Friday, April 26, 2024

ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…

ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය දිගින් දිගටම වැනසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය.

පහත අත්සන් කරන අපි, 2009 මැයි මාසයේ යුද්ධයහි අවසාන අදියරෙහිදී මුල්ලිවයිකාල්හිරා දැමූ දස දහස් සංඛ්‍යාත ජනයා සැමරීම සඳහා යාපනය විශ්ව විද්‍යාල භූමිය තුළ ඉදිකරන ලද ස්මාරකය එක රැයකින් කඩා බිඳ දැමීම තදබල ලෙස හෙළා දකිමු. තවද ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ විරෝධතාවය නතර කිරීම පිනිස හුදෙක් යළි මුල්ගලක් තැබීම අනුස්මරණය පීළිබඳ දැවෙන ප්‍රශ්ණයට විසඳුමක් නොවේ.

විනාශ වූ අනුස්මරණ ස්මාරකය යථා තත්වයට පත් කිරීම පමණක් නොව කඩා බිඳ දැමූ එහි කොටස්ද සංරක්ෂණය කළ යුතු බවත්, කඩා බිඳ දමන ලද බව එහි සටහන් කළ යුතු බවත් අවධාරණය කිරීමට අපි කැමැත්තෙමු. ශුද්ධ වූ ස්මාරකයන් කඩා බිද දැමීම විසින් මානසික කම්පනය ගැඹුරු කරන බවත් මතකයන් ශක්තිමත් කරන බවත් බලධාරීන් තේරුම් ගන්නේ නැත.

යුද ගැටුමෙහි ජයග්‍රහණය සමරන ස්මාරක, සංකේත හා මූර්ති ඉදිකරමින් සිටින ශ්‍රී ලංකා රජය අතර දිර්ඝකාලීන දේශපාලන මර්දනය තුළ සමූලඝාතනය කරන ලද වින්දිතයින් සැමරීම සඳහා දෙමළ ජනතාව විසින් ඉදිකරන ලද ස්මාරක කඩා බිඳ දමමින් ඔවුන්ට සැමරීමේ මූලික අයිතිය තහනම් කර තිබේ.

අත්දැකීම් අපට උගන්වන්නේ ස්මාරක කඩා බිඳ දැමීම සහ පීඩිත ජනතාවගේ ඉතිහාසය, උරුමය, හෝඩුවාවන් සහ අනන්‍යතා විනාශ කිරීම ඒකාධිපති, කුරිරු ආණ්ඩු සහ උද්දාමයට පත් ඔවුන්ගේ ආධාරකරුවන්ගේ චර්යාවන් බවයි. වර්තමාන ප්‍රචණ්ඩකාරී ශ්‍රී ලංකා රජය දෙමළ සහ මුස්ලිම් ජනයාටද කදුරට ජනයාටද එරෙහිව එවැනි ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරන්නේ ඉතා සැලසුම් සහගතවය. මේ වනාහී සමස්ත ශ්‍රී ලංකාව අයත් වන්නේ සිංහල බෞද්ධ ජනතාවට පමණක් බව තහවුරු කිරීමට උත්සාහ කරන දැවැන්ත පුරාවිද්‍යාත්මක, සංස්කෘතික හා උරුම ව්‍යාපෘතියක කොටසකි.

 

ශ්‍රී ලංකා රජයට මේ වනවිටත්ටෙහි උතුරු හා නැගෙනහිර ස්මාරක සහ ප්‍රතිමා කඩා බිඳ දැමීමේ දීර් ඉතිහාසයක් තිබේ. 1974 ලෝක දෙමළ පර්යේෂණ සමුළුව‍වෙහි අවසන් දිනයෙහිදී විපතට පත්කරන ලද වින්දිතයින් වෙනුවෙන් ඉදිකරන ලද ස්මාරකය යළි යළි කඩා බිඳ දැමීම අපි අත්දැක ඇත්තෙමු. යාපනය පුස්තකාලය ගිනිතැබීම ඓතිහාසික සහ සංස්කෘතික සංහාරයකි.

