Thursday, April 25, 2024

අපවිත්‍ර කටයතු පිළිබඳ ඇමැතිනිය වෙත පුංචි පුතාගෙන් ආදරයෙනි!

මගේ ආදරණීය පවිත්‍රාදේවි,

සති කිහිපයකට පෙර පළමු වරට ඔබට ලිපියක් ලියන විට ඔබට ඉක්මනින් නැවතත් ලියන්නට වෙනු ඇතැයි මම කිසි විටෙකත්  හිතුවේ නැහැ. නමුත්, ලෝකය මාරාන්තික වෛරසයක ග්‍රහණයේ සිටින මේ  අසාමාන්‍ය කාලයේ , අපගේ ඇමතිවරිය ලෙස සෞඛ්‍යයේ හරිමැදම සිටින  ඔබ ප්‍රවෘත්තිවල මාතෘකාවක් වීම පුදුමයක් නෙවෙයි.

මම හිතන්නේ  නැහැ ඔබත් එයට අකමැතියි කියා. මෙරට පළමුවෙන්ම කොරෝනා වෛරස් රෝගයට ගොදුරු වූ චීන සංචාරිකාවක රෝහලෙන් පිටව යමින් සිටියදී ඔබ ඇය බැලීමට ගියාම එය ජාත්‍යන්තර සිරස්තලයක් වූ වූ ආකාරය අපට තවම මතකයි. චීන ජාතිකයන්, ඔබේ උණුසුම් අභිනය අමතක කරන එකක් නැහැ!

එවෙලේ කැපී පෙනනු දේ තමයි එම අවස්ථාවේ දී, චීන සංචාරිකාව මුහුණූ ආවරණයක් පැළඳ සිටියත් ඔබ එසේ නිකම්ම හිටපු එක. පාරාදීසයේ හුදී ජනයා තම දේශපාලනයන් දෙස බලන්නේ ආදර්ශයන් විදියටනේ. ඉතිං  ඔබ නොදැනුවත්වම වගේ මුළු ජාතියටම අනුගමනය කරන්න ආදර්ශයක් තැබුවා වෙන්න පුලුවන්. පවිත්‍රාදේවි, එදායින් වසරකට පසුව, ඉන් වෛරසය සමඟ අප අද සිටින්නේ කොහිදැයි ඇසි ඇර බලන්න!

මම දන්නවා ඔබ කරන්නේ අමාරු කියා. එයට හේතුව, නිල වශයෙන් සහ අවම වශයෙන්, පාරාදීසයෙහි මෙම වසංගතය කළමනාකරණය කිරීම සඳහා වගකිව යුතු පුද්ගලයා ඔබ වෙච්ච එකයි. ඒත්, වටේ ඉදං සියලු අණ දෙන නිලධාරීනුයි, ප්‍රකාශකයනුයි සහ කාර්ය සාධක බලකායනුයි  වසංගතය සමඟ හැප්පෙන නිසා , ඔබට  අවශ්‍ය දේ කරන්න ඇත්ත වශයෙන්ම බලක් නැතුව වගෙයි.

එහෙම නැත්නම් ඔබට තියෙන්නේ , පාර්ලිමේන්තුවට ගොස් වසංගතය ගැන අන් සියල්ලන්ම කරන්නේ කුමක්ද පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමත් යම් දෙයක් වැරදී ඇති විට දොස් පැවරීමත් පමණක් ද මන්දා?  ඇහැලියගොඩ කාන්තාවක් වන ඔබ මිනුවන්ගොඩ මුලින්ම සිදුවී ඇති දේ ආරක්ෂා කිරීමට සිදුවුනා. දැන්  ලියගොඩත් රකින්නට වුණාද? ඔක්කොම ගොඩ!

මා මෙම ප්‍රශ්නය අහන්නේ, ගෝටා මාමා ඔබේ හොඳ මිතුරියක් වන සුදර්ශිනීව ‘කොවිඩ් -19 වැළැක්වීමේ’ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත්කරපු නිසයි. දැන්, වසංගතය වැළැක්වීම සඳහා ඔබ ලොකු වැඩක් කරනවා යැයි ගෝටා මාමා හිතුවේ නම්, ඔහු එහෙම කරන එකක් නැහැ නේද?

පවිත්‍රදේවි, ඔබව පත් කරන විට, හුඟක් අයගේ ඇහිබැම උඩ ගියා. මොකද, ගෝටා මාමාගේ කණ්ඩායමේ විශේෂ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන් බොහෝ දෙනෙක් හිටපු නිසා. මහාචාර්ය තිස්ස, සුදර්ශනී, සීතා සහ රජරටින් ආ ජයසුමන. සමහර විට කරන්න ඕන දේයි නොකරන්න ඕන දේයි ගැන වෛද්‍යවරයක් හෝ වෛද්‍යවරියක විසින් දෙන උපදෙස් ගෝටා මාමාට අවශ්‍ය නැති නිසා වෙන්නැති.

ඇත්තම්ම එදා මහාචාර්යවරයා කිව්වෙත් ඒකයි. ඔහු කිව්වේ රටේ විවිධ ප්‍රදේශවලින් දිනපතා සිය ගණනක් අසාදිතයින් හමුවන විට සහ දිනපතා පුද්ගලයන්  මිය යන කොට කොරෝනා වෛරසය ප්‍රජාව තුළ නැතැයි බව අප රවටා නොගත යුතු බවයි

ඒක අහන්න මාමා කැමැති නැතුව ඇති.

