Monday, May 20, 2024

භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!

ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි)

මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය පළ කිරීම සදහා සමගි ජන බලවේගය විසින් බුත්තල නගරයේදී සංවිධානය කරතිබූ විරෝධතාවය තහනම් කිරීමට   බුත්තල පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින්  පියවරගෙන තිබේ.

පුවත්පත් නිවේදනයක් නිකුත් කරන  සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය එම තහනම් කිරීම ගැන බලවත් විරෝධය පල කරයි.

එහිදී බුත්තල පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවට ගොස් අදාළ විරෝධතාවයට එරෙහිව වාරණ නියෝගයක් ගැනීමට කටයුතු කරතිබීම තම ව්‍යාපාරය සලකන්නේ එක රටක් එක නීතියක් යන ආණ්ඩුව පෙනී සිටින ප්‍රමුඛ මූලධර්මයට හිතාමතාම පිටුපා යාමක් ලෙස බවත්   බුත්තල ප්‍රදේශයේ ජනතාවට පමණක් වෙනස් ආකාරයකට ක්‍රියා කිරීමට චේතනාන්විතව කටයුතු කිරීමක් ලෙස බව එම නිවෛ්දනයේ දැක්වේ.

එම නිවේදනය තව දුරටත් මෙසේ දක්වයි.

අදහස් පල කිරීමේ අයිතියද ඇතුලත් භාෂණයේ නිදහස මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථා ගණනාවකදීම තහවුරු කරඇති ජනතාවගේ අයිතියකි. විශ්ව මානව අයිතියකි. එම අයිතිය අභ්‍යාස කරමින් පසුගිය දිනවල සමගි ජන බලවේගය විසින් සංවිධානය කරතිබූ විරෝධතා ව්‍යාපාර ගණනාවක්ම විය. කොළඹ, නාත්තන්ඩිය, හැදල, මාතර, දික්වැල්ල හා දෙවිනුවර යන ස්ථානවල එම විරෝධතාවයන් බාධාවකින් තොරව පැවැත්විණ. එහෙත් එම කිසිදු අවස්ථාවකදී පොලීසිය අධිකරණය හමුවට ගොස් වාරණ නියෝග ලබාගැනීමට කටයුතු කර නොතිබිණි.

මෙම තත්වය තුළ බුත්තල පොලීසියේ ස්ථානාධිපතිවරයා පමණක් වෙනස් ආකාරයට ක්‍රියාකර තිබීමෙන් පෙනී යන්නේ එක්තරා අන්දමකට ඔහු ආණ්ඩු විරෝධී මතදැරීම නොරුස්සනා අයෙක් වන බවය. අනෙක් අතට රටේ අනෙකුත් ප්‍රදේශවලට බලනොපෑ තත්වයක් එම පොලිස් බල ප්‍රදේශයට පමණක් අදාළ කරගනිමින් අධිකරණය ද නොමග යවා මහජන අයිතියත් කඩ කරන ලද රාජ්‍ය නිළධාරියෙකු ලෙසය.

එබැවින් බුත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ගෙනඇති මෙම අයුතු ක්‍රියාමාර්ගය පිළිබදව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස අප සංවිධානය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින අතර, රටේ ජනතාවගේ අයිතිවාසිකම් මේ ආකාරයට උල්ලංඝණය කිරීමට කිසිවෙකුට ඉඩක් ලබානොදෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ද ඉල්ලා සිටින්නෙමු.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ  සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි   ප්‍රධාන ලේකම්  පාලිත ලිහිණියකුමාර විසිනි.

Archive

Latest news

Related news