Friday, April 26, 2024

ඇමැති රියර් අද්මිරාල් වීරසේකරගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස මේජර් ජෙනරල්වරයෙක්

විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජනාධිපති රාජපක්ෂ විසින් පත් කර තිබේ.

ජනාධිපති රාජපක්ෂ විසින් 2019 දෙසැම්බර් මාසයේදී පත් කරන ලදුව  ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙසද සේවය කරන  මේජර් ජෙනරල් ජගත් අල්විස් ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති ලෙසද සේවය කර තිබේ. ඔහු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ආරක්ෂිත රටක් සහ විනයගරුක, ගුණවත් හා නීත්‍යානුකූල සමාජයක් නිර්මාණය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ද වේ.

පපසුගිය නොවැම්බර් 22දා පිහිටුවන ලද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජගත් අල්විස් කටයුතු කරනු ඇති අතර එහි ඇමැතිවරයා වන්නේ ජනාධිපති රාජපක්ෂගේ විශ්වාසවන්තයකු වන රියර් අද්මිරාල් සරත් වීරසේකරය.

ඔහුට මෙම ඇමැති දූරය ලැබුණේ නොවැම්බර් 26 දින. පොලිස් බලකාය ලක්ෂයක් දක්වා වැඩි කරන බවටත් මත්ද්‍රව්‍ය උවදුර සහමුලින්ම නැති කරන බවටත් ඔහු ශපථ කර තිබේ.

දෙමළ ජාතික සන්දානය තහනම් කළ යුතු බවටත් පලාත් සබා ක්‍රමය අහෝසිකළ යුතු බවටත් ඔහු යළි යළි අදහස් දක්වා තිබේ. ජීනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ කටයුතු කරමින් යුද සමයේ සිදුවූ අතුරුදහන්වීම් සහ මානව හිමිකම් කෙළෙසීම් වලට යුක්තිය ඉලලා සිටින පිරිස් දේශද්‍රෝහීන් ලෙස හදුන්වන වීරසේකර එවැනි පුද්ගලයින්ට මරණ දඩුවම දිය යුතු බවත් ප්‍රකාශ කර තිබේ.

Archive

Latest news

Related news