Monday, May 20, 2024

ගෝඨාභය වින්තනයට රජයේ සේවකයින්ගෙන් දිව්රුම් ගනී!

ජනාධිපති දේශපාලන වැඩ පිළිවෙළ වන සෞභාග්‍යයේ දැක්ම නම් වින්තනයට එළඹෙන ජනවාරි 01දා රජයේ සේවකයින්ගෙන් දිවුරුමක් ගන්නා බව සති අන්ත ඉංග්‍රිසි පුවත් පතක් වාර්තා කරයි.

රජයේ සේවකයින්ගෙන් මෙවැනි දිවුරුමක් ගැනීම ආරම්භ වූයේ 2008 වර්ශයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේය. එතෙක් එවැනි දිවුරුමක් නොතිබූ අතර දිවුරුම හදුන්වා දීමෙන් පසු රාජ්‍ය සේවයේ ඇතිවූ වෙනසක් නැත.

2021 ජනවාරි 1 වන දින (ලබන සිකුරාදා) රාජ්‍ය සේවකයින් සිය වැඩ කටයුතු ආරම්භ කරන විට, ඔවුන් මහජනතාවට සේවය කිරීමට පොරොන්දුවීමට අමතරව , ජනාධිපති ගෝථාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රකාශය වන “ගෝඨාභය රටහදන සෞභාග්‍යයේ දැක්ම” ක්‍රියාත්මක කිරීමට ද දිවුරුම් දිය යුතුය. එය ව්‍යවස්ථානූකූල නියමයක් නොවේ. 

මේ වනාහී  නව දේශපාලන  එකතු කිරීමකි.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයකට අනුව, දිවුරුම් දීම සදහා සෑම රාජ්‍ය ආයතනයකම එහි ප්‍රධානියා නායකත්වය දෙන කෙටි උත්සවයක් පැවැත්විය යුතුය.

මෙම දිව්රුමට “තිරසාර බව කෙරෙහි අවධානය යොමු කරන භෞතික සම්පත් සංවර්ධනය කිරීම තුළින් ජනතාව කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට” දිවුරුම් දෙන බවද ඇතුළත් කර තිබේ.

මෙවැනි දිව්රුම් දීම් ඇත්තේ පුද්ගලාභිවාදනය රජ කරන චීනය වැනි රටවලය. මාඕ සේතුං යුගයෙහි දී සංස්කෘතික විප්ලවයෙන් පසු සෑම අයතුම “මාඕ සේතුං චින්තනය” නම් කුඩා රත පොත ඔසවා එම වන්තනයට දිව්රුම් දිය යුතු විය. ඔහුගේ මරණයෙන් පසු එය ඉවත් කරන ලදී.

දැන් වීනයෙහි පවා දිව්රුම්දීම් කළ යුත්තේ එරට ව්‍යවස්ථාවට පමණය. එනමුත් එරට ව්‍යාවස්ථාවට ෂි ජින් පිං චින්තනය ඇතුළත් කර තිබේ. මා සේතුංගෙන් පසු අහොසි කරන ලද පුද්ගලාභිවාදනය ෂි ජින් පිං යටතේ කවරදාකටත් වඩා ඉහළ නංවා තිබේ.

චීන කොළනියක් බවට පත් වෙමින් ඇති මෙරටදී නම් ජනාධිපති රාජපක්ෂගේ වින්තනයට කෙලින්ම දිව්රුම් දිය යුතුව තිබේ. මන්ද යත් එය තවම මෙරට ව්‍යාස්ථාවට ඇතුළත් කර නැති නිසාය.

1934 වර්ශයේදී ජර්මනියේ පාලකයා බවට පත් ඇඩොලප් හිට්ලර් සියලු රජයේ සේවකයන් සහ යුද හමුදා සෙබළුන් විසින් දිය යුතු දිව්රුමක් හදුන්වා දුන්නේය. එහි මෙසේ කියැවිණි.

ඇඩොල්ෆ් හිට්ලර්, අපගේ නායකයා සහ ජර්මානු චාන්සලර් ලෙස මම ඔබ කෙරෙහි දිවුරමි. මම ඔබට පක්ෂපාතී වෙමි. මම නිර්භීත වෙමි. ඔබටත් ඔබ නායකත්වය දීමට පත් කළ අයටත් මරණය තෙක් කීකරු වන බවට මම ප්‍රතිඥා දෙමි. දෙවියනි ඒ සඳහා උදව් කරන්න.”

ලංකාවටත් හිට්ලර් කෙනෙක් අවශ්‍ය බව කී අයවලුන්ට දැන් ඉතිරිව තියෙන්නේ මෙවැනි දිව්රුමක් හදුන්වා දීම පමණි.

සේ. පියවර්ධන

Archive

Latest news

Related news