Sunday, May 5, 2024

මාර්සෙල් පර්න්ත්: හය හැවිරිදි නාසි විරෝධී සටන්කරු

දෙවන ලෝක යුද සමයේ ප්‍රංශය යටත් කරගත් පැසිස්ට්වාදී නාසි හමුදවෙන්ට එරෙහි විරුද්ධකම්පෑමේ යුද්ධයේ ලාබලම සටන්කරු වශයෙන් මිය යන විට හය හැවිරිදි වූ මාර්සෙල් පර්න්ත පසුගිය නොවැම්බර් 11 දා ගෞරවාන්විතව නම් කරන ලදී. එදින ඔහුගේ නම අනෙකත් නාසි විරෝධී සටන්කරුවන් අතරට එක් කරන ලදී.

නෙවැමිබර් 11 ද‌ා යනු ප්‍රථම ලෝක යුද්ධයේදී මිතුරු පාර්ශය සහ ජර්මනිය විසින් අත්සන් කරන ලද සටන් නැවැත්වීමේ දිනය වේ. Armistice Day යනුවෙන් එදින තවමත් සමරනු ලැබේ.

සැඟවී සටන් කළ ගරිල්ලා භටයන් අතර පණිවීඩ ගෙනයෑමේ නියුතු වූ පර්න්ත් අහම්බෙන් පත්තු වූ ස්ටෙන් තුවක්කුවකට ගොදුරු වී මිය ගියේ 1944 අගෝස්තු මාසයේදීය.

සටන් විරාම දිනය සමරමින් මධ්‍යම ප්‍රංශයේ ඇක්සෙස්සූර්වියනා නම් කුඩා ගම්මානයකදී එම ගෞරව පිදීමේ උත්සවය පැවැත්වුණි. මන්ද යත් පර්න්ත් මිය ගියේ එම ගම්මානයේදී නිසාය.

ඉයුජින් පර්න්ත් නම් ඔහුගේ පියා විරුද්ධකම්පෑමේ රහසිගත ව්‍යාපාරයේ නායකයකු විය. ඔහු ඇක්සෙස්සූර්වියනා ගම්මානයෙහි පවුලේ ගොවිපොළක සිට ප්‍රතිවිරුද්ධකම් පෑමේ ජාලයක් පවත්වා ගෙන ගියේය.

හය හැවිරිදි මාර්සෙල් පර්න්ත්ට පැවැරී තිබුණේ සිය පියාගේ ගොවිපොළ් සිට අවට පැවැති ඒවැනි අනෙක් ගොවිපොළවලට රහසිගත පණිවිඩ සහ ලිපි ගෙන යෑමය. පරන්ත් සිය පාසල් බැගය කරේ එල්ලා ගෙන ගම්මාන හරහා ගමන් කළේය.

පර්නත් සතු වූ පණිවිඩ මතක තබා ගැනීමේ හැකියාව අනෙක් ගරිල්ලා භටයින්ගේ පුදුමයට හේතු විය. එමෙන්ම ඔහු සිය කමීසය යට ලිපි පවා සඟවා ගෙන ගියේය.

මාර්සෙල් පර්න්ත් නමට නිකුත් වූ “විරුද්ධකම් පෑමේ ස්වේච්ඡා සටන්කරුවන්” සඳහා ලබා දෙන පශ්චාත් මරණ නිල කාඩ්පත

මැකිසර්ඩ්ස් යනුවෙන් හදුන්වන ලද ග්‍රාමීය ගරිල්ලා සටන්කරුවන් සමඟ පර්නත්, වනගතව කාලය ගත කරමින් රහසිගත ක්‍රම ඉගෙන ගත්තේය.

ඔහුගේ පියා ඉයුජින්, ඔහුගේ බිරිඳ පෝල් සහ ඔවුන්ගේ දරුවන් පස්දෙනා විරද්ධකම්පෑමේ සටන්කරුවන් සමඟ රහසිගත ගොවිපොළ රැස්වීම් පැවැත්වූ අතර බ්‍රිතාන්‍ය පැරෂුට් භටයෙකු පවා උඩු මහලේ සඟවා තබාගෙන සිටියහ.

මාර්සෙල් පර්න්ත පිළිබඳව තතු සැගව තිබුණේ යුද්ධ ඉතිහාස කතාකරුවන් පිරිමි ගරිල්ලා භටයින් පිළිබඳව මිස විරුද්ධකම් පෑමේ නියුතු වු ස්ත්‍රීන් සහ ළමයින් ගැන අවධානයක් යොමු නොකළ නිසාය.

විරුද්ධකම්පැමේ සටන්කරුවෙකු සමඟ මාර්සෙල් AFP/COLLECTION GWENOLA BALMELLE

 

නාසි ජර්මනියට එරෙහි අරගලය සඳහා තම කාර්යභාරය ඉටු කිරීමට මාර්සෙල් මහත් උනන්දුවක් දැක්වූ අතර ඔහු ක්වින්කින්නොහොත් කුඩා ළමයායන අන්වර්ථ නාමයෙන් යුත් නියෝජිතයෙකු බවට පත්ව සිටියේය.

ඉයුජින් පවුල අනතුරු නොතකා සිය ගොවිපළේ සිට රහසිගත ගුවන් විදුලි මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගියේය. ගොවිපොළ පිහිටා තිබුණේ ළඟාවීම දුෂ්කර ස්ථානයකය.

මාර්සෙල්ගේ භූමිකාව අවසානයේදී ප්‍රංශ රජය විසින් පිළිගෙන 1950 දී ඔහුට මරණින් පසු විරුද්ධකම්පෑමේ සැරයන් තනතුරක් පිරිනමන ලදී.

ඉන්පසු 2013 දී හිටපු සටන්කරුවන්ගේ සහ යුද වින්දිතයින්ගේ ජාතික කාර්යාලය ඔහුට “විරුද්ධකම් පෑමේ ස්වේච්ඡා සටන්කරුවන්” සඳහා ලබා දෙන පශ්චාත් මරණ නිල කාඩ්පතක් නිකුත් කළේය.

ඔහු මියගිය අවස්ථාවෙහි ගරිල්ලා ජාලය හෙළිදරව්වීම වළක්වනු පිනිස ඔහුගේ මරණ සහතිකය ව්‍යාජ ලෙස සකස් කර තිබුණි.

මාර්සෙල්ග් මරණයෙන් පසු ඊළඟ වතාවෙහි එම ප්‍රදේශයට ගොඩබට බ්‍රිතාන්‍ය පරිෂුට් සටන්කරුවෝ කළු කැන්වස් භාවිත කරමින් ඔහුට උපහාර දක්වා තිබුණි. ඔහුගේ මරණයේ කණගාටුදායක පුවත සටන්කරුවන් අතර පැතිර ගොස් තිබුණි.

මාර්සෙල් පර්නත් මියගියේ ඔවුන් සටන්වැද සිටි ප්‍රදේශය මිත්‍ර හමුදා විසින් මුදා ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදීය. ඔහුගේ දේහය ප්‍රංශ ධජයෙන් වසා තිබුණි.

මර්සෙල්ගේ පියා ඉයුජින් වසය 1951දී මිය යන විට වසය 49න් විය. වීරයකු සේ මියගිය පුතාගේ දේහය අසළ පියාගේ දේහයද තැන්පත් කරන ලදී.

බීබීසී ලිපියක් අසුරිනි.

Archive

Latest news

Related news