Friday, May 3, 2024

රජයේ නීතිඥ නිශාරා ජයරත්නගේ NGO කතාව ගැන අගවිනිසුරුට පැමිණිල්ලක්

පසුගිය 15වනදා වැළිසර අධිකරණයෙහි මහර සිරකරු ඝාතනය පිළිබද නඩු විභාගය අවස්ථාවෙහිදී NGO කාරයින්ට ඕනෑ විදිහට නඩු කළ නොහැකි” යැයි රජයේ නීතිඥවරිය වූ නිශාරා ජයරත්න විසින් කරන ලද ප්‍රකාශය නීතිඥ වෘත්තියේ ආචාර ධර්ම කෙළෙසීමක් යැයි අගවිනිසුරු ජයන්ත ජයසූරිිිය වෙත අද දින පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

ලිපියක් මාර්ගයෙන් මෙම පැමිණිල්ල යවන ලද්දේ මහර හිරගෙදර ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කන්ඩායම වූ සේනක පෙරේරා, කේ.එස් රත්නවේල් , පාලිත බණ්ඩාරනායක, අචලා සෙනවිරත්න, චූලා අධිකාරී, තම්බයියා ජේ රත්නරාජා, නාමල් රාජපක්ෂ, ලුතීෆ් සයිනුල් යන අය විසිනි.

රජයේ නීතිඥවරිය  “අප පෙනී සිටින්නේ අගතියටපත් කවුරුන් වෙනුවෙන්ද යන්න ප්‍රශ්ණ කරමින් වෘත්තීය ගරුත්වයට හානිවන ලෙස කටයුතු” කරන ලද බවද  එම හැසිරීම තමන් විසින් හෙළා දකින බවද එහි දක්වා තිබේ.

මෙම පුවත මාධ්‍ය මගින් ප්‍රචාරය වීම නිසා තමන් මහත් අපහසුතාවයට පත්ව සිටින බව ප්‍රකාශ කරන එම ලිපිය ඉදිරියේදී මෙවැනි ක්‍රියා ඉදිරියට සිදු නොවීම සඳහා විධිමත් විමර්ශණයක් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටී.

විනිදිතයින්ගේ යුක්තිය පෙනී සිටින ලද සිටින ලද නීතිඥවරුන් ලෙස තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් කඩකරමින් ක්‍රියා කිරීම දැඩි ලෙස හෙළා දකින බවද එම ලිපිය සඳහන් කරයි.

එම ලිපිය පහත දැක්වේ:

Archive

Latest news

Related news