Sunday, May 19, 2024

ඝාතනයේ 12වන අනුස්මරණය දා ලසන්ත දියණිය අහිම්සා ජිනීවාහි මානව හිමිකම් කමිටුවට සිය පැමිණිල්ල ඉදිරිපත් කරයි

සන්ඩේ ලීඩර් කරතෘ වූ ලසන්ත වික්‍රමතුංගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග සිය පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුක්තිය ලබාගනු වස් අද ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව මෙවැනි පැමිනිළි විභාග කරන්නේ ලිඛිත සාක්ෂි මත පමනය. එමෙන්ම එහි තීරණ බෙහෝ රටවල් විසින් නොසළකා හරිනු ලැබේ. ශ්‍රී ලකා ආණ්ඩුවට විරුද්ධව පවරන ලද එවැනි නඩුවකින් එවකට රාවය කර්තෘ වූ වික්ටර් අයිවන් ජයගත් නමුත් තීන්දුව අනුව කිසිදු ආණ්ඩුවක්  කටයතු කලේ නැත.

මෙම කමිටුවට අන්තර් ජාතික අධිකරණ බලයක් නැති අතර එයට හැකියාව ඇත්තේ නිගමන ඉදිරිපත් කිරීමට සහ වින්දිතයිනට වන්දි ලබා දෙන ලෙස නිර්දේශ කිරීමය.

අදට ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර 13ක් සම්පූර්ණ වෙයි. ඔහු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂන පවත්වා ඇති නමුත් එහි අවසානය කරා ගෙන ගොස් නැති අතර නඩු පවරා වරදකරුවන්ට දඩුවම් දී යුක්තිය ඉටු කිරීමට ලංකාණ්ඩුව අසමත් වී තිබේ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වෙනුවෙන් කටයුතු කරන යුක්තිය සහ වගවීම පිළිබඳ මධ්‍යස්ථානය සහ ඩෙබෙවොයිස් ඇන්ඩ් ප්ලම්ප්ටන් එල්එල්පී (The Center for Justice and Accountability (CJA) and Debevoise & Plimpton LLP) යන ආයතන විසිනි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට සැලසුම් කිරීම සහ ඒ පිළිබඳව ප්‍රමාණවත් ලෙස විමර්ශනය කිරීමට හෝ ඊට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමට අපොහොසත් වීමෙන් ශ්‍රී ලංකා රජය ජීවතයට ඇති අයිතිය, වධහිංසා පැමිණවීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු මූලික මානව හිමිකම් බරපතල ලෙස උල්ලංනය කර ඇති බවට අද ඉදිරිපත් කරන ලද පැමිණිල්ල මගින් චෝදනා කර තිබේ.

මෙම පැමිණිල්ල මගින් ශ්‍රී ලංකා රජය විසින් පහත සදහන් පියවරයන් ගැනෙන බව සහතික කරනසේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවෙන් මෙම පැමිනිල්ල ඉල්ලා සිටී:

ලසන්ත වික්‍රමතුංගට එරෙහි ව එල්ල වූ ඝාතන ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් ස්වාධීන, පරිපූර්ණ හා ලදායී පරීක්ෂණයක් පැවැත්වීම; සෑම තරාතිරමකම වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරීම; ලසන්ත වික්‍රමතුංගේ පවුලට ඔවුන් අත්විඳින ලද උල්ලංනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව සමාව අයැද සිටීම; මෙවැනි මානව හිමිකම් උල්ලංනයන් කිරීම් අවසන් කිරීම.

අද මගේ පියාගේ ඝාතනයේ දොලොස්වන සංවත්සරය වන අතර, ඔහු නැතිවීම පිළිබඳ වේදනාවෙන් මම සෑම දිනකම ජීවත් වෙමි,” යැයි මෙම පැමිනිල්ල ඉදිරිපත් කිරීම ගැන අදහස් දක්වමින් අහිම්සා වික්‍රමතුං පැවසයි. “ශ්‍රී ලංකා රජය මගේ පියා ඝාතනය කළේ ඔහු ඛල ස්වාධීන වාර්තාකරණය නිසා. අවුරුදු දොළහකට පසු, ඔහුගේ මරණයට වගකිව යුත්තන් ශ්‍රී ලංකා රජය තුළ ඉහළම තනතුරු සිටිමින් දශකයකට පෙර ඔවුන් කළ අපරාධයන් දිගටම කරමින් සිටිති” යැයිද ඇය තවදුරටත් පවසයි.

(සීජේඒ මගින් නිකුත් කරන ලද නිවේදනයක් ඇසුරිණි.)

Archive

Latest news

Related news