Tuesday, May 7, 2024

පළිගැනීම් කොමිසමේ අරුම පුදුම (01): ජනාධිපති සිරිසේන සහ පොලිස්පති ඉලංගකොන් අතහැරිලා!

විනිසුරු උපාලි අබේරත්න සභාපතිත්වයෙන් යුතුවූ පළිගැනීම් කොමිසම සිය වාර්තාවෙන් ජනාධිපති සිරිසේන සහ හිටපු පොලිස්පති ඉලංගකොන් බේරා ඇත්තේ මන්දැයි දේශපාලන අංශ ප්‍රශ්ණ කරති.

ජනාධිපති රාජපක්ෂ විසින් අමැති මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සංදේශය දූෂණ විරෝධී කමිටුවට සහභාගිවී යැයි දඩුවම් පැමිණවීමට යෝජනා කර ඇති අයගේ නම් මෙසේය.

මෙම නම් අතර ඇති සමහර ඇමැතිවරුන් මෙම කමිටුවෙහි කිසිදු ක්‍රියාකාරිත්වයකට සහභාගිවී නැති නමුත් ඔවුනට ද දඩුවම් කරන ලෙස යෝජනා කර තිබේ. එහි නම් සඳහන් හිටපු අගමැති ලේකම් සමන් ඒකනායකට මෙම කොමිසමෙන් කිසිදු දැනුම් දීමක් හෝ කර නැත.

එසේ නමුත් එම කොමිෂන් සභා වාර්තාවෙහි 401වන පිටුවෙහි සදහන් වන පරිදි ජනාධිපති සිරිසේන එම කමිටුවෙහි මූලාසනය පවා දරා තිබේ. මෙම කමිටු රැස්වීමට පැමිණි ජනාධිපති සිරිසේනට සිය ආසනය බාදී අගමැති වික්‍රමසිංහ වෙනත් අසුනකට මාරු වූ බව හිටපු ඇමැතිවරයකු ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පැවසීය.

එම පිටුව පහත සඳහන් වේ.

පිටුව 401

තවද මෙම වාර්තාවටම අනුව එෆ්අයිසිඩි නම් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පිහිටුවන ලද්දේ එවකට පොලිස්පති වූ ඉලංගකෝන් විසිනි. එනමුත් ඔහු කොමිසම විසින් වරදකරුවකු කර නොමැත. සියලු වරද පටවා ඇත්තේ ශානි අබේසේකර මතටය.

සිරිසේන සහ ඉලංගකෝන් අතහැරීමෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ආණ්ඩුවට අවශ්‍ය අයට පමණක් දඩුවම් කිරීමට පළිගැනීම් කොමිසම කටයුතු කර ඇත්දැයි යන ප්‍රශ්ණය මතුවන බව දේශපාලන අංශ දක්වති.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය දෙන ලද එකී සංදේශය අනුව දැනටමත් අධිකරණය හමුවෙහි විභාගවන නඩු සම්බන්ධයෙන් පියවර ගැනීමටද තීරණය කර තිබේ.

අධිකරණ ස්වාධීනත්වයට මහත් තර්ජනයක් වන ඒ පිළිබඳව ඊළග සටහනින් බලාපොරොත්තු වන්න.

Archive

Latest news

Related news