂන ග්‍රන්තය ලෙස සැලකිය හැකිය.
රොබට් නොක්ස්ට අනුව“කටු මැටි ගසා අතු සෙවලිකර සකස් කර ගනු ලැබූ එක කාමරයක් පමනක් ඇති නිවසත්, වගාවට වුවමනා උපකරන කිහිපයත්, යාන්තම් විලිවසා ගැනීමට තරම් වස්ත්‍රත්, හැදි වලන් කිහිපයකුත් හැරුන විට ඒ යුගයේ මිනිසුන්ට වෙනත් කිසිදු සම්පතක් තිබී නැත. ලුණුත් සහලුත් ඇතොත් තමන් ස්වයං පෝෂිත වේයැයි ඔවුන් සිතූ බවත් ඉන් ඔබ්බට කිසිදු බලාපොරොත්තු වක් ඔවුන්ට නොතිබුන බවත් නොක්ස් කියා තිබේ.
ඒ යුගයේ ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමය තුල ක්‍රියාතමකවූ ම්ලේච්ච දඩුවම් ක්‍රම ගැන (අංග ඡෙදනය, උල තැබීම, ඇතුන් ලවා පෑගවීම, දියේ ගිල්වා මැරීම යනාදි වශයෙන්) නොක්ස් ලියා තිබෙන අතර ඒ ගැන වන ඓතිහාසික සාක්ෂි ඇලකිය යුතු සංඛ්‍යාවක් රැලෆ් පීරිස් ඉදිරි පත් කර තිබේ.
ඒ කාලයේ පුංචි දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කෙරුන ප්‍රතිපත්තිය එහි පැවති අශීලාචාරත්වයේ තරම පෙන්නුම් කරන වැදගත්ම මාපකයක් ලෙස සැලකිය හැකිය.
රැල්ෆ් පීරිස් ලියා තිබෙන ආකාරයට “ලමයින් තුන් හතර දෙනෙකු ලැබීමෙන් පසු උපදින දරුවන්ද, අසුබ නැකතට ඉපදුන දරුවන්ද, දුප්පත් දෙමාපියන්ට උපදින දරුවන්ද මරා දැමීම සාමාන්‍ය සිරිතක්ව පැවතුනි. මා පියන් විසින් මෙවැනි දරුවෝ ගලක ගැසීමෙන් හෝ දියේ ගිල්වීමෙන් මරා දමනු ලැබූහ. ස්ත්‍රී පුරුෂ අනුපාතිකයේ තිබූ විශම තාව 1820 දි ජනගහන පිලිබද වාර්තා සකස් කිරීමට බාරවූ නායකයින්ගේද සැලකිල්ලට භාජනය වූ කරුනක් විය.(පීරිස් : පිටුව 217 )
ලංකාවේ එදා පැවති සමාජ දේශපාලන හා ආර්ථික වටාපිටාව මොන තරම් නොදියුනු තත්වයක තිබුනේ ද යන්න ඒ තොරතුරු ආශ්රරයෙන් තේරුම් ගැනීම අමාරු නැත. ඒ තත්වයෙහි අති විශාල හා ගැඹුරු වෙනසක් (අහසට පොලොව තරම් විශාල ) ඇති වන්නේ බ්‍රිතාන්‍ය යුගයේදීය.
නුතන යුගයට පිවිසීම
මහා වෙනස්කම් ඇති කිරීමෙහිෙලා බලපෑ ප්රමුඛ ප්‍රතිසංස්කරන වැඩ සටහන ලෙස සැලකිය හැක්කේ කොල්බෘක් කැමරන් ප්රතිසංස්කරනයන් ය. ඊට පෙර පැවති රාජ්‍යයයන්ට ස්ථීර දේශසීමා නොතිබුනි.
රාජ්‍යයේ දේශසීමාව මුලු දිවයිනට බලපාන ලෙස ඒකාබද්ධ කොට පොදු පාලන ක්‍රමයක් ඒ මගින් ඇති කළේය .මුලු දිවයින සදහාම විධායකයට යටත් නැති ශේෂ්ඨාධිකරණය යටතේ ක්‍රියාත්මක වන පොදු අධිකරණ ක්‍රමයක් ඇති කළේය. නීතිය ඉදිරියේ වර්ග, කුල , ආගම් හා වෙනත් බේදයන්ගෙන් තොරව සියලු දෙනා සමානයින් ලෙස සලකා ක්‍රියා කරන තත්වයක් ඇති කළේය.
ආණ්ඩුකාරයාට තිබුන ව්‍යවස්ථාදායක, විධායක අධිකරණ යන ත්‍රිවිධ බලය අහිමි කොට විවස්ථාදායක, විධායක හා අධිකරණ බලය බල මණ්ඩල තුනකට බෙදා හැරෙන ක්‍රමයක් ඇති කොට ආණ්ඩුකාරයාට තිබුන ඒකාධිපති බලය අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් සදහා පදනමක් ඇති කළේය. රජයට වෙළදාමට තිබූ ඒකාධිකාරි අයිතිය ද අහෝසි කොට නිදහස් වෙළද ආර්ථික ක්‍රමයක් ඇති කළේය.
මෙම ප්‍රතිසංස්කරන ඇති කළ ප්‍රතිපලය ඉතාමත් දැවැන්ත හා විපලවකාරී වීයැයි කිව හැකිය. කුල පදනමකින් ක්‍රියාත්මක වූ රාජ කාරි ක්‍රමය අවලංගු කිරීම නිසා තමන් කැමති ජීවන මාරගයක් තෝරා ගැනීමේ අයිතිය ජනතාවට ලැබුනේය. වෙළදාමේදී ආණ්ඩුවට තිබුන ඒකාධිකාරය අහෝසි කිරීම නිසා අභ්‍යන්තර හා බාහිර වෙළදාමේ සීග්‍ර වර්ධනයක් ඇති විය. වානිජ වතු වගාව හිමිකරගත් දියුණුව සීග්‍ර ආර්ථික වර්ධනයක් ඇති කරනවාට අතිරේකව රටේ යටි තල පහසු කම් වල ලොකු දියුනුවක් ඇති කිරීම්ට හේතු විය.
