Saturday, April 20, 2024

බොරු සහ ප්‍රචන්ඩත්වය දෙසූ ජනාධිපති ට්‍රම්ප්ගේ පේස් බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ ටිවිටර් ගිනුම් තහනම්!

ඡායාරූපය: කැලිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණූ මැර පිරිස් අතර QAnon නම් ක්‍රමන්ත්‍රණ න්‍යායන් දෙසන ට්‍රම්ප්වාදී ලබ්දියක ප්‍රධානියා ද සිටියේය.

ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් එක්සත් ජනපද කොන්ග්‍රස් සභාව සහ සෙනෙට් සභාව රැස්වන කැපිටල්  ගොඩනැඟිල්ලට පහර දීමෙන් පසු ඔහුගේ පේස්බුක්, ඉන්ස්ටර්ගෑම් සහ ටිවිටර්  ගිනුම් තහනම් කිරීමට එම සමාජ ජාල හිමි සමාගම් විසින් පියවර ගෙන තිබේ.

මෙයට හේතුව නම් එම සමාජ ජාල වේදිකා භාවිත කරමින් ඩෙනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණයෙන් ඩිමොක්ක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් ජය දිනීම ප්‍රතික්ෂේප කරමින් සාවද්‍ය ප්‍රචාරයන් කරගෙන යාමත් ප්‍රචන්ඩත්වය උසිගැන්වෙන ප්‍රකාශයන් දිගින් දිගටම කිරිමත්ය.

මේ වනාහී පෙර නොවී විරෑ ක්‍රියාමාර්ගයක් වන නමුත් ඇමෙරිකානු දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ මෙය අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වැසීමක් බවය.

ඊට හේතුව නම් ජනාධිපතිධුරය දැරූ වසර හතර පුරාම ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සමාජ ජාල වේදිකා පාවිච්චි කරමින් ව්‍යාජ පුවත් සහ විවේචකයින්ට විරුද්ධව වෛර ප්‍රචාරයන් ගෙන ගිය නිසාය.

ප්‍රධාන ධාරාවන්හි ජනමාධ්‍යන් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් පළ කිරීමෙිදී ඒ්වායේ අඩංඟු කරුණු සත්‍ය විය යුතු බවට නියාමනයක් පවත්වා ගෙන යන නමුත් පේස් බුක් සමාගම අසත්‍ය කරුණු ඇතුලත් ට්‍රම්ප්වාදී වෙළද දැන්වීම් දිගටම පළ කලේය. පේස් බුක් හිමිකරු වන සකබර්ග් කියා සිටියේ වෙළද දැන්වීම් වල අසත්‍ය ඇත්දැයි සෙවීම තමන්ගේ වැඩක් නොවන බවයි.

පසුගිය 06දා කැපිටල් ගොඩනැඟිල්ලට කඩා වැදී දරුණු විනාශයක් කළ ට්‍රම්ප්වාදී මැර කල්ලි එම හැසිරීම කරා මෙහෙයවන ලද්දේ ට්‍රම්ප්, ඔහුගේ පුත්‍රයා වන කනිෂ්ඨ ට්‍රම්ප් සහ ට්‍රම්ප්ගේ නීති වේදියාවන රෑඩි ජුලියානි විසින් යැයි කියනු ලැබේ.

කැපිටල් ගොඩනැඟිල්ලට එලලවන ප්‍රහාරය නරඹමින් ට්‍රම්ප් ඇතුළු පිරිස සතුටු වන අතර ඔහුගේ බිරිද මෙලනියා ට්‍රම්ප් නටයි.

එම ට්‍රම්ප්වාදී මැර කල්ලි කැපිටල් ගොනැඟිල්ලට කඩා වැදුණේ ජො බයිඩන් ගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා පැවැති කොන්ග්‍රස් සභාවේ සහ සෙනට් සභාවේ ඒකාබද්ධ සැසිවාරය කඩාකප්පල් කිරීම සදහාය.

