Monday, May 20, 2024

රජය විවේචනය කරන මාධ්‍යවේදීන්-වේදිනියන් 200ක ලැයිස්තුවක් පොලීසියට.

2008 වසරෙහි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ප්‍රකාශයට පත්කල පොස්ටරයක්. (c) s.deshapriya

රජය විවේචනය කරන මාධ්‍යවේදීන්ට බාධා කිරීමට රජය කටයුතු කරන බවට චෝදනා කරන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බාකීර් මාකර් එවැනි ජනමාධ්‍ය වාත්තිකයින්ගේ ලැයිස්තුවක් පොලීසියට ලබා දී ඇති බව පසුගිය 20 දා පාර්ලිමේන්තුවෙහි දී ප්‍රකාශ කර තිබේ.

අත් අඩංඟවට ගෙන නඩු පැවරීමට නියමිත මාධ්‍යවේදීන් 200 දෙනෙකුගේ ලැයිස්තුවක් පොලීසියට ලබා දී ඇති බවට මට තොරතුරු තිබේ. අත්අඩංගුවට ගැනීම් දැනටමත් ආරම්භ වී තිබේ.” යැයි ඔහු පවසා ඇත.

එම ලැයිස්තුව සකස්කර ඇත්තේ කවර රාජ්‍ය ආයතනයක් විසින්දැයි බාකීර් මාකර් මහතා සඳහන් කර නැත.

බාකීර් මාකර් 2002 එජාප ආණ්ඩ්ව යටතේ කෙටි කළකට ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස සේවය කළ අතර පසුව අගමැති වික්‍රමසිංහගේ අතපෙවීම් නිසා ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය.

බාකීර් මාකර් වගකීමෙන් අදහස් ප්‍රකාශ කරන දේශපාලනඥයකු ලෙස නමක් දිනා ගෙන ඇති අයෙකි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස කටයතු කළ 2009 වර්ශයේදී ද මෙවැනිම, බුද්ධි අංශ විසින් සකස්කළ බවට කියැවුනු මර්දනය කළ යුතු මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ කාරිනියන්ගේත් ජනමාධ්‍යවේදීන්ගේත් ලැයිස්තුවක් හෙළිදරව් විය.

එම ලැයිස්තුවෙහි එක් එක් පුද්ගලයා ඉදිරියෙන් 9+, සිට 6+ දක්වා ලකුණු සටහන් කර තිබුණි.

තරුණ නායකයෙකු ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මානව හිමිකම් වෙනුවෙන් සටන් කළ බවත්, එවැනි අග්‍රාමාත්‍යවරයකුගේ නායකත්වයෙන් යුත් රජයක් මෙම දිශාවට ගමන් කිරීම නිවැරදි නොවන බවත් පාර්ලිමේන්තු මංත්‍රී බාකීර් මාකර් විසින් එදින පාර්ලිමේන්තුවෙහිදී ප්‍රකාශ කරන ලදී.

එසේ නමුත් තතුදත් ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ 2009 කාලයේදී මෙන්ම වර්ථමානයෙහිිදීද මෙකී මර්දන යන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ මහින්ද රාජපක්ෂ ට බැහැරින් බවයි.

Archive

Latest news

Related news