Friday, May 3, 2024

මහර බන්ධනාගාරයෙහි තවත් රැදවියන් 4 දෙනෙකු මිග ගියේ වෙඩි පහරින් බව හෙළිවෙයි.

ඡාායරූපය: මහර බන්ධනාගාරයෙහි වෙඩි තබා ගාතනය කළ රැදවියෙක්.

මෙතෙක් නිකුත් වී ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය තවක් හතර දෙනෙකුගේම මරණ වලට හේතුව වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසා තිබේ.

“අපි දැක්කා මහර බන්ධනාගාර සිද්ධියේදී මියගිය 11 දෙනාගෙන් 8 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල වලින් මියගිහින් තියෙන්නෙ. කෙනෙක්ගේ මරණයක් සිදුවුණොත් ඒ මරණය සිදුවූ ආකාරය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තමයි ඒකෙ ප්‍රධානම අංගයක් වෙන්නෙ. අනෙකුත් පරිබාහිර කරුණුවලට අමතරව. ඊළඟට රසපරීක්ෂක වාර්තාව. ඒ නිසා මේවා අධිකරණයට ඉදිරිපත් වෙලා අධිකරණය අධිකරණ ක්‍රියාමාර්ගය තුළ අවශ්‍ය නියෝගයන් ලබාදේවි.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත කියා සිට තිබේ.

මෙයට පෙර ඉදිරිපත් කරන ලද මරණ පරීක්ෂණ වාර්තා අනුව මිය ගිය රැදවියන් හතර දෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තිබූ බව හෙළි විය. දැන් එම ගණන අට දක්වා ඉහළ ගොස් තිබේ.

මහර ඝාතනයන්ගෙන් පසු බන්ධනාගාර කළමණාකරන ඇමැති ලෙස පත් කරන ලද ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තුවට කියා සිටියේ මිය ගිය රැදවියන් කිසිවකුට වෙඩි වැදී නැති බව මරණ පරීක්ෂණ මගින් වාර්තා කර ඇති බවයි.

සිය ප්‍රකාශය ඉහළ පෙළේ වෛද්‍ය කමිටුවක් මගින් කරන ලද මරණ පරීක්ෂණ මගින් අනාථ වීම පිළිබඳව ලොහාන් රත්වත්තේ මේතාක් කිසිවක් කියා නැත.

( www.colomboxnews පුවතක්ද අසුරු කර ගන්නා ලදී)

Archive

Latest news

Related news