Monday, May 20, 2024

රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම සම්බන්ධ කරුණු එකක් හෝ දෙකක් සටහන් කිරීමට මට අවශ්‍යය. නමුත් මම එය කිරීමට පෙර මේ කාරණය පිළිබඳ මගේ ලැදියාව හෙළි කිරීමට නීතියෙන් හා සම්ප්‍රදායට බැඳී සිටිමි.

ගරු. රංජන් රාමනායක වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පෙනී සිටි නීතිඥයා මම වෙමි. පිරිසිදු, අවංක දේශපාලනයෙකු වන ඔහු පෙනී සිටීමේ වරප්‍රසාදය මට හිමි වූ අතර ඒ ගැන මම ආඩම්බර වෙමි.

බරපතල වැඩ ඇතිව වසර 4 ක දැඩි සිර ඩුවමක් පෙර නොවූ විරූ හා අතිවිශේෂයෙන් ලෙස තදබල එකකි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකීමක් ඇත.

අප අධිකරණයට අපහාස කිරීම සඳහා නීතියක් පනවා නොමැති හෙයිනි. විපක්ෂ නායකවරයා දැන් සඳහන් කළ පරිදි වසර 2 ක් හෝ ඊට වැඩි ඬුවමක් නියම කර ඇති වරදක් ලෙස සදහන් වුවත් නිශ්චිතව දඩුවමක් නීතියෙන් නියම කර නැත.

(ජීවිතාන්තය දක්වා දඩුවමක් වුවත් මේ යටතේ දිය හැකිය – ශ්‍රී ලංකා බ්‍රිෆ්)

කෙටුම්පත් සකස් කර ඇති අවස්ථා රාශියක් ඇතත්, අපි ඒවා කර අවසන් නැත. එයක් කරුණකි.

එළෙස නීතියක් සම්මත කිරීමට අපොහොසත් වීමෙන්, එය වල් බූරු නිදහසට සමාන වී තිබේ. එනම් ඕනෑම දඩුවමක් ලබා දිය හැකි බවයි. එය හොඳ දෙයක් නොවේ.

නඩුවේ හොද නරක ගැන කතා කිරීමට මට අවශ්‍ය නැත, නමුත් මේ අවස්ථාවේ දී පාර්ලිමේන්තුව නීතියක් පැනවීමට පියවර ගත යුතුව තිබේ.

දැන් ඉංග්‍රිසි (එංගලන්ත) නීතියෙන්ම අධිකරණය අපකීර්තියට පත් කිරීම තවදුරටත් අධිකරණයට අපහාස කිරීමේ වරදක් ලෙස නෙැසැළකේ.

අවාසනාවකට මෙන් අධිකරණය එය නොසලකා හැර නොමඟ ගොස් තිබේ. එය මගේ ස්ථාවරයයි.

මට අවශ්‍ය වන්නේ අධිකරණ අපහාස නීතියෙහි සම්බන්ධයෙන් බැරෑරුම් හිඩසක් ඇති බව ඔබේ අවධානයට යොමු කිරීමට ය. අවංක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මෙම පෙර නොවූ විරූ අසාධාරණයට හේතු වී ඇත්තේ එම හිඩැසය.

(රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ගරු එම්. . සුමන්තිරන් මහතා අද (2011.01.19) පාර්ලිමේන්තුවේදී කළ කතාවෙහි සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙතිනි. ඉංග්‍රිසි කතාව මෙහි කියවන්න)

Archive

Latest news

Related news