Wednesday, April 24, 2024

පළිගැනීම් කොමිසමේ ඇරුම පුදුම (03): දවස් 200ට නඩු තීන්දු 150යි; ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් ගිහින් දුමින්ද නිදහස්!

පළිගැනීම් කොමිසම ජනප්‍රවාදගත කැකිල්ලේ අධිකරණයටත් වඩා විහළු සහගත බවත් ආධුනික නීති ශිෂයකුවක් මෙවැනි පාදඩ තීන්දු නොදෙන බවත් ජේෂ්ඨ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා පවසයි.

මෙම කොමිසම පැවැතියේ දින 300ක් බවත් ඉන් වැඩ කරන්නට ඇත්තේ දින 200ක් පමණක් බවත් එම දින 200 තුළ නඩු 150ක් පිළිබදව තීන්දු දී ඇති බවත් මෙවැනි සීඝ්‍රගාමී අධිකරන ක්‍රමයක් ලෝකයේම නැති බවත් ඔහු ප්‍රකාශ කරයි.

මෙම කොමිසම පත් කර ඇත්තේ මිනීමැරීමේ චෝදනාව පිළිබඳව වැරදිකාරයෙක් වෙච්ච සුප්‍රකට දේශපාලනඥයකුට නිදහස ලබාදීමේ අරමුණෙන් යැයි පෙනෙන බවද ඔහු පවසයි.

පළි ගැනීම් කොමිසමේ අරැම පුදුම තීන්දුව

ශ්‍රී ලංකා නදහස් පක්ෂයේ ප්‍රබලයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රෙමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියමව සිරගතව සිටින දුමින්ද සිල්වා නිදොස් කර නිදහස් කරන ලෙස මෙම පළිගැනීමේ කොමිසම නිර්දේශ කර තිබේ. ඊට හේතුව වශයෙන් එය දක්වන ප්‍රධානතම කරුණ වන්නේ මිටපු ඇමැතිවරයකු වන රංජන් රාමනායක එම නඩු තීන්දුව දුන් අභියචනාකරණ විනිසුරියවරියක සමඟ කරන ලද දුරකථන සංවාදයයි. එසේ නමුත් එම සංවාදය කරන ලද්දේ නඩු තීන්දුව දීමෙන් පසුය.

ශේෂ්ඨාධිකරණයට ඉහලින් ගිය අරුම පුදුම තීන්දුව ඇමැති මණ්ඩලය මගින් අනුමත කර තිබේ

මෙම පළිගැනීමේ කොමිසම දුමින්ද සිල්වා නිදොස් කර නිදහස් කරන ලෙස නිර්දේශ කර ඇත්තේ එවකට සිටි අගවිනිසුරු ඇතුළු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මඩුල්ලක් විසින් දුමින්ද සිල්වාට දෙන ලද මරණ දණ්ඩනය යළි සනාථ කිරීම තුට්ටුවකටවත් නොසළකාය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි සාක්ෂි යළි සළකා බලන ලද බව මෙම අපූරු කොමිසම නොසළකා හැර තිබේ.

මෙම කොමිසම හමුවේ ඉදිරිපත්ව ඇති වන සාක්ෂිය ලෙස දක්වා ඇත්තේ රංජන් රාමනායක සහ වපත්මිනී රණවක විනිසුරුවරිය අතර වූ දුරකථන සංවාදය පමණි. දුමින්ද සිල්ලවා නිදිහස් කළ යුත බව පළිගැනිම් කොමිසම තීරණය කරන්නේ එම සාක්ෂිය මතය!

නීතිඥ ශ්‍රීනාත් පෙරේරා  කියා සිටින්නේ, කිසිදු අධිකරණ බලයක් නොමැති කොමිෂන් සභාවක් විසින් මෙව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් විසි කිරීමට යෝජනා කිරීම අදහා ගත නොහැකි බවයි.

 

Archive

Latest news

Related news