Wednesday, April 24, 2024

විශ්‍රාමික සොල්දාදුවන්ට වෙනම නිල ඇදුමක් ලබා දෙයි

විශ්‍රාමික සොල්ලදාදුවන් සදහා විශේෂ නිල ඇදුමක් ලබාදීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.

මේ තාක් කල්  විශ්‍රාමික සොල්දාදුවන්ට  එවැනි නිල ඇදුමක් තිබුනේ නැත. ඔවුන් උත්සව වලට සහභාගි වූයේ  සාමානය සිවිල් වැසියන් මෙන්ය.

ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහ සේවා මුක්ත භට සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහාය ඇතිව විශ්‍රාමික සොල්දාදුවන් සඳහා සුදුසු මෙම ඇඳුම් රෙගුලාසි මාලාව සම්පාදනය කල බව  ආරක්ෂක ලේකම් පවසා තිබේ.

විශ්‍රාමික සොල්දාදුවන් සඳහා ජාතික වටිනාකමකින් යුත් අනුමත රාජ්‍ය උත්සව සඳහා සහභාගිවීමේදී පැළඳිය යුතු ඇඳුම් රෙගුලාසි මාලාව හදුන්වා දුන් බව ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය සඳහන් කරයි.

මියගිය සොල්දාදුවන්ගේ ලගම ඥාතින්ටද සේවා මුක්ත භට සංගමයේ ප්‍රමිතීන්ට අනුකූලව සුදුසු ඇඳුමක් සමඟ දකුණු පැත්තේ පදක්කම් පැළඳීමට අයිතිය දැන් සළසා තිබේ.

ජෙනරාල් ගුණරත්න ඇතුළු මෙම අවස්ථාවට සහභාගී වූ සේවාමුක්ත භට සංගමයේ සාමාජිකයින් මෙම ඇඳුම් රෙගුලාසි මාලාව අනුගමනය කරමින්  එකී ඇදුම හදුන්වා දෙන ලදී.

එහිදී ජෙනරල් ගුණරත්න යුද හමුදා සේවය “එය ඉතා කටුක, දුෂ්කරතා රාශියක් මැද විශාල අභියෝගයන්ට මුහුණ දීමට සිදුවූ සේවාවක් වන අතර අදටත් විවිධ මුහුණුවරින් අභියෝග එල්ල වෙමින් තිබේ” යනුවෙන් පවසා ඇත.

සමාජය යුදකරණයේ තවත් පියවරක් ලෙසද මෙම ඇදුම් හදුන්වාදීම විවේචනයට ලත්ව තිබේ.

 

 

Archive

Latest news

Related news