ශ්‍රී ලංකා රජය කුරිරු මර්දනයක් දියත් කර ඇත්තේ දෙමළ ජනතාවට එරෙහිව පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ සියලු ජනතාවන්ට එරෙහිව. නව කොරෝන වසංගතයට මුවා වී, රටවැසියන්ගේ සම්ප්‍රදායන් සහ ඇදහිළි කෙළෙසමින්, මුස්ලිම් ජනයාට එරෙහිව වෛරය රටපුරා පතුරවමින්, ජාත්‍යන්තර සම්මතයන්ට පවා පටහැනිව මියයන මුස්ලිම් හා ක්‍රිස්තියානි ජනයාගේ සිරුරු ආදාහනය කරනු ලැබේ. රජයේ ක්‍රියාමාර්ග දෙමළ, මුස්ලිම් සහ කදුරට ජනතාව අතර භීතිය හා වෛරය අඛණ්ඩව ඇති කරන බව අපි මහත් කණස්සල්ලෙන් යුතුව පෙන්වා දෙමු.

යුද්ධයෙහිදී අයුක්ති සහගත ලෙස ඝාතනය කරන ලද දහස් ගණන් ජනයා සිහිකිරීමත් හා ඔවුන් වෙනුවෙන් ස්මාරකයන් ඉදිකිරීමත් ඒවා රැකබලා ගැනීමත් ජනතාවගේ මූලික අයිතියකි. යුද්ධයෙහිදී එම ජනතාව ඝාතනය කළ ශ්‍රී ලංකා රජය එම අපරාධයන් වෙනුවෙන් වගවීම නැවත නැවක ප්‍රතික්ෂේප කර තිබේ. රජය විසින් නොනැවත ස්මාරක විනාශ කිරීම දේශපාලන, වර්ගවාදී සහ ආධිපත්‍යධාරී ක්‍රියාවක් වන අතර සිතාමතා කරනුු ලබන සංහාරයකි. අන්තර් ජාතික අපරාධ සහ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් වගවීම ප්‍රතික්ෂේප කරන රජය ඍජුව සහ දැනුවත්ව ප්‍රතිසන්ධාන ක්‍රියාවළිය මගහරිමින් සිටී.

මෙම පීඩාකාරී වර්ගවාදී රාජ්‍යයට එරෙහිව ඉදිරියට යෑම පිනිස විවිධාකාරයෙන් පීඩාවට පත්කරනු ලබන සියලු ප්‍රජාවන්ගේ සහ ජනතාවගේ සමගිය අවශ්‍යය. මෙම මර්දනකාරී රාජ්‍යයෙහි ජාතීන් මර්දන කිරීමේ ස්වභාවය තේරුම් ගැනීම සිංහල ජනයා වැදගත් ය. පීඩිත දෙමළ , මුස්ලිම් සහ කදුරට ජනයාගේ විශාලතම ශක්තිය වනු ඇත්තේ සිංහල ජනතාව විසින් ලබා දෙන අධ්‍යාත්මික සහයෝගයයි.

යාපනය විශ්ව විද්‍යාලයේ ස්මාරකය විනාශ කිරීමට එරෙහි අරගලය මුස්ලිම්, කදුරට දෙමළ සහ සමාන අදහස් ඇති සිංහලයන්ගේ පුළුල් සහභාගීත්වය පෙන්නුම් කරන්නේ සුළුතර ප්‍රජාවන් අතර වර්ධනය වන ශක්තිය, සහයෝගීතාවය, සමගිය සහ භාවාත්මක සහෝදරත්වයයි. මෙම සහෝදරත්වයේ අඛන්ඩත්වය සියලු පීඩිත ජනතාවන්ගේ බලාපොරොත්තුවෙහි හා ශක්තියේහි උල්පත වනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු. මගින් කුරිරුකම්වලට මුහුණ දීමට හා ඉදිරියට යාමට ශක්තිය වැඩි දියුණු කරයි.

