Thursday, March 28, 2024

මහර සමූළ ඝාතන නඩුව: 11 දෙනාම මළේ වෙඩි පහරින් බව සනාථ වෙයි; නිශාරා ජයරත්න විමල් විරවංශ රකියි?

අද (ජනවාරි 08) වැළිසර මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවැති මහර රැදවියන්ගේ මරණ පිළිබද මරණ පරීක්ෂණයේදී එම 11 දෙනාම වෙඩි තබා ඝාතනය කර ඇති බව සනාථ විය.

මෙරට පෙර විද්වත් මරණ පරීක්ෂණ කමිටුව ඉදිරිපත් කළ වාර්තා දෙකක් මගින් අට දෙනෙකුගේ මරණයන්ට හේතුව වෙඩි වැදීම බව සනාථ කර තැබූ අතර ඉතිරි තිදෙනාද මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව අද ඉදිරිපත් කළ තුන්වන වාර්තාවෙන් සනාථ කර තිබුණි.

මෙම මරණ පරීක්ෂන වාර්තා නිසි පරිදි ලබා ගැනීමට හැකිවීම සිය සංවිධානය ගෙන ගියේ අරගලයේ ජයග්‍රහණයක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ” කැදවුම්කරැ නීතිඥ සේනක පෙරේරා ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පැවසීය.

නීතිඥ සේනක පෙරේරා: “යුක්තිය ඉටුවන තුරු සටන් කරනවා”

ආණ්ඩුවේ බන්ධනාගාර කළමනාකරණ ඇමැතිවරයා මෙ රැදවියන් මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් නොව උනුන් කා කොටා ගැනීමෙන් බවට කරන ලද ප්‍රකාශය පිළිනොගෙන මෙම මරණ පරීක්ෂන ඉල්ලා අධිකරණය හමුවට ගිය තම සංවිධානය මෙකී සමූළ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ලබා ගැනීමට දිගටම සටන් කරනු ඇති බවත් සේනක පෙරේරා පැවසීය.

අද මෙම මරණ පරීක්ෂන නඩුව කැදවන ලද පසුගිය අවස්ථාවෙහිදී, “මෙම සිරකරුවන් මත් පෙති පාවිච්චිකර කළහකාරී වී ඇතැයි” යනුවෙන් අමාත්‍ය වීරවංශ විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් කරන ලද නියෝගය අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුව ක්‍රියාවට නඟා නොතිබිණි.

ඒ පිළිබද වාර්තාවක් ඉදිරිපත් නොකරන ලද්දේ මන්දැයි මහේස්ත්‍රාත්වරයා විමසූ අවස්ථාවෙහි “ රජයේ නීතිඥවරිය වන නිශාරා ජයරත්න එවැනි ප්‍රකාශයක් අවශ්‍ය නැත”යයි කී බැවින් තමන් ඒ පිළිබඳව පියවර නොගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිලධාරියා ප්‍රකාශ කළේය.

එම අවස්ථාවෙහිදී නීතිපති දෙපාර්තමෙන්තුවේ නීතිඥ නිශාරා ජයරත්න කියා සිටියේ එහෙමනමි මාධ්‍ය වලින් කොච්චර ඔිවගෙ කතාකියනවද යනුුුුුවෙනි.

වැලිසර මහේස්ත්‍රාත්වරයා වන බුද්ධික ශ්‍රී රාගල මෙම අවස්ථාවෙහි සිය නියෝගය ස්ථිර කරමින් එය මෙම නඩුවට අදාළ වැදගත් ප්‍රකාශයක් බැවින් ලබන පෙබරවාරි 12 දින නඩුව යළි කැදවන විට අමාත්‍ය විමල් වීරවංශගෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙසත් එසේ කළ නොහැකි නම් ඊට හේතු ඉදිරිපත් කරන ලෙසත් දන්වන ලදී.

ඝාතනය කරන ලද රැදවියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අදත් නීතිඥ කණ්ඩායමක්ම අධිකරණයේ පෙනී සිටියේය.

Archive

Latest news

Related news