Friday, April 26, 2024

ශ්‍රී ලංකාවේ කොවිඩ්19 භයානක මට්ටමක. සංචාරයෙන් වළකින්න – ඇමෙරිකානු අනතුරු හැඟවීමක්

ඇමරිකා එක්සත් ජනපදයේ කොව්ඩ් 19 වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention – CDC) ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් සම්පූර්නයෙන්ම වලකින ලෙස රට ජනයාට අනතුරු අඟවා තිබේ.

මේ අතර ලංකාණ්ඩුවේ ප්‍රකාශනයක් මගින් කියා සිටින්නේ ලබන ජනවාරි මාසයේ සිට සංචාරකයින් පිළිගැනීමට තමන් සූදානම්වන බවයි.

එසේ නමුත් ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය හතරවන මට්ටමෙහි දැඩි අවදානම් තත්වයක පවතින බව පවසන බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථාන නෙහොත් සීඩීසීය මෙරට ගුවන් තොටුපොල, ප්‍රවාහන මාධ්‍ය, නවාතැන්පොලවල් වැනි ස්ථාන සංචාරකයන්ට කොරෝනා වැලඳීමේ ඉහළම සම්භාවිතාව ඇති ස්ථාන ලෙස වැඩිදුරටත් සිය වාර්තාවෙහි සඳහන් කරයි.

මෙම වාර්තාව සකස් කර ඇත්තේ කොවිඩ්-19 සඳහා නොවැම්බර් 21 වන දින සෞඛ්‍ය දැනුම්දීම් පද්ධතියට කරන ලද සංශෝධනය අනුවය.

ඔබගේ සංචාරය අත්‍යාවශ්‍ය එකක් නම් පමණක්, විශේෂයෙන් ඔබට කොවිඩ්-19 නිසා දරුණු රෝගාබාධ ඇතිවීමේ වැඩි අවදානමක් තිබේ නම්, සංචාරය කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න.

ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පෙර හා නැවත එක්සත් ජනපදය වෙත පැමිණීමට පෙර, දින 1 – 3 අතර කාලයේදී පීසීආර් පරීක්‍ෂාවක් සිදුකර ගන්න, සංචාරයේ දී ඔබගේ පරීක්ෂණ ප්‍රතිඵල වල පිටපතක් ඔබ සමඟ තබාගන්න.” යනුවෙන් එම වාර්තාව සඳහන් කරයි.

සීඩීසී ආයතනය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් කොවිඩ්-19 ඉතා අනතුරුදායක කාණ්ඩයට ඇතුළත් කර ඇත.

යුරෝපා සංගමය ද ශ්‍රී ලංකාව ඇතුලත් කර ඇත්තේ විශේෂ හේතුවක් නොමැතිව එම රටවල වැසියනට පැමිණිමට අවසර නැති රටවල් අතරටය.

Archive

Latest news

Related news