මුලු රටම වෙලාගත් දියුණු මාර්ග පද්දතියක් ඇතිවූ අතර දියුණු දුම්රිය සේවයක් ඇති කිරීමටද හේතු විය. පණිවිඩ හුවමාරු ක්‍රමවලද සීග්‍ර දියුණුවක් ඇති විය. මිනිසුන් උපයන ආදායම් වල ද සීග්‍ර දියුණුවක් ඇතිවී ඔවුන් ගේ පරිභෝජන රටාවේද ජීවිතවලද මහා වෙනස් කම් ඇති විය.
ලොකුම විපර්යාසකාර බලවේගය ලෙස ක්‍රියා කලේ අධ්‍යාපනයයි. පාසැල් අධ්‍යාපන ක්‍රමයේ සීග්‍ර ව්‍යාප්තියක් ඇතිවිය. අකුරු උගත් ජනතාවගේ පංගුව වේගයෙන් ඉහල ගියේය. පොත් පත් කියවන වාද විවාද කරන සමාජයක් ගොඩ නැගෙමින් තිබුනේය.
ආසියානු දර්ශක අනුව 1910 වන විටත් ආසියානු රටවල් අතර ලංකාව කැපී පිනෙන තරමේ දියුණුවක් හිමි කර ගෙන තිබුණ රටක් බවට පත්ව තිබුනි.
ඒ වන විට හදා තිබුනු පාරවල් වල දිග ප්‍රමානය සැතපුම් 4000 කි. ඉන් සැතපුම් 2944 ක් ගල් අතුරා සකස් කල මාර්ග විය. ඒ වන විට තිබුනු දුම්රිය මාර්ගවල දිග ප්‍රමාණය සැතපුම් 576 ක් විය. විදුලි ටෙලිග්‍රාප් වයර් සැතපුම් 4596 ක එලා තිබුණ අතර දුරකථන වයර් සැතපුම් 1447 එලා තිබුනි. එම වසරේ කොළඹ වරායට පැමිනි නැව් සංකියාව 4400 කි.
1911 වන විට රටේ තිබෙන පාසැල් සංඛ්‍යාව 4215 වූ අතර එම පැසැල් වල සිටි ශිෂ්‍ය සංඛයාව 336374 කි. එම වසරේ අකුරු උගත් කම පිරිමින් සඳහා සීයයට 40.8 ක්ද ස්ත්‍රීන් සඳහා 29.6 ක් ද විය.
නිදහස අනා ගැනීම
බ්‍රිතාන්‍ය ලංකාවට නිදහස ලබාදෙන විට ලංකාව තිබුනේ ආසියානු රටවල් අතර බැබලෙන තත්වයකය. හොද ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවක් සමග වෙස්ට් මිනිස්ටර් පන්නයේ පාරලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ද අපට ලබා දී තිබුනි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදි ස්වයං පාලනයක් පවත්වා ගෙනයාමට අවශ්‍ය තරමේ දියුණු පරිකල්පනයක් නිදහසින් පසු බලය හිමිකරගත් ස්වදේශීය නායකයින්‍ට තිබුනේ නැත.
ඔවුන් අතර පැවති කුලවාදි ආකල්ප නිසා කුලභේදය හා ඒ ආශ්‍රිතව පැවති හිංසාව අහෝකිරීම පිනිස ක්‍රියා කලේ නැත. අනෙක් අතට ඔවුන් වර්ග. ආගම් බේද උග්‍ර කරන පිළිවෙතක පිහිටා ක්‍රියා කලේය. එම තත්වය වර්ග, කුල, ආගම් බේද උග්‍ර කොට ප්‍රචන්ඩ ගැටුම් හා ඒ ආශ්‍රයෙන් මහා ලේ වැගිරීම් ඇතිකිරීමට හේතු විය.
එම තත්වය සමාජ දේශපාලන ක්‍රමය බෙලහීන කිරීමට හා ජරාජීර්න කිරීමට හේතුවූ අතර 1978 න් පසුව වස්තු කොල්ලය රාජ්‍යය පාලනයේ නිත්‍ය ලක්ෂනයක් බවට පත්වී එම තත්වය සමස්ත රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය දූෂණයෙන් කුණුවූ තත්වයකට පත් කිරීමට හේතුවිය.
දැන් ලංකාව සංකේතාත්මක අර්ථයෙන් තිබෙන්නේ බ්‍රිතානයන් ලංකාව අල්ලා ගැනීමට පෙර පැවති තත්වයට සමාන තත්වයකය. ආර්ථික වශයෙන් රට පූර්ණ බංකොලොත් තත්වයකට පත්වෙමින් තිබෙන අතර රාජ්‍යයේ සමස්ත ආයතන ක්‍රමය සේම සමාජ ක්‍රමයද තිබෙන්නේ පුර්ණ වශයෙන් බිද වැටෙමින් තිබෙන තත්වයකය.
ලංකාවට නැවතත් නිදහස් වීමට හැකි වනු ඇත්තේ දැන් ඇදවැටී සිටින කාලකන්නි තත්වය ජය ගැනීමට සමත් වේ නම් පමණය.
අවාසනවකට රටේ සංවාදයක් නැත්තේද ඒ ගැනය.