Tuesday, July 16, 2024

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය එරට මුස්ලිම්වරුන්ට මත්පැන් පානයට සහ අවිවාකව එක්ට ජීවත්වීමට අවසර දෙයි!

එමිරේට්ස්හි ජීවිතය: ඒඑෆ්පී ජායාරූපයකි.

මුස්ලිම් රටක් වන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අවිවාහක යුවළයන්ට කට ජීවත්වීමට, මත්පැන් තහනම ලිහිල් කිරීම සහ ඊනියා “ගෞරවනීය ඝාතනනිර්අපරාධකරණය කිරීම සඳහා රටේ ඉස්ලාමීය පුද්ගලික නීති විශාල වශයෙන් වෙනස් කිරීන බව පසුගිය 07වන සෙනසුරාදා නිවේදනය කළ බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.

ස්ත්‍රියක් සහ පුරුෂයකු විවාහකව එකට ජීවත්වීම සහ මත්පැන් ළග තබා ගැනීම සහ පානය කිරිම ඉස්ලාමීය නීතිය අනුව බරපතල දඩුවම් ලැබිය හැකි වරදකි.

පුද්ගලික නිදහස පුළුල් කිරීම මගින් පිළිබිඹු වන්නේ ඉස්ලාමීය නීතිය පිළිබඳ දැඩි අර්ථකථනයක් මත පදනම් වූ නීති පද්ධතියක් තිබියදීත්, වෙනස් වන සමාජයක් සමඟ වේගයෙන් ගමන් කිරීමට දරන උත්සාහය පිළිබිඹු කිරිමක් බව ද එම වාර්තාව සදහන් කරයි.

මෙම වෙනස්කම් සිදු කර ඇත්තේ වැඩි වැඩියෙන් විදේශ ආයෝජන සහ සංචාරකයින් ගෙන්වා ගැනීමද අරමුනු කරගෙනය.

මෙම වෙනස්කම් මගින වසය 21 වැඩි අය මත්පැන් පානය කිරීම, විකිණීම සහ සන්තකයේ තබා ගැනීම සදහා අවසර ලැබේ. මෙම වෙනස්කම් රාජ්‍ය ජනමාධ්‍යිසින් සවිස්තරාත්මකව ප්‍රකාශයට පත් කරන ලදී.

මීට පෙර, එරට වාසය කරන ඕනෑම පුද්ගලයකුට තම නිවෙස්හි මත්පැන් තබා ගැනීමට, මිලදී ගැනීමට, ප්‍රවාහනය කිරීමට හෝ පානය කිරීමට මත්පැන් බලපත්‍රයක් අවශ්‍ය විය. නව රීතිය මඟින් බලපත්‍ර ලබා ගැනීම අහෝසි කර ඇති අතර එමගින් එරට මුස්ලිම්වරුන්ට නිදහසේ මත්පැන් පානය කිරීමට ඉඩ සැලසේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීර් කාලයක් තිස්සේ “අවිවාහක ජෝඩු එක්ව ජීවත්වීම” සඝකන ලද්දේ අපරාධයක් ලෙසය.

පවුලකට අගෞරවයක් කළැයි සැළකෙන කාන්තාවකට පහරදීම සම්බන්ධයෙන් පිරිමි ඥාතියෙකු නඩු පැවරීමෙන් වැළකී සිටිය හැකි “ගෞරවනීය අපරාධ” ආරක්ෂා කරන නීති ඉවත් කිරීමට ද එරට රජය තීරණය කර තිබේ.

විදේශිකයන් නවයට ස්වදේශිකයින් එක් අයකු වැනි සංඛ්‍යාවක් සිටින රටක, මෙම සංශෝධන මගින් විවාහය, දික්කසාදය සහ උරුමය වැනි කාරණා සම්බන්ධයෙන් ඉස්ලාමීය ෂරියා අධිකරණයෙන් වැළකී සිටීමට විදේශිකයන්ට අවසර ලැබේ.

Archive

Latest news

Related news