මෙය වාර්තාව සකස් කරන ලද්දේ 2021 ජනවාරි 10 වන දින සූම් හරහා විවිධ රටවල වෙසෙන ශ්‍රී ලංකික සම්භවයක් ඇති ලේඛක ලේඛිකාවන්, කලාකරුවන්, ශාස්ත්‍රඥයින්, මාධ්‍යවේදීන් සහ දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනියන් අතර පැවැති සාකච්ජාවකදී දක්වන ලද අදහස් එක්රැස් කිරීමෙනි.

(සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

අත්සන් කළේ,

  1. Cheran Rudhramoorthy – Canada – Professor

  2. M. Fauzer – UK – Activist

  3. N. Shanmugaratham – Norway – Professor

  4. Ranjith Henayaka – Germany – Activist

  5. N. Suseendran – Germany – Activist

  6. A. Charles – UK – Activist

  7. S. Najimudeen – Canada – Doctor

  8. Althaff Mohideen – UK- Academic

  9. S.Sivarajan – Germany- Activist

  10. S.SugunaSabesan – UK- Artist

  11. Uma Shanika – Germany – Activist

  12. Mohamed Nisthar – UK – Lawyer

  13. Thiru Thiruchothi – France- Activist

  14. Steven Pushparajah – Norway – Engineer

  15. MCM. Iqbal- UK – Activist

  16. Km . Ganesha – UK – Accountant

  17. Niyas A Samad – Sri Lanka – Engineer

  18. Baazir Rahman – UK – Journalist

  19. V. Sivalingam – UK – Activist

  20. Selvadurai Jeganathen – Germany – Activist

  21. Mohamed Saiful islam – Ireland – Activist

  22. Arulmala Arumynaygam – UK – Lawyer

  23. Mathavy Shivaleelan – UK – Teacher

  24. Mohamed Ariff – UK – Self Employee

  25. M.Y.M Siddeek – UK – Academic

  26. Puthiyavan Rasaiya – UK – Film Director

  27. Ajazz Mohamed – Sri Lanka – Lawyer

  28. Sam Sampanthan – UK – Activist

  29. Muise Wahabdeen – Switzerland – Activist

  30. Abdul Niyas – UK – Self Employee

  31. TLM Jemseed – UK – Accountant

  32. Ahmed Miskath – UK – Activist

  33. Anton Joseph – Germany – Activist

  34. Suthan Raj – France – Journalist

  35. Ruban Sivaraja – Norway – Engineer

  36. Abdul Razique – Sri Lanka – Self Employee

  37. SK .Vickneaswaran – Canada – Activist

  38. Balasundram – France – Activist

  39. Rajani Iqbel – UK – Activist

  40. A. Thayananthan – Netherland – Self Employee

  41. Thiva Jayabakrishan – UK – Self Employee

  42. Hakeem Aswer – Sri Lanka – Student

  43. P. Jesurathnam – UK – Activist

  44. Jifry Anver – Thailand – Self Employee

  45. Azhar Omar – Sri Lanka – Self Employee

  46. Senaka Wattegedera – Germany – Activist

  47. R. Ramesh – Sri Lanka – Self Employee

  48. Elm. Irshath – Sri Lanka – Self Employee

  49. Thambiah Thayaparan- UK- Biochemist

  50. Waffa Farook – Sri Lanka- Activist

  51. Ravi Ponnudurai- Canada- Activist

  52. Kokula Ruban – UK – Activist

  53. Padmi Liyanage – Germany – Activist

  54. Villa Anandaram- Canada- Activist

  55. Jazeel Fazy – UK – Activist

  56. Sithi Vinayaganathen – Norway – Activist

Archive

Latest news

Related news