Friday, May 17, 2024

නත්තල්දා කොලඹ අගරදගුරු මැල්කම් රංජිත්  ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොවිඩ් කුමන්ත්‍රණ න්‍යාය දේශණා කරයි!

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් නව කොරොන වයිරසය බිහිවීම පිළිබද ලොව විවිධ පිරිස් විසින් ගෙන යන ක්‍රමන්ත්‍රණ න්‍යායේ දේශකයකු බවට පත්ව තිබේ.

ඔහු මෙම කුමන්ත්‍රණ න්‍යාය දේශනා කිරීමට ඔහු තොරා ගෙන තිබෙන්නේ ලොව පුරා කිතුනුවන් සිය ආගමික ශාස්තෘවරයා සිහි කරන නත්තල් දිනයයි.

“වසංගතය ලෝකයට පැමිණියේ ස්වාභාවික ක්‍රමවලින් නොව මිනිස් කෑදරකමින්” යැයි කදාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මධ්‍යම රාත්‍රියේ නත්තල් දේව මෙහෙයෙහිදී කාදිනල් මැල්කම් රංජිත් කියා සිටියේය.

ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන අන්දමට ඔහු තව දුරටත් මෙසේ කියා තිබේ

ඖෂධ නිෂ්පාදනය කරන අයගේ වංචනික ක්‍රම ගැන අපට අසන්නට ලැබේ. ඔවුන් විෂබීජ කෘතිමව නිපදවන අතර පසුව විෂබීජ මගින් ඇති වන රෝග සුව කිරීම සඳහා ඖෂධ නිෂ්පාදනය කරයි. එබැවින් කොවිඩ් 19 ඇතිවුයේ වූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය වේ.”

මැල්කම් රංජිත් මේ ප්‍රකාශය කිරීමට ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් පිරිසක් ගෝලීය වසංගතයෙන් මිය යනතුරු බලා සිටිය‌ේ මන්දැය යන්න ප්‍රශ්ණයකි. රාජපක්ෂවාදී දේශපාලන පූජකයකු වන මැල්කම් රංජිත් මෙම ප්‍රකාශ කලේ ආන්ඩුවේ බටහිර විරෝධී ප්‍රචාරයන්හි කොටසක් ලෙසද විය හැකි යැයි විචාරකයෝ කියති.

කවර හෝ ඖෂධ සමාගමක් හෝ විසින් නිපදවන ලදැයි තහවුරු වූ එක් රෝග කාරක වයිරසය නමක් කීමට අගරදගරුට මැල්කම් රංජිත්ට හැකිද? 

ත්ත වශයෙන්ම මැල්කම් රංජිත්ට SARS-CoV-2 වයිරසයේ ආරම්භය සැන සහිත නම් ඒ පිළිබඳ පරීක්ෂනයක් අවශ්‍ය නම් ඒ බව කියා සිටිය යුතු වුයේ නත්තනල් දේව මෙහෙයකදී මහජනයාට නොව සිය ආගිමික නායකයා වන පාප් වහන්සේටය. මන්ද යත් එම දේව මෙහෙයට සහභාගි වූ කිසිවකුට මේ ගැන පරීක්ෂනයක් කළ නොහැකි නිසාය.

එවැනි කාරියක් සඳහා ධනය සහ බලය ඇති අගරදගුරු මැල්කම් රංජිත්ට සම්බන්ධ ආයතනය වන්නේ කතෝලික ආගමික මූලස්ථානය වන වතිකානුව සහ පාප් වහන්සේය.

ඔහු සිය ඉල්ලීම පාප් වහන්සේ වෙත ඉදිරිපත් නොකරන්නේ නම් එහි තේරුම වන්නේ මේ දේශණාව දේශපාලන කතාවක් පමණක් වන බවයි.

කොවිඩි 19 වසංගතය ගැන පතුරවන පද කුමන්ත්‍රණ න්‍යායන්ගෙන් වැඩිම ඉල්ලුමක් ඇත්තේ SARS-CoV-2 රසායනාගාරයකදී නිපදවන ලද්දක් බවයි. ජරාජය වීත් බලය අත හැරීමට අකමැති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම බොරව ජනගත කල ප්‍රමුඛයා ලෙස සැළකේ. දැන් අගරදගරු මැල්කම් රංජිත් සිට ගන්නේද ඒ බොරුකාර ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟය.

නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇඟිල් දිගු කළේ වීනයේ වූහන් පවත්නා වයිරස් විද්‍යාව පිලිබද වූහාන් ආයතනයටය. වයිරසය එහි නිපදවන ලද බවත් අහම්බෙන් හෝ ඉන් එළියට පැමිණ ඇති බවත් එම කුමන්ත්‍රණ න්‍යාය විය පෙනෙන විදිහට මෙරට කතෝලික සභාවේ ප්‍රධානියා දැන් ඇඟිල්ල ඖෂධ සමාගම් කරාය.

එනමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රමුඛ ලොව වයිරස් විද්‍යාඥයෝ එම මතය තාර්කික ලෙස බැහැර කළහ. වයිරසය නිපදවන ලද්දක් නම් එහි ජානමය වශයෙන් කරන ලද වෙනස්කම් තිබිය යුතු බව ඔව්හු පෙන්වා දුන්හ.

දැන් අගරදගුරු මැල්කම් රංජිත් එම සියළු විද්‍යාඥයින් පරයා යමින් මෙම නව සොයා ගැනීම කර තිබේ. ඇත්ත වශයෙන්ම නම් ඔහු සිය විවේචනය එල්ල කරන්නේ නව කෙරෝනා වයිරසයට එන්තන් සොයා ගෙන ඇති ඖෂධ සමාගම් වෙතටය. අනියමින් ඔහු කියන්නේ මෙම සමාගම් වයිරසය නිපදවා දැන් එන්නත් නිපදවන බවයි.

මේ තරම් සාහසික සහ අඥාණ ප්‍රකාශයක් කළ හැක්කේ කැළනි ගගෙන් මතුවු නාගයා හෝ කැගල්ලේ පැනිය ගැන හෝ වචනයක්වත් නොකියා දේශපාලනඥයින්ට කඩේ යන අගරදගරු මැල්කම් රංජිත් වැනි අයෙකුට පමණය.

මෙවැනි අගරදගරුන් ඉන්නා රටක කොවිඩ් 19 සුව කරන බවට දෙස්දෙන පැනියන් බිහිවීම පුදුමයක්ද? 

මෙරට කතෝලික සභාවේ ප්‍රධානියා එම චංචාකාර පැනියන් මෙන්ම නව කොරෝන වයිරසය ගැන මිත්‍යා වැපරවීම කොතරම් අභාග්‍යක්ද

 

සේ. පියවර්ධන විසිනි.

Archive

Latest news

Related news