ඔන්න දැන් මේ කතාව  මහාචාර්යවරයා විසින් විවේචනයට කරපු තවත් දෙයකට අපව කැන්දනවා. ඒ තමයි ඔබ  සභාපති ඇතුළු වෛද්‍ය සභාවේ සාමාජිකයන් පස් දෙනෙකු සේවයෙන් නෙරපා හැරීම. පේන විදිහට,  වෛද්‍ය කවුන්සිලයේ අවුරුදු අනූවකට වැඩි ඉතිහාසයේ මීට පෙර කවදාකවත් මෙහෙම දෙයක් සිදුවී වී නැහැ. නමුත් මීට පෙර ඔබ වැනි ඇමැතිවරියක් සිටියේ නැහැ නොවැ!

ඔබේ පූර්වගාමියා වෙච්ච රාජිතට වෛද්‍ය සභාව සමඟ ගැටලු තිබුණා. එදා හිටපු ජනාධිපති කාලෝව නෙරපා හරින බවට තර්ජනය කළ බවත් අපට මතකයි. නමුත් සාමාන්‍යයෙන් නොසැලකිලිමත් රාජිත පවා එතරම් දුර ගියේ නැහැ. ඔහුට කාලෝ කෙරෙහි තිබූ ගෞරවය නිසා යි. ඔබ, පවිත්‍රදේවි, වෙනනම අච්චාරුවක්. වෙනත් කිසිම අමැත්තෙක් ඇමැත්තියක් වගේ නම් නෙවෙයි.

ඔබ සේවයෙන් නෙරපූ  අය අතර ඉතා ගෞරවනීය මහාචාර්යවරුන් දෙදෙනෙක්ම ඉන්නවා. ඔවුන්ගේ උගත්කම, අවංකභාවය මෙන්ම සමහර අයට ඇසීමට අවශ්‍ය දේ  වෙනුවට ඔවුන් හරි යැයි සිතන දේ වෙනුවෙන් කතා කිරීම වරදක්ද? ඔබ ඔවුන් සේවයෙන් නෙරපීමට හේතුව එයද? එබැවින් දැන් වෛද්‍ය කවුන්සිලය ඔබ කියන ඕනෑම දෙයකට ‘යේස්, මැඩම්’ යැයි කියාවිද?

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය වන GMOA ට මෙම මහත්වරුන් ඉවත් කිරීමට අවශ්‍ය බව අපි දන්නවා. වෛද්‍ය වෘත්තියට කෙහෙමත්ම සම්බන්ධයක් නැති කාරණාවලදී පවා තොප්පියක් වැටෙන විට පවා GMOA විසින් වැඩ වර්ජන කළ හැටි අපට මතකයි. නමුත් ගෝටා මාමා බලයට පත්වූ දා සිට අපට විරෝධතා සද්දයක් ඇහුණේ නැහැ.

රජය සහ GMOA අතර ඇති ගිවිසුම ‘උඹ මගේ පිට කහපන් මං උඹේ පිට කහන්නම්” වගෙයි. ඉතින්, ඔබ ඔවුන්ගේ ලංසු අරගෙන මෙම ප්‍රවීණ මහත්වරුන් නෙරපාහැරියා නේද? GMOA කට්ටියට නම් කරදරයක් නැහැ.

වලිගය විසින් බල්ලා නැටවනවාවත්ද?

කෙසේ වෙතත්, පවිත්‍රාදේවී, සෞඛ්‍ය අමැතිවරිය වන ඔයාට විසදන්න මීට වැඩියේ වැදගත් කාරණා ඇති.  තවමත් කොරෝනා වෛරසය ප්‍රජා සම්ප්‍රේෂණය මට්ටමට ළඟා වී නොමැති බව වංචාකාරී මුහුණක්  නැතිව කියන එක වගේම හොරාම පැනගොස් ශුද්ධ ජලය” මුට්ටි ටිකක් තවත් ගංගාවලට විසි කිරීම වගේ.

දීප්තිමත් පැත්ත දෙස බලන්න දේවී. වසංගතය පාරාදීසයේ තවත් දහස් ගණනක් ආසාදනය වී තවත් සිය ගණනක් මරා දැමුවද, ඔබට දැන් සෑම විටම පියවරක් පසුපසට ගොස් එය සුදර්ශනීගේ වරදක් යැයි කියන්න පුලුවන්

ඔබ අන් කිසිවෙකුටත් වඩා දේව සේවිකවෙක්, පවිත්‍රදේවි!

ඔයාගේ විශ්වාසී,

පුංචි පුතා

පසුව ලියමි: අපි ඔයා මේ සතියේ ආයෙත් මුල් පිටුවල දැක්කා. ඔයා කොරෝනා වෛරසය සුව කලැයි කී මිහිහෙකුගෙන් මී පැණි පානය කරමින් සිටියා. අපට එවැනි ව්‍යවසායකයින් සිටිනවා නම් පර්යේෂණ හා සායනික අත්හදා බැලීම් මක්කටෙයි? ලෝකය බේරා ගන්න පුලුවන් නිකම්ම නිකම් ගෙදර බෙහෙත් අනුමත කරන්න ඔබ වැනි ඇමතිනියන් සූදානම්ද?

( සන්ඩේ ටයිමස් ලිපියක් ඇසුරිණි. ඉහත ඡායාරුපය ද සන්ඩේ ටයිම්ස් කාටූනයක් ඇසුරෙනි)

Archive

Latest news

Related news