Friday, May 3, 2024

එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු ලෙස සැළකෙන මහජන ආරක්ෂක රාජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අදමිරාල් සරත් වීරසේකර මෙරට වයස 18න් වැඩි සියළුම දෙනාට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව යුද පුහුණුව අනීවාර්‍ය කිරීමට යෝජනා කරයි.

මෙම යෝජනාව ඉදිරිපත්ව ඇත්තේ සිය පවුගේ යහපත සඳහා යුද්ධය මැද 1991 වසරෙහිදී යුද හමුදාවෙන් ඉවත්ව ගිය එවකට ලුතිනන් කර්නල්වරයකු වූ ගෝඨාභය රාජපක්ෂ යටතේ වීම ඉතිහාසයේ හාස්‍යක් ලෙස අයෙක් දක්වා තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපය අනුමත කළ ඒවකට යුද හමුදාපති වූ ලෙප්ටිනන්ට ජෙනරල් එච්. වනසිංහ ප්‍රකාශ කර ඇත්තේ යුද හමුදාව හැර යාමට නොලැබුණ හොත් එය සිය පවුලට සහ දරුවන්ට ඉතාා දරුණු  ලෙස බලපානු ඇති බව  ලුතිනන් කර්නල් රාජපක්ෂ කියා සිටින බවයි. තමා ඔහු ඉවත්ව යාමෙන් වැලැක්වීමට උත්සාහ ගත් නමුත් තමන්ට වෙනත් විකල්පයක් නැති බව රාජපක්ෂ කී බව හිටපු යුද හමුදාපති වනසිංහ සඳහන් කර තිබේ.

ඔහු නියතවම යුද හමුදාව හැර යාමට තීරණය කරන ලද්දේ එවකට ආරක්ෂ ලේකම් වූ රංජන් විජේරත්න කොළඹ තුම්මුල්ලේදී ඒල්ටීටීඊය විසින් ඝාතනය කිරීමෙන් පසු බව දැන් ජිනීවාහී ශ්‍රී ලංකා තානාපතිවන සී. චන්ද්‍රප්‍රේම විසින් ලියා තිබේ.

මෙම යුද පුහුණුව මගින් විනයක් ඇතිවීම, පෞරුෂයක් ඇතිවීම, කෙලින් හිට ගැනිමට පුුරුදුවීම, ඇස දෙක බලා කතා කිරීමට පුරුදුවීම වැනි දේ ලබා දෙන බව රියර් අදමිරාල් වීරසේකර ප්‍රකාශ කර තිබේ.

මෙවැනි අනීවාර්ය යුද පුහුණුව ඇති රටවල ඒ් සඳහා දෙවසරක් යුද හමුදාවෙහි ගත කළ යුතුය.

එනමුත් යුද පුහුණුව ලැබ යුද හමුදාවෙන් පළා ආ සිය ගණනාවක් මෙරට විවිධ අපරාධයන්ට වගකිය යුතු බව ඔහු අමතක කරයි. එමෙන්ම හයිටි රාජ්‍යයේ සාම සාධක රාජකාරි සඳහා යවන ලද යුද හමුදා භටයෙන් විශාල පිරිසක් ළමා අපයෝජන චෝදනා මත මෙරටට ආපසු එවන ලද බවද ඔහු අමතක කරයි.

මෙම යෝජනාව මගින් වයස 18ට වැඩි සාමණේර භික්ෂූන්ට හෝ වෙනත් ආගම්හි පුහුණුව ලබන පූජක පිරිස්ද යුද පුහුණූවට බඳවා ගන්නේද යන්න ඔහු සඳහන් කර නැත.

තවද මෙරට දෙමළ සහ මුස්ලිම් තරුණ තරුණියන්ටද මෙම යුද පුහුණුව ලබා දෙන්නේද යන්නද ඔහු සදහන් කර නැත.

යුද්ධය පැවැති කාලයේදී පවා මෙවැනි යෝජනා ඉදිරිපත්වුවද ක්‍රියාවට නැගීමට නොහැකි වුයේ දෙමළ තරඅණ තරුණියන්ට යුද පුහුණූව ලබා දීමට ශ්‍රී ලංකා රජය සූදානම් නොවූ නිසාය.

ගෝඨාභය රාජපක්ෂගේ යුද හමුදාවෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පහත දැක්වේ.

ජායරූප

 

Archive

Latest news

Related news