Friday, May 17, 2024

ජනාධිපති ලේකම් ජයසුන්දරගේ ලිපිය ඩලස් දන්නේවත් නැහැලු! 

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (පී.යූ.සී.එස්.එල්.) වසා දමන ලෙස උපදෙස් ලබා දී ඇත්තේ සිය අනුදැනුමින් තොරව බව ව අදාළ ඇමැති ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කරයි.

අගමැති රාජපක්ෂ පවා මෙම තීරණය ගැන  දන්නේ නැත.

2021 සඳහා යෝජිත අයවැයට අනුකූලව ජනවාරි 1 වනදා සිට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දමන ලෙස ජයසුන්දර භාණ්ඩාගාර ලේකම්වරයාට නියෝගයක් නිකුත් කර තිබුණි.

මෙම නියෝගය ඉවත් කරන ලෙස ඇමැති වාසුදේව නානායක්කාර අගමැති රාජපක්ෂගෙන් ඉල්ලා සිටින ලද අතර සිය අමාත්‍යාංශ විශය වන ජල කළමණාකරණයද මෙම කොමිසම යටතට වැටෙන බව ඔහු පෙන්වා දී තිබුණි.

ජනාධිපති ලේකම් වන ජයසුන්දර විසින් එම කොමිසම වසා දැමීමට නියෝග කළද විදුලිබල අංශයට නියාමන ආයතනයක් අවශ්‍ය බව අමාත්‍ය අලහපෙරුම තවදුරටත් ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2021 අයවැයෙන් යෝජනා කර ඇත්තේ පී.යූ.සී.එස්.එල් සංශෝධනය කිරීම සඳහා පමණක් බවත්, එබැවින් ජයසුන්දරගේ ලිපිය අනවශ්‍ය මැදිහත්වීමක් බවත් එමගින් අදහස් වේ.

මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ පාර්ලිමේන්තු පනතක් මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලේකම්වරයකුගේ ලිපියකින් අහෝසි කළ නොහැකි බවට අනුර කුමාර දිසානායක විසින් පෙන්වා දී තිබිමයි. “එක්කෝ ජයසුන්දර රටේ නීතිය දන්නේ නැහැ නැත්නම් ජනාධිපති රාජපක්ෂ නීතිය දන්නේ නැහැ.” යැයි ඔහු පාර්ලිමෙන්තුවෙහිදී කියා සිටියේය.

ජයසුන්දර ක්‍රියාකරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය පරිදි බව රහසක් නොවේ. දැන් සිදුව ඇත්තේ ආන්ඩුවේ වම් අත කරන දේ දකුණූ අත නොදැනීම යැයි මේ පිළිබඳ අදහස් දැක්වූ දේශපාලන විචාරකයකු ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත කියා සිටියේ ය.

Archive

Latest news

Related news