Monday, May 20, 2024

ගැසට් මර්දනය: කොළඹ වරායේ වැඩවර්ජන, අකුර වැඩ සහ උද්ඝෝෂන තහනම්!

ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එහි සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පසුගිය 30 දාතමිනි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය මත වරාය සේවකයන් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹි සිටීම මර්දනය කිරීම මෙම ගැසට්ටුවේ අරමුණ වේ.

එහි මෙසේ සඳහන් වේ:

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ වන මම, 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 02 වගන්තිය ප්‍රකාරව මා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නිවේදනය මගින් පහත උපලේඛනයෙහි සඳහන් වන සේවාවන් සැපයීමෙහි නිරත වන ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමුපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජනජීවිතය පවත්වා ගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් හා එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවන් ඇතිවීමට හැකියාවක් පැවතීම හේතුවෙන් ඕනෑම රාජ්‍ය
සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමුපාකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන පහත උපලේඛනයේ සඳහන් සේවාවන් පූර්වෝක්ත වගන්තියෙහි කාර්යයන් සඳහා අත්‍යාවශ්‍ය සේවාවන් බවට මෙම ආඥාවෙන් ප්‍රකාශයට පත් කරමි.

උපලේඛනය
1. 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනතෙහි 3 වන වගන්තියෙන් ස්ථාපිත ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාළව ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ කවරවුව ස්වභාවයේ සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය.

එම ගැසට්ටුව පහත දැක්වේ.

 

Archive

Latest news

Related news