Thursday, April 25, 2024

පළිගැනීම් සොයන කොමිසමේ සභාපතිවූ උපාලි අබේරත්න අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයට එපා! – වින්දිත මා පියවරු

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි සමම්ත වූ යෝජනා අනුව සංක්‍රමණිය යුක්ති යාන්ත්‍රණයක් ලෙස පිහිටුවන ලද “අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය” යේ නව සභාපති ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු මෙන්ම ජනාධිපති රාජපක්ෂ විසින් පිහිටුවන ලද දේශපාලන පළිගැනීම් විමර්ශන කොමිසමේ සභාපති වූ ද උපාලි අබේරත්න පත් කිරීමට විරුද්ධව සමාජයේ විරෝධතාවයක් ගොඩ නැගෙමින් තිබේ.

19 වන සංසෝධනයට අනුව අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට පත්කිරීම් කළ යුතු වූයේ ව්‍යවස්ථා මණ්ඩලය හරහාය. 20 වන සංසෝධන මගින් එම පත්කිරීම් ජනාධිපතිවරයාගේ තනි කැමැත්තට යටත් කර තිබේ. ඒ අනුව උපාලි අබේරත්න පත් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂගේ රිස්ස අනුවය.

මෙම කාර්යාලයේ සභාපතිවරයා ලෙස කැපී පෙනෙන සේවාවක් කළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පසුගිය සැප්තැම්බර් 30 දා නීතිඥ සංගමයේ සභාපති ධුරයට තරඟ කිරීම සඳහා සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය.

උපාලි අබේරත්නට එල්ල වන විරෝධයේ අලුත්ම සිදුවීම වන්නේ  නාවික හමුදාවේ කප්පම් කල්ලියක් විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද තරුණයන් 11 දෙනාගේ මව්වරුන් සහ පියවරුන් විසින් යවන ලද ලිපියකි.

සිය දරුවන් නිවික හමුදාවේ කප්පම් කල්ලියක් විසින් පැහැර ගැනීම පිළිබදව විමර්ශන සාර්ථකව අවසන් කොට ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියෙහි නඩු පවරණ ලද බවත් එම නඩුවේ 14වන විත්තතිකරු විසින් ඉදිරිපත් කරන ලද සටකපට පැමිණිල්ලක් පළිගිනීම් විමර්ශක නොමිසමේ සභාපති වශයෙන් උපාලි අබේරත්න විසින් විභාගයට ගත් බවත් මා පියවරු එම ලිපියෙහි සඳහන් කරති. අනතුරුව අනෙක් චූදිතයින්ද එස කොමිසමට නිර්ලජ්ජිත ලෙස දේශපාලන පළිගැනීම් කියාගෙන පැමිණිළි ගොනු කරන ලද බවත් එම ලිපිය සඳහන් කරයි.

සිය දරුවන් නාවික හමුදාවේ කප්පම් කල්ලියක් විසින් පැහැර ගැනීම පිළිබදව විමර්ශන සාර්ථකව අවසන් කොට ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියෙහි නඩු පවරණ ලද බවත් එම නඩුවේ 14වන විත්තතිකරු විසින් ඉදිරිපත් කරන ලද සටකපට පැමිණිල්ලක් පළිගිනීම් විමර්ශක නොමිසමේ සභාපති වශයෙන් උපාලි අබේරත්න විසින් විභාගයට ගත් බවත් මා පියවරු එම ලිපියෙහි සඳහන් කරති. අනතුරුව අනෙක් චූදිතයින්ද එස කොමිසමට නිර්ලජ්ජිත ලෙස දේශපාලාන පළිගැනීම් කියාගෙන පැමිණිළි ගොනු කරන ලද බවත් එම ලිපිය තවදුරටත් සඳහන් කරයි.

එම කොමිසමේ සභාපති ලෙස උපාලි අබේරත්න ත්‍රිපුද්ගල මාහාධිකරණයෙහි විභාග වෙමින් පැවැති නඩුවට බලපෑම් සිදුවන පරිදි අයුක්ති සහගතව අපහාසාත්මක ආකාරයෙන් කටයුත කළ බවට මා පියවරු එම ලිපියෙන් චෝදනා කරති.

ඔහු වැන්නකු අතුරුදහන්වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ සභාපති ලෙස පත්කිරීම විස්මය දනවන බවත් ඔහු යටතෙහි අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ස්වාධීන අපක්ෂපාතී මෙහෙයක් ඉටවීමට කිසිදු ඉඩක් නොමැති බව තමන්ගේ විශ්වාසය බවද එය සඳහන් කරයි.

අතුරුදහන් කළ සිය දරුවා පිළිබද එකම සාක්ෂිය වන කරදහි කැබැල්ල ලියූ සටහනක් වසර 30ක් පුරා රැගෙන යමින් යුක්තිය ඉල්ල සිටින මවක්!

එබැවින් ස්වකීය හෘද සාක්ෂියට සවන් දී එම ධුරයෙන් ඉල්ලා අස්වන එම මාපියවරු අවසාන වශයෙන් ඉල්ලා සිටිති.

ලිපිය සදහන් කරයි.

එම කොමිසමේ සභාපති ලෙස උපාලි අබේරත්න ත්‍රිපුද්ගල මාහාධිකරණයෙහි විභාග වෙමින් පැවැති නඩුවට බලපෑම් සිදුවන පරිදි අයුක්ති සහගතව අපහාසාත්මක ආකාරයෙන් කටයුත කළ බවට මා පියවරු එම ලිපියෙන් චෝදනා කරති.

ඔහු වැන්නකු අතුරුදහන්වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ සභාපති ලෙස පත්කිරීම විස්මය දනවන බවත් ඔහු යටතෙහි අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ස්වාධීන අපක්ෂපාතී මෙහෙයක් ඉටුවීමට කිසිදු ඉඩක් නොමැති බව තමන්ගේ විශ්වාසය බවද එය සඳහන් කරයි.

එබැවින් ස්වකීය හෘද සාක්ෂියට සවන් දී එම ධුරයෙන් ඉල්ලා අස්වන එම මාපියවරු අවසාන වශයෙන් උපාලි අබේරත්නගෙන් ඉල්ලා සිටිති.

පසුගිය 17 වැනිදා අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ලිපිනයට යවන ලද ලිපිිිය අනෙක් වගකිව යුතු අංශ වෙතද යවා තිබේ.

සම්පුර්ණ ලිපිය පහත දැක්වේ.

Archive

Latest news

Related news