Friday, May 17, 2024

උදයාංග වික්‍රම නොහොත් 43:1ක් කොවිඩ් අසාදිත ලොක් ඩවුන් රටකින් ලංකාවට සංචාරකයන් ගෙන්වීම!

මහා පරිමාණ වංචා දූෂන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි රාජපක්ෂ මස්සිනා කෙනෙකු වන උදයාංග වීරතුංග දැන් රජයේ උපදේශකයෙකි. ශ්‍රී ලංකාවට රුසියානු සහ යුක්රේන සංචාරකයින් ගෙන්වීමට දැන් ඔහු ක්‍රියා කරයි. රුසියාව ශ්‍රී ලංකාවෙහි සංචාරය සඳහා එරට වැසියන් පැමිණිම වළක්වා ඇතත් මෙම මස 28වන දින යුක්රේන සංචාරකයින් 300ක් ලංකාවට ගෙන එන බව උදයාංග වීරතුංග ප්‍රකාශ කර තිබේ.

යුක්රේනය යනු ලොව වසංගතයට ගොදුරුවූ රටවල් අතර අනුපිළිවෙළින් 16වන රටය

එරට දරුණු ලෙස කොවිඩ් වසංගතයට මුහුණ දී සිටී. එවැනි රටකින් සංචාරකයින් ගෙන්වීමේ තදියම පිටුපස තිබිය හැක්කේ උදයාංග වීරතුංග මැදිහත් වූ මිග් ජාවාරම මෙන්ම තවත් කොමිස් ජාවාරමක් විය හැකිය.

එරට ජනගහණය ශ්‍රී ලංකාවේ මෙන් දෙගුණයක් පමණක් වන නමුත් එරට රසායනාගාර පරීක්ෂන මගින් වාර්තාගත අසාදිත සංඛ්‍යාව 1,025,989 වන අතර කොව්ඩ්19 මරණ සංඛ්‍යාව 17,774 ක් වේ. මිලියන 43ක් ජීවත්වන එරට දැනට අසාදිත සංඛ්‍යාව මිලියනයකට වැඩිය. එනම් සෑම 43 දෙනෙකුටම එක් අයෙකි.

ශ්‍රී ලංකාවට උදයාංග වීරතුංග සංචාරකයින් ගෙන්වන්නේ එවැනි රටකිනි.

පසුගිය දෙැසැම්බර් 26 වනදා එරට නව අසාදිතයින් 7,709 ද මරණ 121 ද වාර්තා විය. එරට සෑම මිලියනයකටම 23,529 වැසියන් ප්‍රමාණයක් අසාදිත වී තිබේ. මෙය අතිශය ඉහළ අගයක් වන අතර එමගින් පෙන්වන්නේ වසංගතය එටට සමාජ සම්ප්‍රේක්ෂන තත්වයට ළඟා වී ඇති බවයි.

ඇමෙරිකා එක්සත් ජනපදය ද ඇතුළු බොහා් යුරෝපීය රටවල් යුක්රේනයට සංචාරය සදහා නොයන ලෙස සිය වැසියන්ට අනතුරු හඟවා තිබේ.

ඒ එරට කොවිඩ් 19 වසංගතය ඉතා උග්‍ර තත්වයක පවත්නා නිසාය.

අත්‍යාවශ්‍ය කරුණක් නිසා රඑටට යා යුතු නම් සංචාරයට දින 1-3 කට පෙර නෙව කොරෝන වයිරස් පරීක්ෂණයක් කර ගත යුතු බවත් එරටදී සියලු සෞඛය ආරක්ෂක ක්‍රම පිළිපදින ලෙසත් එම රටවල් සිය වැසියනට දන්වා තිබේ.

එරට සිට ආපසු පැමිණීමෙන් පසු දින හතක සිට දහයක් කාලයක් දක්වා ස්වයං නිරෝධායනයක යෙදෙනෙ ලෙසද එම නිර්දේශ දක්වා තිබේ.

එරට වසංගත තත්වය කොතරම් උග්‍රද යත් පසුගිය නොවැම්බර් 11 වන දින සිට රජය විසින් සති අන්තයන්හි රට ලොක් ඩවුන් නොහොත් වසා දැමීමක් ප්‍රකාශයට පත් කරන ලදී.

එමගින් සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළෙද සැල් වසා දැමෙන අතර මෙන්ම නිවෙසින් පිටතදී දී මුඛ ආවරණයක් පැළදීම අනීවාර්ය කර තිබේ. එරට ජිම්, සිනමා ශාලා වසා දමා ඇති අතර ආගමික හා සංස්කෘතික උත්සව ද සීමා කර තිබේ.

යුක්රේන අගමැති ඩෙනිස් ෂ්මිහාල් දෙසැම්බර් 9 වන දින සිට “සම්පූර්ණ වසා දැමීමක්නොහොත් ලොක් ඩවුන් කිරීමක් ප්‍රකාශයට පත් කරන ලදී. නත්තල් කාලය සඳහා යළි විවෘත කරන ලද එරට 2021 ජනවාරි 08 දින සිය යළි වසා දමනු ලැබේ.

මෙම වසා දැමීම 2021 ජනවාරි 24 දක්වා පවතිනු ඇති අතර යුක්රේනයේ සියලුම පොදු ඒකරාශිවිම් එමගින් තහනම් කර තිබේ.

ගොඩ බට ප්‍රථම උක්රේනියානුවා මුඛ ආවරණයවත් හරියට පැළද නොසිටියේය.

එම කාලය තුළද සිනමා ශාලා, ජිම්, ආහාර නොවන වෙළඳසැල්, සිනමාහල් සහ සාප්පු මධ්‍යස්ථාන වසා තබනු ඇත.

ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ හෝටල් යුක්රේනියානුවන්ට ඇරී තිබෙනු ඇත.

සෞභාග්‍යයේ දැක්ම! 

සේ. පියවර්ධන

Archive

Latest news

Related news