Friday, April 26, 2024

දියණියකගෙන් මහර වෙඩි වැදී මිය ගිය තාත්තාට: තාත්තේ ඔබට අපෙ හඬ ඇහෙනව ද? තාත්තේ ටිකක් ඇහැ ඇර බලනව ද?

දින ගණිමින් හිටියෙ තාත්තව දැක ගන්න
තව සති තුනයි නොවැ තිබුණේ ගත වෙන්න
හිතුණේ නැද්ද තව ඩිංගක් ඉවසන්න
කාකි ඇස්වලින් සැඟවී ගෙන ඉන්න
අසාධාරණය දැක නිහඬව ඉවසන්න
පුරුදුවෙලා සිටියේ නැති එක වරද
වෙඩි වැද මිය ගියේ ඔබ නොව අප තිදෙන
කෙලෙසක වාවම් ද අපි මේ රුදු විපත
සතියට වතාවක් මහරට ගිය ගමන
කොවිඩ් වසංගතයෙනි නැවතුණෙ මෙවර
දකිනට නොලැබුමෙන් තාත්තාගේ මුහුණ
අම්මා හිටියෙ කඳුළින් තෙත් වී දෙනෙත
තාත්තේ ඔබට අපෙ දුක පෙනෙනව ද
තාත්තේ ඔබට අපෙ හඬ ඇහෙනව  ද
තාත්තේ ටිකක් ඇහැ ඇර බලනව  ද
අඬන්නෙපා යයි අම්මට කියනව    ද
Buddhi Galappatty  මුහුණු පොතිනි.
ජායාරූපය අද උදේ මහර සිරගෙදර ඉදිරිපිට හඩා වැළපෙන ඥාතියෙකි.  පැදි පෙළ ට අදාල නැත.

Archive

Latest news

Related news