06 වන බදාදා සවස එක් රැස්වෙමින් සිටි මැර කල්ලි අමතා කතා කරමින් කැපිටල් ගොඩනැඟිල්ල කරා ගමන් කරන ලෙස ට්‍රම්ප් ඉල්ලා සිටි අතර රෑඩි පුලියානී කීවේ යුද්ධයක් වැනි සටනක් මගින් යුක්තිය දිනා ගත යුතු බවයි.

මෙම ප්‍රකාශයන්ට සමාජ ජාල හරහා දැවැන්ත ප්‍රචාරයක් ලැබුණි.

කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළු වී භිෂණ්යය මුදාහල මැර පිරිස් අමතා “දැන් ගෙදර යන්න. උන් අපේ මැතිවරණ ජය සොරකම් කර ගත්තා. අපි උඩින්ම දිනලයි තිබුණේ. ඔබට මම ආදරෙයි. ඔබ තමයි නියම දේශප්‍රේමියෝ” යැයි ට්‍රම්ප් සිය වීඩියෝ ප්‍රකාශය කළේද ටිවිටර් මගිනි. එය මිලියන 13ක් විසින් නරඹන ලදී.

ජනාධිපතිවරණ ප්‍රතිපළ අදාළ සියලු ආයතන මගින් සහතික කර තිබියදීත් එම ප්‍රතිපළ අවලංගු කරන සේ රෑඩ් ජුලියානි විසින් ගොනු කරන ලද නඩු 61ක්ම අධිකරණ විසින් විසිකර දමා තිබියදීත් ජනාධිපතිවරණය දූෂිත යැයි ප්‍රචාරය කිරීමට ට්විටර් සහ පේස්බුක් සමාගම් අවකාශය ලබා දී තිබුණි.

වසර 200කට පෙර බ්‍රිතාන්‍ය යටත්විජිතවාදී හමුදා විසින් මෙම කැපිටල් මන්දිරයේ දොරටු බිද ඇතුල්වීමෙන් පසු මෙවැනි ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ ප්‍රථම වතාවටය.

ප්‍රචන්ඩකාරී යැයි සැළකෙන ට්‍රම්ප්ගේ ට්විට් කිහිපයක් මකා දැමීමෙන් පසු ටිවිටර් සමාගම යළි ඔහුට ඉඩදෙන ලදී. ප්‍රචන්ඩ ක්‍රියා ඇති වූ 06 දින ට්‍රම්ප් විසින් යවන ලද ටිවීට තුනක් මකා දැමීමට අමතරව ඔහු විසින් යවන ලද ට්වීට 10ක් යටින් “ මෙම වංචාව පිළිබද පුවත වැරදියැයි කියනු ලැබ තිබේ’ යන වාක්‍යය ට්විටර් සමාගම විසින් එක් කර තිබේ.

ජනවාරි 06දා ජනාධිපති ට්‍රම්ප් විසින් යවන ලද අසත්‍ය ට්ව්ට යටින් ට්වීට සමාගම ලියා ඇති වැකි නිල් පාටින් ඇත.

එනමුත් පේස්බුක් සමාගම තහනම ඉවත් කර නැත. එය කියන්නේ අඩුම වශයෙන් ජො බයිඩන් ජනාධිපතිධූරයේ ද්විරුම් දෙන 20වනදා තුරු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පේස්බුන් සහ ඉන්ටර්ග්‍රෑම් ගිනුම් තහනම් කරන බවයි.

ස්නැප්වැට් නම් තවත් සමාජ ජාල වේදිකාවක්ද දැන් ට්‍රම්ප්ගේ ගිනුම තහනම් කළ තිබේ.

මාජ ජාල වේදිකාවන්ට හුදෙක් ලාබ උපයක වේදිකාවන් වහයෙන් කිසිදු අචාර ධර්මීය නියාමනයකින් තොරව පවතින්නට ඉඩ දෙන්නේද නැත්ද යන්න දැන් යළි දේශපාලන සාකච්ජාවට පැමිණ තිබේ.

 

Archive

Latest news

Related news