මහර ඝාතනයන්හෙළාදැකීමේ සිරකරු අයිතීන් සුරැකීමේ විරෝධතාවයටත් තහනම් නියෝගයක්

810

මහර බන්ධනාගාරයේ සිදු කරන ලද සමූළ ඝාතනයට එරෙහිව  අද දහවල් කොළඹ වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්වීමට සූදානම් කර තිබූ සාමකාමී විරෝධතාවය මහේස්ත්‍රාත් නියෝගයක් මගින් තහනම් කරන ලදී.

විරෝධතාවය සඳහා වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපටට රැස්වූ පිරිසට එතැනින් ඉවත්ව යන ලෙස පොලීසිය නියෝග කරන ලද්දේ කොවිඩ් නිරෝධායන නීති යටතේ තමන්ට මෙවැනි තහනමක් පැනවීමට අයිතියක් ඇතැයි කියමිනි.

එම අවස්ථාවෙහිදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා සහ එහි ලේකම් සුරේශ් නන්දිමාල් ප්‍රශ්ණ කර සිටියේ පොලීසියට එවැනි බලයක් ඇත්ද යනුය.

නීතිඥ අචලා සෙනවිරත්න පුවත්පත් සාකච්ජාව අමතමින්

පොලීසිය විසින් විරෝධතාවය තහනම් කිරීමෙන් පසු පැමිණ සිටි මාධ්‍යවේදීන් හමුවෙහි පුවත්පත් සාකච්ජාවක් පැවැත්වීමට බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයට ගිය පිරිස අතරට පැමිණි බොරැල්ල පොලිස් ස්ථානාධිපති විරෝධතාවය තහනම් කරන මහේස්ත්‍රාත් නියෝගයක් සේනක පෙරේරාට සහ නන්දිමාල්ට බාර දෙන ලදී.

පුවත්පත් සාකච්ජාව දැන් පැවැත්වේ.