Friday, May 17, 2024

චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට කොකා පෙන්වයි!

ඡායාරූපය: ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් සහ චීන නායන ෂී ජින් පිං

දීර්ඝ සුදානමකින් පසු නව කෙරොන වයිරස් මූලාශ්‍රය පිළිබඳ විමර්ශනයක් කිරීම පිනිස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දරන ලද පර්යේෂනාත්මක  උත්සාහය චීින ආන්ඩුව විසින් පසුගියදා ව්‍යවර්ථ කළේය.

ලෝක සෞක්‍ය සංවිධානය විසින් සංවිධානය කරන ලද විශේෂඥයින් දස දෙනෙකුගෙන් යුත් මෙම විමර්ශන කණ්ඩායමට සඳහා ජපානය, කටාර්, ජර්මනිය, වියට්නාමය, රුසියාව, ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, එක්සත් ජනපදය සහ එක්සත් ජනපදය යන රටවල විද්වත් වෘත්තිකයික් ඇතුළත්ව තිබුණි.

මෙම කණ්ඩායම මෙයට දින තුනකට පෙර වූහාන් කරා යාමේ අදහසින් චීනය බලා යමින් සිටි නමුත් ඒ කිසිවකුට රටට අතුලුවීමට චීනය ඉඩ දුන්නේ නැත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් මේ ගැන සිය කණස්සල්ල පළ කර තිබේ.

නව කොරෝන වයිරසය බොළුීම ආරම්භ වී දැනට වසරකට වඩා ගතවී ත්බ්යදීත් ලෝක සෞඛ්‍ය සංවිධානයට වයිරසයේ මූලාශ්‍රය සොයා බැලීමට නොහැකිවීම ගැන බොහෝ රටවල් විමතිය පළ කර තිබේ.

වයිරසයේ මූලාශ්‍රය සෙවීම ඉතා දුෂ්කර කාරියක් බව පවසන චීන බලධාරීන් විද්වත කණ්ඩායමට එරටට ඇතුළු වීමට ඉඩ නොදීම ගැන විවිධ හේතු ඉදිරිපත් කර තිබේ. එකක් නම් වීසා ලබාදීමට ඇති ප්‍රශ්ණය. තවතත් නම් සාකච්ජා තවම අවසන් වී නැතැයි යනුය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් සැළකෙනුයේ චීන හිතවාදියකු ලෙසය. චීනයෙන් ලැබෙන වරදාන නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකයින් අතරද චීන ලැදියාවක් තිබේ.

නව කොරෝන වයිරසය වූහාන්හි ආරම්භ වීමෙන් පසු එය මිනිසාගෙන් මිනිසාට බෝවන බව දැනගත් වහාම ඒ පිළිබඳව අනතුරු හැඟවීමෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වැළකී සිටියේය. එසේ අනතුරු හඟවන ලද්දේ නම් චීනය සමඟ ගුවන් ගමන් නතර කර වයිරසය බෝවීම පාලනය කර ගැනීමට ලෝකයට ඉඩ තිබූ බව සමහර විචාරකයෝ පවසති.

ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් පදවිය ලබා ගැනීමට උදව් කල ප්‍රධාන රටක් වූයේද චීනයයි. ඔහු ඉතියෝපියාවෙහි හිටපු විදේශ සහ සෞඛ්‍ය ඇමැතිවරයා වෙයි.

නව කොරෝන වයිරසයේ මූලාශ්‍රය සොයා ගැනීම අවශ්‍ය වන්නේ ඉදිරියෙහි එවැනි තත්වයන් ඇතිවීම අවම කර ගැනීම පිනිසය. නමුත් තවමත් එය පවතිනුයේ විවෘත ප්‍රශ්ණයක් ලෙසය.

 

Archive

Latest news

Related news